ද්වාරය:ආසියාව
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2020 නොවැම්බර්)
|
හැඳින්වීම
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.[1]
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි[2]. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.
තෝරාගත් ලිපි
- Image 1
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරය නැගෙනහිර දෙසින් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි. (තව දුරටත්...) - Image 2
ටජිකිස්ථානයේ නිල නාමය වනුයේ 'ටජිකිස්ථාන් ජනරජය' යන්නයි. මෙය මධ්‍යම ආසියාවේ පිහිටි ගොඩබිමින් වටවී තිබෙන කඳු සහිත රාජ්‍යයකි. දකුණින් පිහිටි ඇෆ්ගනිස්ථානයත්, බටහිරින් වූ උස්බෙකිස්ථානයත්, උතුරින් කිර්ගිස්ථානය සහ නැගෙනහිරින් වූ මහජන චීන සමූහාණ්ඩුවත් මෙරටෙහි දේශ සීමාවන් වේ. එසේම ටජිකිස්ථානය පිහිටා ඇත්තේ 'වඛාන්' (Wakhan) නමින් හඳුන්වන පටු තීරයෙන් පමණක් වෙන්ව, පකිස්ථානයට යාබදවය. ටජිකිස්ථාන් ජනගහණයෙන් වැඩි සංඛ්‍යාවක් අයත් වන්නේ, පර්සියන් බස කථා කරන 'තජික්' ජනවාර්ගික කොට්ඨාශයටය. මෙම ජන කොට්ඨාශය ඇෆ්ගනිස්ථානය සහ ඉරානය යන රටවල භාෂාවේ, සංස්කෘතියේ හා ඉතිහාසයේ කොටස්කරුවෝ වෙති. 20 වැනි සියවසේ දී වරක් 'සමනිඩ්' අධිරාජ්‍යයේ කොටසක් වශයෙන් තිබියදී ටජිකිස්ථානය සෝවියට් සමූහාණ්ඩු සංගමයේ එක් ස්ථාපිත සමූහාණ්ඩුවක් ව පැවතිණි. එකල එය හඳුන්වන ලද්දේ 'සෝවියට් සමාජවාදී ටජික් සමූහාණ්ඩුව' යනුවෙනි. මෙම මධ්‍යම ආසියානු සමූහාණ්ඩුවේ 90% ක්ම වැසී ඇත්තේ කඳු වලිනි.
නිදහස ලැබීමෙන් අනතුරුව 1992 සිට 1997 දක්වා පැවති විනාශකාරී සිවිල් යුද්ධයෙන් ටජිකිස්ථානය මහත් පීඩා වින්දේය. යුද්ධය නිමා වීමෙන් පසු රටතුළ ස්ථාපිත වූ දේශපාලන ස්ථාවරත්වය සහ ලැබු විදේශ ආධාර රටෙහි ආර්ථිකය වර්ධනය විමට ඉඩ ප්‍රස්තා සැලසීය. කපු සහ ඇලුමිනියම් කම්බි වැනි වෙළඳ ද්‍රව්‍ය අලෙවිය, මෙම ස්ථාවර ආර්ථිකයේ අභිවෘද්ධියට දායකත්වයක් සැපයීය. (තව දුරටත්...) - Image 3මෙම පිටුව රට පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ලංකාව බලන්න.ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිලෝන් ලෙස හැඳින්වු අතර වර්තමානයේ නිල වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින, ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින්ද හදුන්වයි. විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචලිත ද විය. මෙය දකුණු ආසියානු දූපතකි. එය ඉන්දියානු සාගරයේ, බෙංගාල බොක්කෙහි නිරිත දෙසින් සහ අරාබි මුහුදේ ගිනිකොන දෙසින් පිහිටා ඇත; එය ඉන්දියානු උප මහද්වීපය මන්නාරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය මගින් වෙන් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම ප්‍රධාන මුහුදු මාර්ගවල පිහිටීම හේතුවෙන් බටහිර ආසියාව සහ අග්නිදිග ආසියාව අතර උපායමාර්ගික නාවික සම්බන්ධකයක් ලෙස එය පුරාණ කාලයේ සිටම භාවිතය ගැණුනි. ඉන්දියානු ජනරජය සහ ශ්‍රී ලංකා ජනරජය 1976 මාර්තු 23 වන දින මනාර් බොක්ක සහ බෙංගාල බොක්කෙහි සමුද්‍ර මායිම් ස්ථාපිත කරමින් ගිවිසුමක් අත්සන් කරන ලදී. ශ්‍රී ලංකාවට ආසන්න ම රටවල් ලෙස ඉන්දියාව සහ මාලදිවයින හැදින්විය හැකිය.
ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කි.මී 65,610 (වර්ග සැතපුම් 25,330) වේ. එය ලොව 123 වැනි විශාලතම රට වන අතර විශාලතම දූපත් අතරින් 25 වන ස්ථානයෙ සිටියි. එහි භූමි ප්‍රදේශය පළාත් නවයකට සහ දිස්ත්‍රික්ක විසිහතරකට වෙන් කර ඇත. රට පළාත් 9 කින්, දිස්ත්‍රික්ක 25 හා ප්‍රදේශිය ලේකම් කොට්ටාශය 331 හා ග්‍රාම නිලධාරි කොට්ටාශ 14,022 කින් සමන්විත වේ. අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ වන අතර විශාලතම නගරය කොළඹ වේ. කොළඹ ජාතියේ ආර්ථික, දේශපාලන කේන්ද්‍රස්ථානයයි. (තව දුරටත්...) - Image 4
භාරතය දකුණු ආසියානු රටකි. එය ජම්බුද්වීපය, හින්දුස්ථාන් හා ඉන්දියාව යන නම්වලින් ද හැඳින්වේ. ප්‍රමාණය අතින් ලොව සත්වන තැන භාරතයට හිමිවෙයි. 2023 ජුනි මස වන විට චීනය අභිභවා ඉන්දියාව ලෝකයේ වැඩිම ජනතාවක් වෙසෙන රට විය. එමෙන්ම ප්රජාතන්ත්රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති භාරතය බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද භාරතයට ආසන්න ව පිහිටයි. භාරතයට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. භාරතය සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.
අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ධර්මය, බුදු දහම, ජෛන ධර්මය සහ සිඛ ධර්මය යන ප්‍රධාන ධර්ම හතරක් භාරතයේ බිහිවුණ අතර ශරතුස්ත්‍රවාදය (Zoroastrianism), යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මගින් එක්සත් රාජධානියට අයත් යටත් විජිතයක් කර ගන්නා ලද භාරතය අවිහිංසාවාදී අරගලයකින් පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. (තව දුරටත්...) - Image 5
භූතාන රාජධානිය යනු ස්වෛරීය රාජ්‍යයකි. සෑම පැත්තෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රට දකුණු ආසියාතික රටකි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද, උතුරින් ටිබෙට් ස්වතන්ත්‍රික ප්‍රදේශයට ද මායිම් වී ඇත. භූතාන ජාතිකයෝ තම රට "මකරාගේ දේශය" යන තේරුම දෙන Druk Yul යන නමින් හඳුන්වති.
භූතානය කලක් යනතුරුම ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස පැවතුණි. වර්තමානය වන විට අන්තර්ජාතික ගුවන් ගමන්, අන්තර්ජාලය, ජංගම දුරකථන ජාල සහ රූපවාහිනී සේවා නිසා රටේ නාගරික ප්‍රදේශ නවීකරණය වී ඇත. නමුත් දළ ජාතික සතුට (GNH) සංකල්පය ඔස්සේ පැරණි සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනුව යමින් මෙම නවීකරණය පාලනය කිරීමට භූතානය පියවර ගෙන තිබේ. පරිසර සංරක්ෂණයට ද වැඩි ප්රමුඛත්වයක් ලබා දි ඇත. භූතාන රජය සැම විටම රටේ සංස්කෘතිය, සංස්කෘතික අනන්‍යතාවය සහ පරිසරය සුරැකීමට ක්‍රියා කරයි. 2006 දී ලෙයිචෙස්ටර් විශ්වවිද්‍යාල සමීක්ෂණයකට අනුව සතුටෙන්ම දිවි ගෙවන ජනතාවක් සිටින රටවල් අතරින් දකුණු ආසියාවෙන් පළමුවැනි තැන ද, ලෝකයෙන් අටවැනි තැන ද භූතානයට හිමිවන බව Business Week සඟරාව වාර්තා කළේය. (තව දුරටත්...) - Image 6
නැගෙනහිර ටිමෝරය (i/ˈtiːmɔr/, අහන්න) ටිමෝර්-ලෙස්ටේ ලෙසද හැඳින්වේ.(/tiˈmɔr ˈlɛʃteɪ/; පෘතුගීසි උච්චාරණය: [ti'moɾ 'lɛʃ.tɨ]; ), නිල වශයෙන් ටිමෝර්-ලෙස්ටේ ප්රජාතන්ත්රවාදී ජනරජය (පෘතුගීසි: República Democrática de Timor-Leste,) අග්නිදිග ආසියාවේ දූපත් රටකි. එය ටිමෝර් දිවයිනේ නැගෙනහිර අර්ධය, වයඹ අර්ධයේ ඔයකසී එක්ස්ක්ලේව් සහ කුඩා දූපත් වන අටවුරෝ සහ ජැකෝ වලින් සමන්විත වේ. ඕස්ට්‍රේලියාව යනු ටිමෝරය මුහුදෙන් වෙන් වූ රටේ දකුණු අසල්වැසියා වේ. රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් 14,874 (වර්ග සැතපුම් 5,743) වේ. දිලී එහි අගනුවරයි.
නැඟෙනහිර ටිමෝරය දහසයවන සියවසේදී පෘතුගීසි බලපෑමට යටත් වූ අතර, 1975 දක්වා පෘතුගීසි යටත් විජිතයක්ව පැවතුණි. අභ්‍යන්තර ගැටුම් ඒකපාර්ශ්වික නිදහස ප්‍රකාශ කිරීමට සහ ඉන්දුනීසියානු ආක්‍රමණයට හා ඈඳා ගැනීමට පෙරාතුව විය. ඉන්දුනීසියානු පාලනය පුරාවටම ප්‍රතිරෝධය අඛණ්ඩව පැවති අතර, 1999 දී එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් ස්වයං නිර්ණ පනතක් මගින් ඉන්දුනීසියාව භූමියේ පාලනය අත්හැරීමට හේතු විය. ටිමෝර්-ලෙස්ටේ ලෙස, එය 2002 මැයි 20 වන දින 21 වන සියවසේ පළමු නව ස්වෛරී රාජ්‍යය බවට පත් විය. (තව දුරටත්...) - Image 7
කාම්බෝජියා රාජධානිය ගිනිකොන ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා නිරිත දෙසින් තායිලන්තයෙන්ද, උතුරින් ලාඕසය, නැගෙනහිරින් හා ගිනිකොණින් වියට්නාමයෙන්ද, දකුණින් තායිලන්ත ආගාධයට ද මායිම් වේ. කාම්බෝජියාවේ භූගෝලීය පසුබිම බැලු කල මීකොන්ග් ගංගාව ප්‍රධාන වේ. කාම්බෝජියාහි ව්‍යවස්ථාදායක රාජ්‍යතන්ත්‍රයක් තිබෙන අතර, නොම් පෙනේ එහි අගනුවර වෙයි. එය එරට විශාලතම නගරයද වේ. ආර්ථික, කර්මාන්න, වානිජ සහ සංස්කෘතික කේන්ද්‍ර ස්ථානයද මෙම නොම් පෙනේ නගරයයි . සියම් රීප් යනු පෞරාණික ප්‍රදේශයක් ලෙස ප්‍රකට අන්ගෝබොට් සහ අන්ගෝ ප්‍රදේශයට ඇති ප්‍රවේශය කාම්බෝජියාව සතු ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයවේ. බටම්බන්ග් බටහිර කාම්බෝජියාවේ පිහිටි විශාලතම නගරයවේ. මෙහි සහල් නිෂ්පාදනයට මූලික තැනක් හිමිවේ. සිහනොක්විල් වෙරළබඩ නගරය එරට මුලික වරාය වේ. කෘෂිකර්මය කාම්බෝජියානු ආර්ථිකයේ ප්‍රධාන අංගයයි. ජනගහනයෙන් 59% ක් කෘෂිකර්මය, ඔවුන්ගේ ජිවනෝපාය බවට පත්කොට ගෙන තිබේ. ඇඟලුම්, සංචාරක හා ඉදිකිරීම් කර්මාන්තද එරට වැදගත් කර්මාන්ත අතර වේ. ඇන්කොබොට් වෙත ලඟාවෙන විදේශිකයන් ගණන මිලියන 4 ක් ලෙස 2005 වර්ෂයේ සඳහන් විය. තෙල් සහ ස්වාභාවික ගෑස් නිධි කාම්බෝජියාවේ ජලජ ප්‍රදේශවලින් හමු වී ඇත. වානිජ කැණීම් 2011 ආරම්භ වු පසු මෙම තෙල් නිධි කාම්බෝජියානු ආර්ථිකයට ගැඹුරු ලෙස බලපානු ඇත. නිරීක්ෂකයින් පවසන පරිදි මෙම නිධි මනා ලෙස ආරක්ෂා කර නොගතහොත් ඒවා බොහෝමයක් සංවර්ධිත රටවල්වලින් හා දේශපාලන බලවතුන් විසින් අත්කර ගනු ලබනු ඇත.
