ඕස්ට්‍රේලියාව
From Wikipedia, the free encyclopedia
ඕස්ට්‍රේලියාව පෘථිවියේ දකුණු අර්ධගෝලයේ පිහිටි රටකි. මෙය ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ප්‍රධාන බිම් කොටසින් ද, ටැස්මේනියා දූපතෙන් ද, ඉන්දියන් සහ පැසිෆික් සාගරවල පිහිටි කුඩා දූපත් රාශියකින් ද යුක්ත වෙයි. මෙය ඕෂනියා කලාපයේ විශාලතම රට මෙන්ම භූමි ප්‍රමාණය අතින් ලොකයේ හයවැනි විශාලකම රටයි. මෙය ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටි ඉන්දුනීසියාව, නැගෙනහිර ටිමෝරය සහ පැපුවා නව ගිනියාව ද, ඊසානදිගින් පිහිටි සොලමන් දූපත්, වනාටු සහ නව කැලඩෝනියාව ද, නිරිතදිගින් පිහිටි නවසීලන්තය ද ඕස්ට්‍රේලියාවේ අසල්වැසියන් වෙයි.
ඕස්ට්‍රේලියා පොදුරාජ්‍යමණ්ඩලීය රාජ්‍යය | |
---|---|
අගනුවර | කැන්බරා |
විශාලතම නගරය | සිඩ්නි |
නිල භාෂා(ව) | නැතN2 |
National language | ඉංග්‍රීසි (de facto)N2 |
ජාති නාම(ය) | Australian, Aussie[1][2] |
රජය | ෆෙඩරල් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයක් සහ ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක් |
• රැජිණ | දෙවන එලිසබෙත් රැජින |
• අග්‍රාණ්ඩුකාර | ශ්‍රීමත් පීටර් කොස්ග්‍රෝව් |
• අග්‍රාමාත්‍යය | මැල්කම් ටර්න්බුල් |
නිදහස එක්සත් රාජධානියේ සිට | |
• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව | 1 ජනවාරි 1901 |
• වෙස්ට්මිනිස්ටර් ආඥාපනත | 11 දෙසැම්බර් 1931 |
• වෙස්ට්මිනිස්ටර් ආඥාපනත අපත්යීකරණ පණත | 9 ඔක්තෝම්බර්1942 (3 සැප්තැම්බර් 1939 සිට බලපැවැත්වෙන පරිදී) |
• ඕස්ට්‍රේලියා පණත | 3 මාර්තු 1986 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 7,617,930 km2 (2,941,300 sq mi) (6වන) |
ජනගහණය | |
• 2024 ඇස්තමේන්තුව | 28,049,778[3] (52වන) |
• 2006 ජන සංගණනය | 19,855,288[4] |
• ඝණත්වය | 2.833/km2 (7.3/sq mi) (232nd) |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $848.862 billion[5] |
• ඒක පුද්ගල | $38,663[5] |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $994.246 billion[5] |
• ඒක පුද්ගල | $45,285[5] |
ගිනි (2016) | 33.0[6] මධ්‍යම · 22nd |
මාසද (2017) | 0.939[7] ඉතා ඉහළ · 3rd |
ව්‍යවහාර මුදල | ඕස්ට්‍රේලියානු ඩොලර් (AUD) |
වේලා කලාපය | UTC+8 to +10.5 (විවිධ ය.N3) |
• ගිම්හාන (DST) | UTC+8 to +11.5 (විවිධ ය.N3) |
රිය ධාවන මං තීරුව | වමෙන් |
ඇමතුම් කේතය | +61 |
අන්තර්ජාල TLD | .au |
18 වැනි සියවසේදී යුරෝපීයයන් පැමිණ පදිංචි වීමට අවුරුදු 40,000කට පමණ පෙර සිට ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් ජීවත් වී ඇති බවට සාක්ෂි ඇත[8]. 1606 දී ඕලන්ද දේශ ගවේෂකයන් විසින් ඕස්ට්‍රේලියාව සොයා ගැනුණු අතර 1770 දී බ්‍රිතාන්‍යයන් විසින් දූපතේ නැගෙනහිර භාගය අත්පත් කරගන්නා ලදී. මුලින්ම මෙහි ජනාවාසයක් ලෙස පිහිටවනු ලැබුවේ 1788 දී එම රටවලින් පිටුවහල් කරන ලද වරදකරුවන් පදිංචි වූ නව දකුණු වේල්සයේ ය[9]. ඉන්පසුව එළඹුණු දශක කිහිපය තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් වැඩුණු අතර රටේ ඉතිරි කොටස් ද ගවේෂණය කෙරිණි.
අද වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 23 ක් [10] පමණ වේ. මෙයින් 60%ක්ම ජනතාව සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, පර්ත් සහ ඇඩිලේඩ් යන රටේ ප්‍රධාන ජනපදවල අගනගරවල ජීවත් වෙති. රටේ අගනුවර කැන්බරා වේ. සෞභාග්‍යවත් රටක් ලෙස නම් දරා ඇති ඕස්ට්‍රේලියාව මානව සංවර්ධනය, ජීවන තත්වය, ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික නිදහස, දේශපාලන නිදහස වැනි පැතිවලින් ලොව ඉහළම තැනක පවතියි.[11]. ඕස්ට්‍රේලියාව සෞඛ්‍යමත් සංවර්ධිත රටකි. එය බහු සංස්කෘතික සමාජයන්ගෙන් යුක්තය. විවිධ අන්තර්ජාතික සංසන්දනයන් අතර ඉහළින් සිටි. එයින් සමහරක් නම් මානව සංවර්ධනය ජීවන මට්ටම සෞඛ්‍යය, ආයුකාලය, පොදු අධ්‍යාපනය, ආර්ථික නිදහස සහ සිවිල් අයිතින් හා දේශපාලන අයිතීන් සුරක්ෂිතභාවයයි. ජිවන මට්ටම සහ සංස්කෘතිමය පිරිනැමීම් අතරින් ඕස්ට්‍රේලියානු නගර ලෝකයේ ඉහළින් ම සටහන් කර ඇත. එය එක්සත් ජාතින්ගේ සංවිධානය, G20, පොදු රාජ්‍ය මණ්ඩලය, ANUS, අාර්ථික සහයේගීතාව හා සංවර්ධනිය පිළිබද සංගමය හෙවත් OECD, ආසියා පැසිෆික් ආර්ථික සහයොගීතාවය හෙවත් ඇපෙක්, දකුණු ෆැසිපික් සැසිය සහ ලෝක වෙළෙඳ සංගමය තුළ සාමාජිකත්වය දරයි.