රූපවාහිනිය
From Wikipedia, the free encyclopedia
'ප්‍රථම වරට රූපවාහිනිය නිපදවන ලද්දේ ජෝන් ලොගී බෙයාර්ඩ්(jon logi beard) විසිනි. රූපවාහිනී' (කෙටියෙන් ටීවී හෝ ටෙලි) යනු යම්කිසි දුර ප්‍රමාණයක් හරහා චලනය වන රූප සහ ශබ්ද ලබා ගැනීම හා විකාශනය සඳහා බහුලව භාවිතා කරන විදුලි සංදේශ පද්ධතියකි. මෙම වදන සමහරක් විට විශේෂයෙන් රූපවාහිනියක්, වැඩසටහන්ගත කිරීම හෝ රූපවාහිනී සම්ප්‍රේශණය හැඳින්වීමට ද යොදා ගනී. මෙම වදන දුර දැක්ම යන තේරුම දෙන ග්‍රීක වදන මත පදනම්ව ගෙතුනු එකකි.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
1930 සිට වාණිජමය වශයෙන් මිළට ගත හැකි වූ රූපවාහිනී නිවාස හා ආයතනවල විශේෂයෙන් විනෝදාස්වාද හා ප්රවෘත්ති ප්‍රභවයක් ලෙස බහුලව භාවිතා වන ගෘහස්ථ සන්නිවේදන උපකරණයක් බවට පත්විය. 1970 VCR පටි මත වීඩියෝ පටිගත කිරීමේ සිට DVD වැනි සංඛ්‍යාංක ධාවන පද්ධති රූපවාහිනී මඟින් පටිගත කළ චිත්‍රපටි හා අනෙකුත් වැඩසටහන් නැරඹීමට ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත.
රූපවාහිනී පද්ධතියක් බහු ඒකක රාශියකින් සෑදී තිබිය හැක. එමනිසා විකාශන සංඥා ලබා ගැනීම සඳහා අභ්‍යන්තර ටියුනරයක් නොමැති තිරයක් රූපවාහිනියක් ලෙස නොව මොනිටරයක් ලෙස හඳුන්වනු ලැබේ. රූපවාහිනියක් HDTV වැනි විවිධ විකාශන හෝ දෘශ්‍ය ආකෘති ලබා ගැනීමට සාදා තිබිය හැක. HDTV සාමාන්‍ය ටීවී එකකට වඩා මිළෙන් වැඩි නමුත් එය වඩාත් සුලභ වෙමින් පවතී.