වර්ථමානයේ ඛ්මේර් රාජය ලෙස හදුන්වයි.[තහවුරු කර නොමැත] (තව දුරටත්...) - Image 8
ඉරාකයේ නිල නාමය 'ඉරාක ජනරජය' යන්නය. ඉරාකය 'සක්රොස්' (Zaqros) කඳු පෙලෙහි වයඹ දිග කෙළවරෙහි වැඩි ප්‍රදේශයක් පුරා විහිදී පවත්නා බටහිර ආසියාවට ද, සිරියානු කාන්තාරයේ නැගෙනහිර කොටසට ද, අරාබියානු කාන්තාරයේ උතුරු දිග කොටසට ද විහිදී පවත්නා රටක් වෙයි. (තව දුරටත්...) - Image 9
මාලදිවයින (ඉංග්‍රීසි - Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖެ දිවෙහි රාජ්ජේ), නිල වශයෙන් මාලදිවයින් ජනරජය (ඉංග්‍රීසි - Republic of Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ දිවෙහි රාජ්ජේ ජමහාරියා) ඉන්දියානු සාගරයේ ඇති දූපත් රාශියකින් සැදුනු කුඩා රාජ්‍යකි. එය දූපත් පොකුරු 26 කින් සමන්විත වන අතර, ලක්ෂද්වීප් දූපත් වලට නුදුරින් මිනිකොයි දූපත් සහ චාගොස් කොදෙව්ව අතරින්, ලක්ක්දිව් මුහුදේ, ඉන්දියාවට කිලෝ මීටර 400 නිරිත දිගින් සහ ශ්‍රී ලංකාවට කිලෝ මීටර 700ක් නිරිත දිගින් පිහිටා ඇත.
දහසය වන සියවසේ සිට පෘතුගීසි, ඕලන්ද සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අවධානයට ලක් වූ මාලදිවයින, බ්‍රිතාන්‍ය යටතේ කටයුතු කල සුල්තාන් වරයෙකුගේ පාලන ක්‍රමයකින් මිදී 1965 දී පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත් විය. (තව දුරටත්...) - Image 10
කටාර් රාජ්‍යය යනුවෙන් ද නැතහොත් දේශිය වශයෙන් 'දව්ලත් කටාර්' (Dawlat Qatar) යනුවෙන් ද මෙරට හඳුන්වයි.කටාර් රාජ්‍යය මැදපෙරදිග පිහිටි ආරාබියානූ එමීර් රාජ්‍යයට අයත් (Emirate) අරාබි අර්ධද්විපයේ ඊසාන දිග වෙරළ තීරයෙහි පිහිටා ඇති කුඩා රටකි. දකුණු දෙසින් සවුදි අරාබිය නොවුයේ නම්, පර්සියන් මුහුදු බොක්කෙන් මෙරට සිව් දෙසම වටවන්නට ඉඩ තිබිණි. ආසන්නයෙහි පිහිටි බහරේන් දූපත, කටාර් රාජ්‍යයෙන් වෙන් වෙන්නේ පර්සියන් ගල්ෆ් සමුද්‍ර සන්ධියෙනි.
