![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/23/Helium_atom_QM.svg/langsi-640px-Helium_atom_QM.svg.png&w=640&q=50)
පරමාණු
පදාර්ථයෙහි මූලික ඒකකය / From Wikipedia, the free encyclopedia
පදාර්ථයෙහි මූලික ඒකකය වන පරමාණුව ඝන, මධ්‍යගත න්‍යෂ්ටියකින් හා එය වටකරගත් සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන අඩංගු වලාවකින් සමන්විත වෙයි. පරමාණුක න්‍යෂ්ටිය සමන්විත වන්නේ ධන ආරෝපිත ප්‍රෝටෝන සහ විද්‍යුත් වශයෙන් උදාසීන නියුට්‍රෝන (හයිඩ්රජන්-1 විෂයයෙහි පමණක් මෙය වෙනස් වන්නේ එය නියුට්‍රෝන විරහිත එකම ස්ථායි නියුක්ලයිඩය වන බැවිනි) වල මිශ්‍රණයකිනි. පරමාණුවක ඉලෙක්ට්‍රෝන එහි න්‍යෂ්ටියට බන්ධනය වන්නේ විද්‍යුත් චුම්බක බල අනුසාරයෙනි. එලෙසින්ම, පරමාණු සමුහයක් එකිනෙක වෙත බැඳී පැවතීමෙන් අණුවක් නිමැවිය හැක. ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන සමාන සංඛ්‍යාවක් සහිත පරමාණුවක් විද්‍යුත් වශයෙන් උදාසීන වන අතර, එසේ නොවන අවස්ථාවන්හීදී එය ධන ආරෝපණයක් (ඉලෙක්ට්‍රෝන ඌනතාව) හෝ සෘණ ආරෝපණයක් (ඉලෙක්ට්‍රෝන අතිරික්තය) හෝ සහිත අතර එය අයනයක් වෙයි. පරමාණුවක් වර්ගීකරණය කෙරෙනුයේ එහි න්‍යෂ්ටියෙහි සමන්විත ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාව අනුවය: ප්‍රෝටෝන සංඛ්‍යාව විසින් නිශ්චය කෙරෙනුයේ රසායනික මූලද්‍රව්‍යය වන අතර, නියුට්‍රෝන සංඛ්‍යාව විසින් නිශ්චය කෙරෙනුයේ මූලද්‍රව්‍යයෙහි සමස්ථානිකය වෙයි.[1]
හීලියම් පරමාණුව | ||||||||
---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||
න්‍යෂ්ටිය (රෝස) සහ ඉලෙක්ට්‍රෝන වලාව ව්‍යාප්තිය(කළු) ලෙසින් විචිත්‍රවත් ලෙසින් විස්තර කෙරෙන හීලියම් පරමාණුවෙහි නිරූපණයක්. හීලියම්-4 හි න්‍යෂ්ටිය (උඩු දකුණු) සත්‍ය ලෙසින් ගෝලීය සමමමිතික වන අතර ඉලෙක්ට්‍රෝන වලාවට කිට්ටුවෙන් සමානතාවයක් දක්වන වමුදු, වඩාත් සංකීර්ණ න්‍යෂ්ටීන් සඳහා සැම විටම එය එසේ නොවේ. කළු පටිය ඇංස්ට්‍රම් එකකි (10−10 මී හෝ 100 පිමී). | ||||||||
වර්ගීකරණය | ||||||||
| ||||||||
ගුණාංග | ||||||||
|
පරමාණුව සඳහා ඉංග්‍රීසියෙන් ව්‍යවහාර වන ඇටම් යන පදය බිඳී ඇත්තේ, නො-කැපියහැකි, හෝ නො-බෙදියහැකි, එනම් තවදුරටත් බෙදිය නොහැකි යමක් යන අර්ථය දෙන, ග්‍රීක "ἄτομος"—ඇටමෝස් (α-, "නො-" + τέμνω – ටෙම්නො, "කැපිය හැකි"[2] වෙතින්) පදයෙනි.[3] පදාර්ථයෙහි නොබෙදිය හැකි කොටසක් ලෙසින් පරමාණුව පිළිබඳ සංකල්පය ප්‍රථමයෙන් යෝජනා කර ඇත්තේ පුරාතන ඉන්දීය සහ ග්‍රීක දර්ශනවාදීන් විසිනි. 17වන සහ 18වන සියවස් වලදී, රසායනඥයින් විසින් මෙම අදහස සඳහා භෞතික පදනමක් සැපයූයේ සමහරක් ද්‍රව්‍යයන් රසායනික ක්‍රම අනුසාරයෙන් තවදුරටත් කොටස් වලට බිඳ දැමිය නොහැකි බව පෙන්වීමෙනි. 19වන සියවසෙහි අග භාගයේදී සහ 20වන සියවසෙහි මුල් භාගයෙහිදී, භෞතිකඥයින් විසින් අනු-පරමාණුක සංරචක සහ පරමාණු වල අභ්‍යන්තර ව්‍යුහය සොයාගත් අතර, එනයින් 'පරමාණුවක්' බෙදිය හැකි බවට ආදර්ශනය කලහ. පරමාණුව සාර්ථක ලෙසින් නිරූපකරණය කරනු වස් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවෙහි මූල ධර්ම භාවිතා කෙරිණි.[4][5]
පරමාණු අතිශයින් කුඩා වස්තූන් වන අතර සමානුපාතික ලෙසින් ක්ෂුද්‍ර ස්කන්ධයන්ට හිමිකම් කියති. පරමාණු තනි තනිව නිරීක්ෂණය කල හැක්කේ පරිලෝකන උමං අන්වීක්ෂය වැනි විශේෂ උපකරණ භාවිතයෙන් පමණි. පරමාණුවක ස්කන්ධයෙන් 99.9% කට වඩා ඒකාග්රව ඇත්තේ න්‍යෂ්ටිය තුල වන අතර, [note 1] ප්‍රොටෝන හා නියුට්‍රෝන දළ වශයෙන් සමාන ස්කන්ධ සහිත වෙති. සෑම මූලද්‍රව්‍යයක්ම අවම වශයෙන් එක් සමස්ථානිකයක් හෝ සහිත වන අතර මෙම සමස්ථානිකයන්හී අස්ථායී න්‍යෂ්ටීන් විකිරණශීලී ක්ෂයවීමට භාජනය විය හැක. මෙය නිසා, න්‍යෂ්ටියක ප්‍රෝටෝන හා නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස්වීමට ලක් වන තත්වාන්තරණයට හේතු පාදක විය හැක.[6] පරමාණුවලට බන්ධනය වී පවතින ඉලෙක්ට්‍රෝන විසින්, ස්ථායී ශක්ති මට්ටම් හෝ, කාක්ෂික මාලාවක් සහිතව සිටින අතර, මට්ටම් අතර ශක්ති වෙනසට සමාන වූ ෆෝටෝන අවශෝෂණය හෝ විමෝචනය හෝ කිරීමෙන් එම මට්ටම් අතර සංක්‍රමණය විය හැක. ඉලෙක්ට්‍රෝන විසින් මූලද්‍රව්‍යයක රසායනික ගුණ පිළිබඳ බලපෑම් ඇති කරන අතර, පරමාණුවෙහි චුම්බක ගුණාංග කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි.