![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b5/Electroscope.png/640px-Electroscope.png&w=640&q=50)
විද්‍යුත් ආරෝපණය
From Wikipedia, the free encyclopedia
විද්‍යුත් ආරෝපණය යනු සමහර උප පරමාණුක අංශු දරන ගුණයක් වන අතර ඒ හේතුවෙන් ස්වභාව මූලික බල හතරෙන් එකක් වන විද්‍යුත් චුම්භක බල හට ගැනීම සිදු වේ. තවද, විද්‍යුත් චුම්භක බල සහ විද්‍යුත් ආරෝපණ අතර අන්තර් ක්‍රියා ද ඇති වේ. ආරෝපණ පරමාණු තුළ ඇතිවේ. ඒ සඳහා හේතුවන ප්‍රධාන ආරෝපණ වාහක ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන වේ. ආරෝපණය සංස්ථිතික ගුණයකි. එනම්, යම් ඒකලිත පද්ධතියක් කෙතරම් වෙනස්වීම්වලට භාජනය වුවද එහි ආරෝපණය නියතව පවතී. පද්ධතිය තුළ ආරෝපණ වස්තු සමග සෘජුවම සම්බන්ධ වීමෙන් හෝ කම්බි වැනි සන්නායක ද්‍රව්‍යයක් හරහා හෝ එකිනෙක සමග හුවමාරු විය හැක. එකිනෙකට වෙනස් ද්‍රව්‍යය දෙකක් එකිනෙක මත ඇතිල්ලීමෙන් ආරෝපණ හුවමාරු වීම වැනි ක්‍රියා නිසා වස්තූන් තුළ ඇතිවන අසංතුලිත ආරෝපණය හෙවත් ආරෝපණවල වෙනස ස්තිථි විද්‍යුතය වශයෙන් සාමාන්‍යය ව්‍යවහාරයේදී හැඳින්වේ.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b5/Electroscope.png/640px-Electroscope.png)
ආරෝපණ නිසා විද්‍යුත් චුම්භක බල හටගනී. මෙසේ හඳුන්වන්නේ ආරෝපණ මගින් එකිනෙක මත ඇති වන බලයයි. මෙම ගුණය අතීතයේ සිට දැන සිටි නමුදු එය තේරුම් ගැනීම සිදුව නොතිබුණි. සිහින් නූලකින් එල්ලා ඇති සැහැල්ලු බෝලයක් රෙදි කඩක පිරිමැද ආරෝපණය කරගන්නා වීදුරු කූරක් මගින් ආරෝපණය කළ හැක. තවත් බෝලයක් පෙර භාවිතා කර වීදුරු කූරෙන්ම ආරෝපණය කළ විට එම බෝල දෙක එකිනෙකින් විකර්ශනය වේ. එනම් ආරෝපණය මගින් බෝල දෙක එකිනෙකින් වෙන්වන පරිදි බලය යොදයි. ඇතිල්ලූ ඇබ්බර් දණ්ඩක් මගින් ආරෝපිත බෝල දෙකක් ද එකිනෙකින් විකර්ශනය වේ. නමුත් ඇම්බර් දණ්ඩක් යොදා ආරෝපණය කළ බෝලයක් වීදුරු කූරක් මගින් ආරෝපිත බෝලයක් සමග එකිනෙක ආර්ශනය වේ. චාල්ස් ඔස්ටින් ද කොලොම්බස් විසින් මෙම සංසිද්ධිය 18 වන සියවසේදී නිරීක්ෂණය කරන ලදී. ඔහු ආරෝපණ ප්‍රතිවිරුද්ධ වර්ග දෙකකින් පවතින බව ඔහු නිගමනය කරන ලදී. 'සජාතීය ආරෝපණ එකිනෙකින් විකර්ශනය වීම හා විජාතීය ආරෝපණ එකිනෙක ආකර්ශනය වීම' යන ප්‍රසිද්ධ සර්වසාම්‍ය ඉදිරිපත් වූයේ මින් පසුවයි.
ආරෝපිත අංශු අතර අන්‍යෝන්‍යය බල ක්‍රියා කරයි.මේ නිසා සන්නායක පෘෂ්ඨයක් මත වූ ආරෝපණයක් සන්නායක පෘෂ්ඨය පුරා හැකිතාක් ඒකාකාරීව පැතිර පවතී. විද්‍යුත් චුම්භක බලයක විශාලනය (ආකර්ෂණ හෝ විකර්ෂණ) කූලෝම් නියමය මගින් දෙනු ලැබේ. ඒ අනුව බලය ආරෝපණවල ගුණිතයට අනුලෝමවත් දුරෙහි වර්ගයට ප්රතිලෝමවත් සමානුපාතික වේ. විද්‍යුත් චුම්භක බල දෙවැනි වන්නේ ප්‍රබල අන්තර් බලවල ශක්තියට පමණි. එමනිසා විද්‍යුත් චුම්භක බල ඉතා ශක්තිමත්ය. නමුත් විද්‍යුත් චුම්භක බලයන්ට ඕනෑම දුර ප්‍රමාණයක් හරහා ක්‍රියා කළ හැක.සාපේක්ෂ දුරවල ගුරුත්වාකර්ෂණය සමග සැසදීමේ දී යම් ඉලෙක්ට්‍රෝන දෙකක් ගුරුත්වාකර්ෂණය මගින් එකිනෙක ආකර්ෂණය කරන බලයට වඩා 1042 ක ප්‍රබලතාවයකින් විද්‍යුත් චුම්භක බල මගින් ඒවා විකර්ශනය කෙරේ.
ඉලෙක්ට්‍රෝනයක හා ප්‍රෝටෝනයක ආරෝපණ ප්‍රතිවිරුද්ධ වේ. ඒ අනුව ආරෝපණ ප්‍රමාණයක් දැක්වීමේ දී ඒවා ධන හෝ ඍණ ලෙස ප්‍රකාශ කළ හැක. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ ලෙසත් ප්‍රෝටෝනයක ආරෝපණය ධන ලෙසත් සැලකීමේ සම්මුතිය බෙන්ජමින් ෆරැන්ක්ලින් විසින් හදුන්වා දුන් පරිදි ආරෝපණ ප්‍රමාණය මනිනු ලබන්නේ කූලෝම්වලිනි. එහි සංකේතය 'Q' වේ. සෑම ඉලෙක්ට්රෝනයකටම කූලෝම් (-1.6022 x 10-19) ක නියත ආරෝපණයක් ඇත. එමෙන්ම සෑම ප්රෝටෝනයකටම ඉලෙක්ට්රෝනකට සමාන හා ප්‍රතිවිරුද්ධ වන කූලෝම් (+ 1.6022 x 10-19) ක ආරෝපණයක් ඇත. ආරෝපණය පදාර්ථවල පමණක් නොව ප්රතිපදාර්ථවල ද පවතී. සෑම ප්රතිඅංශුවක්ම එහි සමාන්තර / අනුරූප අංශුවට සාපේක්ෂව සමාන හා ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් දරයි.
ආරෝපණ මැනීම සඳහා බොහෝ උපකරණ භාවිතා කරයි. ආදි කාලයේ සිට පැවත එන ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශක අදටත් පන්ති කාමරවල ආදර්ශයන් සඳහා භාවිතා වේ. එහෙත් අනෙක් භාවිතයන්හිදී සංඛ්‍යාත විද්යුත්මානය මගින් ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය අභිබවා ගොස් ඇත.