කටාර් රාජ්‍යය ඛණිජ තෙලින් හා ගෑස් සම්පතින් පොහොසත් රටකි. ලොව විශාලත්වයෙන් තෙවනි තැන ගන්නා ගෑස් සංචිතයන් ද ඉහළම එක් පුද්ගල ආදායම වාර්තා වන්නේද මෙරටිනි. පරිපූර්ණ රාජාණ්ඩුවක් වන කටාර් රාජ්‍යය වර්ෂ 1800 යේ මැද භාගයේ සිටම පාලනය කරන ලද්දේ 'අල්තානි' පවුල විසිනි. එවකට දිළිදු රාජ්‍යයක්ව පැවති කටාර් රාජ්‍යය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීය. පසුව ඛණිජ තෙල් සහ ස්වාභාවික ගෑස් නිෂ්පාදන ක්ෂේත්රයෙහි ලා කැපී පෙනුණු වර්ධනයත් සමග ඉහළ ආදායම් තත්ත්වයක් සපිරි, ස්වාධීන රාජ්‍යක් බවට ක්‍රමයෙන් පරිවර්තනය විය.වර්ෂ 1972 පටන් මෙරට පාලනය කළ රාජ්‍ය නායකයා (එමීර් ) විසින් ඛණිජ තෙලින් ඉපැයූ ආදායම් නිරන්තරයෙන් අපගමනය කිරීම (Siphoni off) හේතු කොට ගෙන අසූව දශකයේ පසුභාගයෙහිද අනූව දශකයේ මුල් කාලසීමාවන් හිදි ද, කටාර් ආර්ථිකය ප්‍රපාතයට ඇද වැටිණි. ඔහුගේ පුත් එනම් වර්තමාන පාලකයා (එමීර්) වන හමාඩ් බින් කලීෆා අල්තානි 1995 වසරේ දියත් කළ ලේ වැගිරීමකින් තොරව සිදුකළ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පියාව පාලනයෙන් නෙරපා හැරිණි. බහරේන් සහ සවුදි අරාබිය සමග දිගු කාලයක් පුරා පැවති දේශසීමා ආරවුල 2001 වසරේ දී විසදා ගැනීමට කටාර් රාජ්‍යය සමත් වන ලදී. (තව දුරටත්...) - Image 11
ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය, එසේත් නැතිනම් පොදු ව්‍යවහාරයට අනුව ඇෆ්ගනිස්ථානය යනු දකුණු-මධ්‍යම ආසියාවේ පිහිටි සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ කඳුකර රාජ්‍යයකි. එය දකුණින් සහ නැගෙනහිරින් පාකිස්ථානයට ද, බටහිරින් ඉරානයට ද, උතුරින් තුර්කමෙනිස්ථානයට, උස්බෙකිස්ථානයට සහ ටජිකිස්ථානයට ද, ඊසානදිගින් චීනයට ද මායිම් වී ඇත. වත්මන් ඇෆ්ගනිස්ථාන භූමිය අතීතයේ දී සේද මාවතේ සහ මානව සංක්‍රමණයේ සන්ධිස්ථානයක් විය. ක්‍රිපූ 50,000 තරම් ඈත අතීතයේ මෙහි මිනිස් වාසය පැවති බවට සාක්ෂි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. මේ ප්‍රදේශයේ නාගරික ජනාවාස ක්‍රිපූ 3000-2000 අතර කාලයක ඇරඹෙන්නට ඇතැයි සැළකේ.
කාලයත් සමග ජනවර්ග රාශියක් ජීවත් වී ඇති ඇෆ්ගනිස්ථානය, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිගත් ඉන්දියානු උපමහාද්වීපයත් යා කරන වැදගත් ස්ථානීය පිහිටුමක පවතියි. මේ නිසාම පුරාණයේ සිටම මහා ඇලෙක්සැන්ඩර්, මෞර්ය අධිරාජ්‍යය, ජෙන්ගිස් ඛාන් වැන්නන්ගේ හමුදා ආක්රමණවලට ඇෆ්ගනිස්ථානය ගොදුරු වී ඇත. (තව දුරටත්...) - Image 12
උතුරු කොරියාව, හෙවත් නිල වශයෙන් හඳුන්වන පරිදී ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව (DPRK) නැගෙනහිර ආසියාවේ පිහිටි කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසේ පිහිටි රටකි. මෙය ට උතුරින් චීනයත් රුසියාවත් අම්නොක් ගඟින් (චීන බසින් 'යාලු' ගඟ) හා ටුමෙන් ගඟින් වෙන් වන අතර දකුණින් දකුණු කොරියාව අධි ආරක්ෂිත කොරියානු යුධ මුක්ත කලාපයෙන් වෙන් වේ. උතුරු කොරියාව, දකුණු කොරියාව ආකාරයෙන්ම මුළු අර්ධද්වීපයේත් ආසන්න දූපත්වලත් පාලනය හිමි රජය බවට හඳුන්වාගනී. මෙහි අගනුවර හා විශාලතම නගරය වන්නේ පියොංයෑන් නගරය යි.
1910 දී ජපාන අධිරාජ්‍ය විසින් කොරියාව යටත් කරගන්නා ලදී. දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපානය යටත් වීමත් සමඟ කොරියාව කොටස් දෙකකට බෙදා උතුරු කොටස සෝවියට් සමූහාණ්ඩුව යටතේත්, දකුණු කොටස ඇමෙරිකානු එක්සත් ජනපදය යටතේත් පාලනය කෙරිණ. නැවත එක් කිරීමට තිබූ සාකච්ඡා අසාර්ථක වූ අතර 1948දී රජයන් දෙකක් පිහිටුවනු ලැබිණ, එනම්: උතුරේ "ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව" හා දකුණින් ධනවාදී "කොරියානු ජනරජය" පිහිටවනු ලැබීය. උතුරු කොරියාව විසින් ඇරඹි ආක්‍රමණයකින් කොරියානු යුද්ධය (1950-1953) ඇරඹිණ. සටන් විරාම ගිවිසුමකින් යුද්ධය නතර වූවද සාම ගිවිසුමක් අත්සන් නොකෙරුණි. (තව දුරටත්...) - Image 13
