![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ae/Lithium_paraffin.jpg/640px-Lithium_paraffin.jpg&w=640&q=50)
ක්ෂාර ලෝහ
From Wikipedia, the free encyclopedia
ක්ෂාර ලෝහ යනුවෙන් හැදින්වෙන්නේ, ආවර්තිතා වගුවෙහි පළමු කාණ්ඩයේ පිහිටි මූලද්‍රව්‍ය වන අතර, එය සමන්විත වන්නේ, ලිතියම් (Li), සෝඩියම් (Na),[note 1] පොටෑසියම් (K),[note 2] රුබීඩියම් (Rb), සීසියම් (Cs), සහ ෆ්‍රන්සියම් (Fr) .[1]යන, රසායනික මූලද්‍රව්‍යයන් වෙතිනි. මෙම කාණ්ඩය, ආවර්තිතා වගුවෙහි s-ගණයෙහි පවතින්නේ, [2] සියළු ක්ෂාර ලෝහයන්හී බාහිරතම ඉලෙක්ට්‍රෝනය පවතින්නේ s-කාක්ෂිකයක වන බැවිනි:[3][4][5] මෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය විසින් ඒවායේ නෛසර්ගික ගුණාංග ගෙන එයි. ආවර්තිතා වගුවෙහි ගුණාංග සම්බන්ධයෙන් කාණ්ඩ උපනතීන් සඳහා හොඳම නිදසුන් ලබාදෙනුයේ ක්ෂාර ලෝහ විසින් වන අතර,[3] මෙම මූලද්‍රව්‍යයන් විසින් හොඳින්-ලක්ෂණෝපේත සදෘශ හැසිරීමක් දක්වයි.[3]
ක්ෂාර ලෝහය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
උච්ච වායු ← → ක්ෂාරීය පාංශු ලෝහ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
↓ ආවර්තය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2 | ලිතියම් (Li) 3 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
3 | සෝඩියම් (Na) 11 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
4 | පොටෑසියම් (K) 19 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
5 | රුබීඩියම් (Rb) 37 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
6 | සීසියම් (Cs) 55 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
7 | ෆ්‍රන්සියම් (Fr) 87 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ආඛ්‍යානය
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්ෂාර ලෝහ සතුව බෙහෙවින් සමතුල්‍ය ගුණාංග පවතියි: ඒවා සියල්ල, සම්මත උෂ්ණත්වයෙහි සහ පීඩනයෙහිදී, දිලිසෙන-සුළු, මෘදු, බෙහෙවින් ප්‍රතික්‍රියක ලෝහ වන අතර, [3] +1 ක ආරෝපණයක් සහිත කැටායන තැනීමට, ඒවායේ බාහිරතම ඉලෙක්ට්‍රෝනය පහසුවෙන් අහිමිකර ගනියි.[6]:28 මෘදු බව නිසා ඒවා සියල්ල පහසුවෙන් පිහියකින් කැපිය හැකි අතර, එවිට එළිදැක්වෙන දිලිසෙන පෘෂ්ඨය, වායුගෝලීය තෙතමනය සහ ඔක්සිජන් නිසා සිදු වන ඔක්සිකරණය නිසා විගසින් මිලින වී යයි.[3] ඒවායේ ඉහළ ප්රතික්රියකතාව නිසා, වාතය සමග ප්‍රකික්‍රියා කිරීම වැලැක්වීමට ඒවා තෙල් යට ගබඩා කල යුතු වන අතර,[7] ස්වභාවිකව හමුවන්නේ ලවණ ලෙසින් පමණක් වන අතර නිදහස් මූලද්‍රව්‍යය ලෙසින් කිසිවිටෙක හමු නොවෙයි.[7] නූතන IUPAC නාමකරණය තුලදී, ක්ෂාර ලෝහ සමන්විත වන්නේ 1 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ලෙසින් වන මුත්,[note 3] නාමික වශයෙන් 1 වන කාණ්ඩයෙහි මූලද්‍රව්‍යයක් වන, [1][9] නමුත් ක්ෂාර ලෝහයක් ලෙස සාමාන්‍යයෙන් නොගැනෙන හයිඩ්රජන් (H) මෙහිදී නොසැලකෙන්නේ, [10][11]ක්ෂාර ලෝහයකට සමාන කල හැකි හැසිරීමක් එය විසින් ඉතා විරල ලෙසින් පෙන්නුම් කරන බැවිනි.[12] සියළු ක්ෂාර ලෝහ ජලය සමග ප්‍රතික්‍රියා කරන අතර, සැහැල්ලු ඒවාට වඩා ප්‍රබල ලෙස බැර ක්ෂාර ලෝහ ප්‍රතික්‍රියා කරයි.[3][13]
සොයාගත් සියළුම ක්ෂාර ලෝහ ස්වභාවිකව පවතියි: සුලභතාවයෙහි පිළිවෙල පරිදී, වඩාත් බහුල වන්නේ සෝඩියම් වන අතර, ඊළඟට පොටෑසියම්, ලිතියම්, රුබීඩියම්, සීසියම්, සහ අවසානයේදී එහි අතිශයින් ඉහළ විකිරණශීලිතාව නිසා අංශුමාත්ර ලෙසින් පමණක් ස්වභාවික ක්ෂය දාමයන්හී පවතින අතිශයින් විරල ෆ්‍රන්සියම් වෙයි.[14][15]කාණ්ඩයෙහි ඊළඟ සාමාජිකයා ලෙසින් ගැනෙන උනූනැන්නියුම් (Uue) සංස්ලේෂණය සඳහා පර්යේෂණ පැවැත්වුනු නමුදු, ඒවා සියල්ල අසාර්ථක වී ඇත.[16] කෙසේවෙතත්, අධිභාර මූලද්‍රව්‍යයන්ගේ රසායනික ගුණාංග කෙරෙහි විශාල බලපෑම් ඇති කරන බවට පුරෝකථ්‍ය කෙරෙන සාපේක්ෂතාශ්‍රිත ආචරණ නිසාවෙන්, උනූනැන්නියුම් ක්ෂාර ලෝහයක් නොවීමට ඉඩ ඇත;[17] එය ක්ෂාර ලෝහයක් බවට පෙන්නුම් කලත්, එහි සැහැල්ලු සදෘශයන් වෙතින් වෙනස් භෞතික සහ රසායනික ගුණාංග එය සතු වෙන බවට පුරෝකථ්‍ය කෙරෙයි.[18]:1729–1733
බොහෝ ක්ෂාර ලෝහ සඳහා විවිධ වෙනස්වූ නියැලුම් ඇත. ශුද්ධ මූලද්‍රව්‍යයන්ගේ බෙහෙවින් සුපතළ නියැලුම් අතරින් දෙකක් වන්නේ රුබීඩියම් සහ සීසියම් පරමාණු ඝටිකා යන්ත්‍ර වන අතර,[19] ඒ අතරින් සීසියම් පරමාණු ඝටිකා යන්ත්‍රය, වේලාව නිරූපණය කිරීමේදී වඩාත් නිරවද්‍ය සහ යථාතථ්‍ය වෙයි.[20][21] සෝඩියම් සංයෝගයන්හී සුලබ නියැලුමක් වන්නේ සෝඩියම්-වාෂ්ප පහන වන අතර, එය විසින් ඉතා කාර්යක්ෂම ලෙසින් ආලෝකය විමෝචනය කරයි.[22][23] මේස ලුණු හෝ, සෝඩියම් ක්ලෝරයිඩ්, පුරාතනයේ සිට දැන සිටියකි. සෝඩියම් සහ පොටෑසියම්, අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යන් වන අතර, විද්‍යුත් විච්ඡේද්‍යයන් ලෙසින් ප්‍රධාන ජීවවිද්‍යාත්මක භූමිකාවන් ඉටු කරන අතර,[24][25] අනෙකුත් ක්ෂාර ලෝහ අත්‍යවශ්‍ය නොවුවද, වැඩදායක සහ හානිකර යන දෙයාකාරයෙන්ම, සිරුරට විවිධ බලපෑම් එල්ල කරති.[26][27][28][29]