ආසියාව
මහාද්වීපය / From Wikipedia, the free encyclopedia
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.[2]
Quick Facts භූමිප්‍රමාණය, ජනගහණය ...
භූමිප්‍රමාණය | 44,579,000 කිමී2 (17,212,000 වර්ග සැත) |
---|---|
ජනගහණය | 3,879,000,000 (1වන)[1] |
ජනගහණ ඝණත්වය | 89/කිමී2 (226/වර්ග සැත) |
ජාතිකත්ව නාමය | ආසියානු |
රටවල් | එ:ජා ගේ සාමාජික රාජ්‍යයන් 48 සහ වෙනත් 6 කි. |
පරායත්ත රාජ්‍යයන් | {{{1}}}
|
හඳුනානොගත් ප්‍රදේශ | {{{1}}}
|
භාෂා | භාෂා ලැයිස්තුව |
වේලා කලාප | UTC+2 සිට UTC+12 |
අන්තර්ජාලය TLD | .ආසියාව |
විශාලතම නගර | නගර ලැයිස්තුව |
Close
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි[3]. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.