පිලිපීන (i/ˈfɪləpiːnz/ FIL-ə-peenz; Tagalog: Pilipinas [ˌpɪlɪˈpinɐs] or Filipinas [ˌfɪlɪˈpinɐs]) සමූහාණ්ඩුව බටහිර පැසිෆික් සාගරයේ ගිනිකොණ ආසියාවේ පිහිටි රටකි. මායිම් උතුරින් ලුසාන් සමුද්‍ර සන්ධිය, බටහිරින් හා දකුණින් චීන මුහුද, නිරිතදිගින් සුලූ මුහුද, නැගෙනහිරින් පිලිපීන මුහුදට මායිම් වේ. කොදෙව් දුපතක් වන මෙම දූපත් 7,641 හා භූගෝලීය වශයෙන් ප්‍රදේශ 03 වන ලූසෝන්, විසායාස් හා මන්ඩානෝ වලට බෙදේ. අගනුවර වන්නේ මැනිලාය. ජනගහනය මිලියන 92 වන අතර ලෝකයේ ජනාකීර්ණ 12 වන නගරයයි. විදේශ රටවල පිලිපීන ජාතිකයන් මිලියන 11 වෙසේ.සෞම්‍ය දේශගුණය ජෛව විවිධත්වයෙන් ඉහළය. මෙහි මුල් පදිංචිකරුවන් වශයෙන් නෙග්රිටෝ ජනයා විසීය. මොවුන්ගෙන් පසු ඔස්ට්‍රොනේසියන් ජනතාව මැලේ, හින්දු සහ ඉස්ලාම් සංස්කෘතීන් ගෙන ආවේය. චීනුන් විසින් වෙළදාම හඳුන්වා දෙනු ලැබීය. 1521 ෆර්ඩිනන් මැගලන් ස්පාඤ්ඤ යුගයක් ඇති කළේය. 19 වන 20 වන ශත වර්ෂ වල පැවති යුධමය හා විප්ලවකාරී පසුබිමකින් පසු ඇමරිකාව ස්පාඤ්ඤය හට බලය පවරන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිලිපීනය නිදහස ලැබීය. (තව දුරටත්...) - Image 14
ලෙබනන් සමුහාණ්ඩුව නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් සිරියාවටත්, දකුණින් ඊශ්‍රායලයටත්ය. ලෙබනනයේ මධ්‍යධරණියේ හා අරාබියේ පිහිටීම මත එයට පොහොසත් ඉතිහාසයක්, සංස්කෘතිමය අනන්‍යතාවයක්, ආගමික හා මානව විවිධත්වයක් ලැබී ඇත. එහි ඉතිහාසයට අනුව මීට වසර 7000 ට පෙර මානව ශිෂ්ඨාචාරයක් පැවතුණි. එය අවුරුදු 2500 ක සිට ෆිනිෂියන්වරුන්ගේ කාලයේ සිට පැවැත එන්නකි. 2 වන ලෝක යුද්ධයෙන් පසු ඔටොමන් අධිරාජ්‍යයේ කඩා වැටිමත් සමඟ එහි තිබු ප්‍රදේශ 5 ක් නිල වශයෙන් ප්‍රංශය යටතට ගන්නා ලදි. ප්‍රංශය විසින් ලෙබනනයේ මායිම් වන මවුන්ට් ප්‍රදේශය පුළුල් කරන ලදි. එහි මැරොනයිට් කතෝලිකයන් සහ වැඩි වශයෙන් මුස්ලිම්වරුන් පදිංචි කරන ලදි.1943 දි මෙම රට නිදහස ලැබු අතර ඔවුන් පාපොච්චාරණ ප්‍රතිපත්ති ප්‍රකාශය යනුවෙන් දේශපාලන පද්ධතියක් නිර්මාණය කළ අතර, එය ආගමික සංවිධාන මත බලය බෙදීමේ ක්‍රියාවලියකි. 1975 – 1990 පැවැති සිවිල් යුද්ධයට පෙර එරටෙහි සාමය හා සෞභාග්‍යය පැවති අතර සංචාරක, කෘෂිකාර්මික හා බැංකු කටයුතු පැවතුණි. එහි තිබු ආර්ථික බලය හා විවිධත්වය හේතුවෙන් එය නැගෙනහිර ස්විස්ටර්ලන්තය වශයෙන් හඳුන්වනු ලැබීය. එය විශාල සංචාරකයින් ඇදගත් අතර අගනුවර වන බීරුට් මැදපෙරදිග පැරිසිය වශයෙන් හඳුන්වනු ලැබීය. 2006 ජූලි 26 වන තෙක් ලෙබනනයේ ස්ථිරත්වයක් පැවති අතර 2006 ඊශ්‍රායලය හා හිස්බුල්ලා අතර යුද්ධයෙන් සිවිල් ජනතාව මරණයට පත් වු අතර එහි සිවිල් පද්ධතියට හානි පැමිණියහ. එහි පැවැති මනා ආර්ථික පාලනය හේතුවෙන් 2007 – 2010 පැවැති ආර්ථික අර්බුදයෙන් එහි බැංකු කටයුතු වලට හානියක් නොවීය. ලෝක ආර්ථික පසුබෑම අභියස ලෙබනනය ආර්ථික වර්ධනය 90% හා එහි ඉතිහාසයේ විශාලතම සංචාරකයන් පිරිසකට සත්කාර කළහ. (තව දුරටත්...) - Image 15
නිල වශයෙන් කසක්ස්තාන සමූහාණ්ඩුව යනුවෙන් හඳුන්වන කසක්ස්තානය යනු රුසියාවට දකුණු දෙසට වන්නට පිහිටි ලෝකයේ 9 වන විශාලතම රාජ්‍යයයි. වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය.එහි අසල්වැසියන් වන්නේ උතුරින් පිහිටි රුසියාව, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටර්ක්මෙනිස්ථානය ය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන තැනට විශාල ජනගහනය වන අතර ජන ඝනත්වය වර්ග කි.මී. 1 කට 6 දෙනෙක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය, පෙර නෝමන් වරුන් විසූ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රුසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණ්ඩුව විය. 1991 දෙසැම්බර් 16 වෙනිදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවක් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි සංවිධානයේ වේ. මෙහි ජාතීන් වශයෙන් 131 වන අතර කසාක් රුසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාක් වරුන්ය. මෙය රාජ්‍ය ආගම් නිදහස අගය කරන අතර ඉස්ලාම් මූලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාක්ය. (තව දුරටත්...) - Image 16
බෲනායි නිල වශයෙන් බෲනායි දරුසලාමි හෝ බෲනායි රාජ්‍ය නමින් හැඳින්වේ. සාමයේ මුලස්ථානය (මැලේ, නෙගාරා බෲනායි දරුසලාම්, ජාවී)වන බෲනායි රාජ්‍යය දකුණු ගිණිකොන ආසියාවේ බෝනියෝහි උතුරු වෙරල තීරයෙහි පිහිටා ඇත. දකුණු චීනයේ වෙරළ තීරය හැරුණුකොට, එය සම්පූර්ණයෙන්ම මැලේසියාවේ සාරවත් රාජ්‍යයන්ගෙන් වට වී ඇත. තවද එය කොටස් දෙකකට වෙන් වී ඇත. එය ලිම්බාත් වලින් වෙන් වී ඇත. බෲනායි හි ඉහළම මානව වර්ධන ලැයිස්තුව පිහිටා ඇති රටක් වන අතර, එය දකුණු ගිනිකොණ රාජ්‍යයන් අතර වේ. සිංගප්පූරුව සංවර්ධිත රටක් ලෙස ලැයිස්තු ගත කර ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව (IMF), බෲනායි දල ගෘහස්ථ නිෂ්පාදිත මිලදී ගැනීම් අනුව ලෝකයේ හතරවන ස්ථානයේ සිටී.
