3 වන ආවර්තයේ මූලද්‍රව්‍යය
From Wikipedia, the free encyclopedia
3 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක් යනු, රසායනික මූලද්‍රව්‍යයන්ගේ ආවර්තිතා වගුවෙහි තුන්වන පේළියෙහි (හෝ ආවර්තයෙහි) පිහිටන රසායනික මූලද්‍රව්‍යයන් අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, එයින් ගම්‍ය වන්නේ, සමතුල්‍ය චර්යාවන් සහිත මූලද්‍රව්‍යයන් එකම සිරස් තීරුවක තැබෙන බවයි. තුන්වන ආවර්තය සමන්විත වන්නේ මූලද්‍රව්‍යය අටකිනි:සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, පොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරීන් සහ, ආගන්. මෙයින් පළමු දෙක, සෝඩියම් සහ මැග්නීසියම්, ආවර්තිතා වගුවෙහි s-ගණයෙහි සාමාජිකයන් වන අතර, අනෙක්වා p-ගණයෙහි සාමාජිකයෝ වෙති. 3d කාක්ෂිකයක් පවතින නමුත් 4 වන ආවර්තය වන තුරු එය පුරවනු නොලබන බවද, එය නිසා ආවර්තිතා වගුවට එහි නෛසර්ගික "වරකට පේළි දෙකක්" හැඩය ලැබෙන බවද, සටහන් කර ගත යුතු වෙයි. 3 වන ආවර්තයේ සියළුම මූලද්‍රව්‍යයන් ස්වභාවයේ පවතින අතර අවම වශයෙන් එක් ස්ථායි සමස්ථානිකයක් හෝ සහිත වෙයි.[1]