![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/84/Periodic_table.svg/langsi-640px-Periodic_table.svg.png&w=640&q=50)
රසායනික මූලද්‍රව්‍ය
From Wikipedia, the free encyclopedia
රසායනික මූලද්‍රව්‍යයක් යනු, එහි පරමාණුක ක්‍රමාංකය හෙවත් එහි න්යෂ්ඨියෙහි අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව වෙතින් ප්‍රභේදනය වන්නාවූ, එකම වර්ගයේ පරමාණු වලින් සමන්විත සංශුද්ධ රසායනික ද්‍රව්‍යයකි. සමස්ත රසායනික පදාර්ථය සමන්විත වන්නේ මෙම මූලද්‍රව්‍ය වලිනි. මූලද්‍රව්‍ය සඳහා පොදු නිදසුන් වන්නේ යකඩ, තඹ, රිදී, රන්, හයිඩ්රජන්, කාබන්, නයිට්රජන් සහ ඔක්සිජන් වෙති.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/84/Periodic_table.svg/640px-Periodic_table.svg.png)
මහා පිපිරුමෙහිදී ජනිත වූයේ යැයි විශ්වාස කෙරෙන, විශ්වයෙහි ඇති හයිඩ්රජන් සහ හීලියම් හැරුණු විට, ඉතිරි බොහෝ රසායනික මූලද්‍රව්‍යයන් පසුකාලීන ක්‍රියාවලියන් තුලින් ජනිත වූයේ යැයි සැලකෙයි.
මෙම ක්‍රියාවලීන් පහත පරිදී බෙදා දැක්විය හැක:
- අන්තරීක්ෂ කිරණ සැහීම ( මේවායින් සමහරක් මහා පිපිරුමෙහිදී තැනුනේ යැයි සැලකුනද, ලිතියම්, බෙරිලියම් සහ බෝරෝන් අරභයා මෙය වැදගත් වෙයි), සහ
- බෝරෝන් ට වඩා බරැති සියලු මූලද්‍රව්‍යයන් නිපදවන තාරීය න්යෂ්ටිකසංස්ලේෂණය (මෙම සරණියෙහි පළමුවැන්න කාබන් වෙයි). අතිශයින් බරැති මූලද්‍රව්‍යයන් (94වන මූලද්‍රව්‍යය, ප්ලූටෝනියම් ට ඔබ්බෙහි වන්නන්) කෙටි අර්ධ ආයු කාලයන් සහිතව ක්ෂය වන බැවින් පෘථිවිය මත ස්වභාවික වශයෙන් නිරීක්ෂණය කෙරුමට අවකාශ නොසලසයි.