(තව දුරටත්...) - Image 17
කීර්ගිස්තානය නිළ වශයෙන් කීර්ගිස්තාන් සමුහාණ්ඩුව, මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරින් කසක්ස්තානය, බටහිරින් උස්බෙකිස්ථානය, නිරිත දෙසින් ටජිකිස්තානය සහ නැගෙනහිරින් චීනයට ය. පුරාවෘත්තයක සඳහන් මනාස් යන වීරයාගේ ගෝත්‍රයන් 40 යක නාමයෙන් බිදී ආ නමක් ලෙස කීර්ගිස්තානය හඳුන්වයි. ඒ රටේ ජාතික කොඩියේ ඇති හිරු කිරණ 40 යෙන් එම ගෝත්‍ර 40 විදහා දක්වයි. (තව දුරටත්...) - Image 18
අසර්බයිජානය යන නමින් නිල වශයෙන් හඳුන්වනු ලබන මෙම රට යුරේෂියාහි කෝකසස් ප්‍රාන්තයේ පිහිටි රටකි. බටහිර ආසියාව හා නැගෙනහිර යුරෝපය අතර පිහිටා ඇති අතර එහි මායිම් වන්නේ නැගනෙහිරින් කැප්සියන් මුහුදත්, උතුරින් රුසියාව, ඊසාන දෙසින් ජෝර්ජියාව, බටහිරින් ආමේනියාව හා දකුණින් ඉරානයත්ය. නකචිවා මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් ආමේනියාවත්, බටහිරින් හා දකුණින් ඉරානයට හා කෙටි දේශසීමාවකින් යුත් වයඹ තුර්කියට වේ. බහුතරයක් ආමේනියානුවන් වෙසෙන නගොනෝ තරබන් ප්‍රාන්තය අසර්බයිජානයේ නිරිත දෙසින් පිහිටි අතර, එය 1991 අසර්බයිජානයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. නමුත් එය කිසිදු රාජ්‍යයකින් රාජතාන්ත්‍රික වශයෙන් පිළිනොගන්නා බැවින් තවමත් අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගනියි. අසර්බයිජානයේ වෙසෙන ජනයාගෙන් බහුතරයක් තුර්කි හා මුස්ලිම් ජාතිකයින් වන අතර, ලෞකික හා ඒකාබද්ධ සමුහාණ්ඩුවක් පවතින පැරණි හා ඓතිහාසික වටිනාකමින් යුත් සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හෙබි නගරයකි. අසර්බජානය ගුවාමි රසායන අවි තහනම් කිරීමේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. 1993 දී සැප්තැම්බර්හි දී පොදු රාජ්‍ය මණ්ඩලීය නිදහස් රාජ්‍යයන් අතරට ද අසර්බයිජානය එක් විය. යුරෝපියානු කොමිසමේ විශේෂ නියෝජිතයකු රට තුළ සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, OSCE, යුරෝපා සංගමය සහ නේටෝ සාම හවුලෙහි ද සාමාජිකයෙකි. (තව දුරටත්...) - Image 19
බහරේන් නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බහරේන් රාජධානිය ලෙසයි. මෙය අල් සාෆීනා රාජකීය පවුල් විසින් පාලනය කරනු ලබන පර්සියානු ගල්ෆ්හි පිහිටි කුඩා දුපතකි. බහරේන් දුපත් 33 කින් සමන්විත කොදෙව්වකි. විශාලතම බහරෙන් දුපත කී.මී. 55 දිගින් හා කි.මී 18 පළල යුත් එකකි. සවුදි අරාබියට බටහිරට වන්නට පිහිටා ඇති අතර එය බහරේන් හා ෆාහාඩ් රජ මාවත (1986 නොවැම්බර් මස 25 දින විවෘත කරනු ලැබු මාවත) හා සම්බන්ධයි. කටාර් ගිනිකොන දෙසින් ගල්ෆ් හරහා පැතිරේ. යෝජිත කටාර් බහරේන් මාවත බහරේන් හා නාමර් සම්බන්ධ කරන අතර, එය ලෝකයේ දීර්ඝතම මාවත වන්නේය. බහරේන් එහි ඇති තෙල් හා මුතු වලට ප්රසිද්ධයක් දරයි. මෙහි ඉතා උස් වු ගොඩනැගිලි (Skyscrapers) ඉදිකර තිබේ. වර්තමානයේ යෝජිත මීටර් 1022 (අඩි 3353) කින් යුත් මුරුජාන් කුළුන වැනි ගොඩනැගිලිද ඇත. මෙහි බහරේන් ජාත්‍යන්තර ධාවන පථයද පිහිටා ඇත. එබැවින් බහරේන් F 1 ධාවන තරඟයද මෙහි පැවැත්වේ. (තව දුරටත්...) - Image 20
නේපාලය, නිල වශයෙන් නේපාල ෆෙඩරල් ප්රජාතන්ත්රවාදී ජනරජය, යනු දකුණු ආසියාතික රටකි. සිව් දිශාවෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රාජ්‍යය 2010 වන විට වඩාත් මෑතකදී ජනරජයක් බවට පත්වූ රට වෙයි. හිමාල කඳුවැටියේ ස්ථානගත වී ඇති මෙම රාජ්‍යය උතුරින් චීන මහජන සමූහාණ්ඩුවට ද, දකුණෙන්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද මායිම් වී ඇත. වර්ග කි.මී. 147,181ක වර්ගප්‍රමාණයකින් ද, ආසන්න වශයෙන් මිලියන 30ක ජනගහණයකින් ද සමන්විත නේපාලය, ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව 93 වැනි තැන ද, ජනගහණය අතින් ලොව 41 වැනි තැන ද ගනියි. කත්මණ්ඩු රටේ අගනුවර සහ විශාලතම නගරය වෙයි.
නේපාලය ඉහළ භූගෝලීය, සංස්කෘතික සහ ආගමික විවිධත්වයකින් පොහොසත් රටකි. ලොව උසම කඳු දහයෙන් අටක්ම පවතින්නේ කඳුකර උතුරු නේපාලයේ ය. ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද ද මේ අතර වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 20,000කට (මීටර 6,096) වඩා උසින් පවතින කඳු මුදුන් 240ක් මෙම ප්‍රදේශෙය් පිහිටා ඇත. රටේ සාරවත් දකුණු අර්ධය බෙහෙවින් නාගරීකරණය වී ඇත. (තව දුරටත්...) - Image 21
සිරියා අරාබි සමුහාණ්ඩුව බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් ලෙබනන් හා මධ්‍යධරණි මුහුද, උතුරින් තුර්කිය, නැගෙනහිරෙන් ඉරානය, දකුණින් ජෝර්දානය හා නිරිතෙන් ඊශ්‍රාලයටය. සිරියා නමට ඇතුලත් වන්නේ ලැඩන්ට් මුළු රාජ්‍යමය. වර්තමානයේ එහි පුරාතන රාජධානි කිහිපයක හා 3 වන මිලේනියමෙහි ඇබ්ලන් ජනාවාසය ඇතුලත් වේ. ඉස්ලාමීය යුගයේ අගනුවර වන දමස්කස් උයයැඩ් රාජධානියේ ආසන්නයේ වු අතර එය ටම්ලුන් රාජධානියේ ප්‍රාදේශීය අගනුවර විය. දමස්කස් ලෝකයේ අඛණ්ඩව ජනාවාසයක්ව පැවැති පැරණිතම නගරයයි. සිරියාව ප්‍රංශ නිල නියෝගයකින් ආරම්භ වු අතර 1946 අප්‍රේල් මාසයේ නිදහස ලැබීය. 1949 – 1970 අතර කාලය තුල හමුදා කාණ්ඩ බලඇණි විසින් රට තුල අසහනය ඇති කිරීමට උත්සාහ ගන්නා ලදි. සිරියාව 1962 සිට හදිසි නීතිය යටතේ තිබු අතර, එයින් සිවිල් ජනයාගේ බොහෝ ව්‍යවස්ථාදායක අයිතීන් නතර වු අතර එහි රාජ්‍ය තන්ත්රය ප්‍රජාතාන්ත්‍රික නොවන සේ සැලකේ. 1963 සිට බාත් පක්ෂය විසින් රට පාලනය කල අතර රටේ සැබෑ පාලනය පවතින්නේ ජනාධිපතිවරයා, කුඩා හමුදා කණ්ඩායම් හා දේශපාලන බලවතුන් කිහිපදෙනෙකු අතරය. වර්තමානයේ සිරියාවේ ජනාධිපති වන්නේ බශා අල් අටාඩ්ය. ඔහු දෙවන නිල කාලය සඳහා පැවැති මැතිවරණයෙන් ඡන්ද 97.62% , 2007 වර්ෂයේ දී ලබා ගත්හ. ඔහුගේ පුතා වන හෆේස් අල් අසාඩ් ද 1970 සිට 2000 වර්ෂයේ මියයන තෙක් බලයේ සිට ඇත. සිරියාව, අරාබි සහ ඊශ්‍රායලය අතර අරගලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් ලෙස සහභාගී විය. ජනගහනයෙන් වැඩි පිරිසක් මුස්ලිම් වන අතර සැළකිය යුතු ප්‍රමාණයක් අලපිටි, ෂියා, ක්‍රිස්තියානි, ඩෲස් ආගම් අදහති. සුළු පිරිසක් 1960 වර්ෂයේ සිට අලවීමා හමුදා නිළධාරින් රටේ දේශපාලනය පාලනය කරන අතර, ජනගහනයෙන් 80% පමණ අරාබිය. එය පාලනය කරනු ලබන්නේ බාත් පක්ෂය වන අතර අරාබි ජාතික නීතියන්ට අනුකූලවය. ජනගහනයෙන් 20% අයත් වන්නේ තර්ඩිෂ්, ආමේනියානු, අසරියන්, තුර්කා හා සුළු සර්කැසියන් ජන වර්ගයකිනි.
(තව දුරටත්...) - Image 22
ඊශ්‍රායලයේ නිල නාමය ‘ඊශ්‍රායල් රාජ්‍යය' යන්නයි.මෙය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටකි. උතුරට ලෙබනනය, ඊසාන දිගට සිරියාව, නැගෙනහිරට ජෝර්දානය, නිරිත දිගට ඊජිප්තුව යන දේශ සීමාවන්ගෙන් ඊශ්‍රායලය වට වී තිබේ. ඊශ්‍රායලයේ සාපේක්ෂ කුඩා භූමි ප්‍රදේශයන්හි භූගෝලීය වශයෙන් එකිනෙකට අසමාන වූ අංග ලක්ෂණ දැකගත හැකිය. මෙය ලෝකයේ පිහිටි එකම බලවත් යුදෙව් රාජ්‍ය වන්නේ ය. මිලියන 7.5 ක් වූ ජනගහනයෙන් මිලියන 5.7 ක් ම යුදෙව් ජාතීහු වෙති. ඊශ්‍රායලයේ අරාබි රට වැසියන්ගෙන් දෙවන විශාලතම ජනවාර්ගික කණ්ඩායම සෑදී තිබෙන අතර මුස්ලිම්වරු, ක්‍රිස්තියානි භක්තිකයින්, ඩෲස් (Druze) සහ සාමාරියානුවන් (ආදී සමාරියේ වැසියන් ) මීට ඇතුලත් වෙති. නූතන ඊශ්‍රායල් රාජ්‍යයේ ඵෙතිහාසික හා ආගමික ප්‍රභවයේ මුලාරම්භය වනුයේ බයිබලයේ දැක්වෙන ඊශ්‍රායල් භූමියයි (Biblical Land of Isreal). පුරාතන යුගයේ සිටම යුදෙව් ආගමට කේන්ද්‍ර වූ සංකල්පයක් වන 'ඊශ්රායෙන් භූමිය' 'සියොන්' (Zion) නමින් ද දැක්වේ. යුදෙව් රාජ්‍යයක් බිහිකිරීමේ දේශපාලන ව්‍යාපාරය 19 වැනි සියවසේ අගභාගයේ පටන් හැඩ ගැසෙන්නට විය. යුදෙව් රාජ්‍යයක් ස්ථාපිත කිරීම පිළිබඳ මනාපය රැගත් බ්‍රිතාන්‍යය ප්‍රතිපත්තිය, 1917 'බල්ෆොර් ප්රකාශනයෙන්' (Balfour Decla ration) විධිමත් කරන ලදි. පළමුවන ලෝක යුද්ධයෙන් පසුව පලස්තීනය සහ එතුළ 'යුදෙව් ජාතික නිජබිම ' පිහිටුවීමේ වගකීම, ජාතීන්ගේ සංගමය (League of Nations) විසින් මහා බ්‍රිතාන්‍ය වෙත පවරනු ලැබීය.
යුදෙව් රාජ්‍යයක් හා අරාබි රාජ්‍යයක් බිහි කිරීම සහ ජෙරුසලම එක්සත් ජාතීන්ගේ පාලනයට නතු කිරීම යන කර්තව්‍යයන් තුන සඳහා පලස්තීනයේ කොටස් වෙන් කිරීමට පක්ෂව 1947 නොවැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ වරම ලැබිණි. ප්රස්තුත කොටස් කිරීම යුදෙව් ජන නායකයින් පිළිගනු ලැබුවද, අරාබි නායකයෝ එය ප්‍රතික්ෂේප කළහ. මෙය සිවිල් යුද්ධයකට මග පාදන්නක් විය. 1948 මැයි 14 වන දින ඊශ්‍රායෙල් ස්වකීය නිදහස් රාජ්‍ය ප්‍රකාශයට පත් කළේය. පසුදිනම අරාබි රාජ්‍යයන් එක්ව පහර දුන්හ. එතැන් පටන් ඊශ්‍රායලය අසල්වැසි අරාබි රාජ්‍යයන් සමඟ අනුක්‍රමික යුද ගණනාවක පැටලී සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, විවිධ පෙදෙස් ඊශ්‍රායලය විසින් බලෙන් අල්ලා ගෙන ඇත. බටහිර ඉවුර හා ගාසා තීරය එවන් ප්‍රදේශ දෙකකි. මේ තත්ත්වය 1949 'ආමිස්ටයිස්' ගිවිසුමේ සවිස්තරව සඳහන් කර ඇති වගන්ති අභිබවා ඇති නමුදු පලස්තීනය සමඟ ඇති ආරවුල සමථයකට පත් කර ගැනීමේ උත්සාහය මෙතෙක් ලබා ඇත්තේ සීමිත සාර්ථකත්වයකි. ඊශ්‍රායලයේ සමහර ජාත්‍යන්තර දේශසීමා පිළිබඳ මතභේද තවමත් අවසන්ව නැත. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ආසියාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
- Image 1ඉන්දියානු උප මහාද්වීපයේ ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
- Image 3ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කලා කෞතුකාගාරයේ ඇති 2600–2450 BCE කාලයේ හරප්පන් ශිෂ්ටාචාරයට අයත් බඳුනක් (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
- Image 4හරප්පාවේ ධාන්‍යාගාරය සහ මහා ශාලාවේ දර්ශනයක් (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
- Image 5නාගසාකියේ සැලැස්ම, හයිසෙන් පළාත, 1778 (නාගසාකි වෙතින්)
- Image 6නාගසාකි නුවර නකශිමා ගංගාව හරහා ඉදිකර තිබූ ගල් පාලම් කිහිපයක්. 1870 දශකයේදී උචිඩා කුයිචි විසින් ගත් ඡායාරූපයකි. (නාගසාකි වෙතින්)
- Image 9වෛශාලියේ ඇති අශෝක ස්ථම්භය (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
- Image 10මෙයිජි යුගයේ නාගසාකි දිස්ත්‍රික් කාර්යාලය. (නාගසාකි වෙතින්)
- Image 12ටයිශෝ යුගයේ නාගසාකි නගර කාර්යාලය. (නාගසාකි වෙතින්)
- Image 13ලිස්බන් සිට නාගසාකි දක්වා නාවික ගමන් මාර්ගය (නාගසාකි වෙතින්)
- Image 14නාගසාකියේ සැලැස්ම, 1860 (නාගසාකි වෙතින්)
- Image 15ඉදිරියේ පිහිටන මහා ස්නානාගාරය ඇතුළු කැණීම් වලින් මතුකරගත් මොහෙන්ජෝදාරෝවේ නටඹුන් (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
- "Like herrings in a barrel". The Economist. December 23, 1999.
- National Geographic Atlas of the World (7th ed.). Washington, DC: National Geographic. 1999. ISBN 978-0-7922-7528-2. "Europe" (pp. 68–9); "Asia" (pp. 90–1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."