මහා සේජොං
From Wikipedia, the free encyclopedia
මහා සේජොං (කොරියානු උච්චාරණය: [sʰe(ː)dʑoŋ]; මැයි 15, 1397 – අප්‍රේල් 8, 1450, රාජ්‍ය වර්ෂ. 1418–1450) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ සිව්වන පාලකයායි. යි (උච්චාරණය [i(ː)]; හංගුල්:이; හන්ජා:李) පවුලට උපන් ඔහුට දෙන ලද නාමය දෝ (도; 祹) වේ. ඔහුගේ පවුලේ සම්භවය ජොන්ජු ([tɕʌndʑu]; 전주; 全州) පෙදෙසේ සිදු විය. ඔහුගේ විකට නාමය වොන්ජොං (원정; 元正) ය. ඔහු තේජොං රජු සහ මින් අගබිසවගේ තෙවන පුත්‍රයායි. ඔහුව කිරුළහිමි කුමරු තනතුරට පත්කෙරුණේ, ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ ජේ කුමරු සිය තනතුර අත්හැරීමත් සමගයි. 1418දී ඔහු සිහසුනට පත් විය. ඔහුගේ ප්‍රථම වර්ෂ හතර තුළ, තේජොං රජු රාජ්‍යාධිකාරී ලෙස කටයුතු කළේ ය. එහි දී සේජොංගේ මාමණ්ඩිය වූ සිම් ඔන් සහ ඔහුගේ සමීප ඥාතීනට දඬුවම් පමුණුවන ලදී. කොන්ෆියුසියානු ප්‍රතිපත්ති ප්‍රතිසංවිධානය කළ සේජොං ප්‍රධාන නීතිමය සංශෝධන (공법; 貢法) සම්පූර්ණ කළේය. කොරියානු වර්ණමාලාව වූ හංගුල් නිර්මාණය කළ ඔහු, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ප්රගමනයට උපකාර කළේය. එසේම රට සමෘද්ධිමත් සහ ස්ථාවර කිරීමට ඔහු නොයෙකුත් ක්‍රියාමාර්ග අනුගමනය කළේය. උතුරු පෙදෙස වෙත යුධ ව්‍යාපාර මෙහෙයවූ ඔහු සාමින් ප්‍රතිපත්තිය (사민정책; 徙民政策) ආරම්භ කොට, ප්‍රදේශයට නව පදිංචිකරුවන් ආකර්ෂනය කොට පත්තේය. දකුණු දෙසින් ජපන් ආක්‍රමණ මැඬලූ ඔහු ට්සුෂිමා දූපත අල්ලාගත්තේය.
ජොසොන් හි සේජොං 朝鮮世宗 조선 세종 | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ජොසොන්හි රජ | |||||||||
රාජ්‍ය සමය | 1418 – 1450 | ||||||||
අභිෂේකය | සැප්තැම්බර් 18, 1418 (21 වියැති) | ||||||||
පූර්වප්‍රාප්තිකයා | තේජොං (යි බං-වොන්) | ||||||||
අනුප්‍රාප්තිකයා | මුන්ජොං (යි හ්යාං) | ||||||||
අනුරජ | හිටපු රජ ලෙස තේජොං (1418–1422) කිරුළහිමි කුමරු ලෙස මුන්ජොං (1442-1450) | ||||||||
උපත | මැයි 15, 1397 හන්සුං, ජොසොන්[1] | ||||||||
මරණය | අප්‍රේල් 8, 1450 (52 වියැති) හන්සුං, ජොසොන් | ||||||||
බිසව | අගබිසව
| ||||||||
දරුවන් | දරුවන් 22දෙනා අතුරින් නීත්‍යානුකූල 10දෙනා: — ජොංසෝ කුමරිය (උ. 1412), — ජොසොන්හි මුන්ජොං (උ. 1414), — ජොං-උයි කුමරිය (උ. 1415), — ජොසොන්හි සේජෝ (උ.1417), — අන්ප්යොං කුමරු (උ. 1418), — ඉම්යොං කුමරු (උ. 1419), — ග්වංප්යොං (උ. 1425), — ගුම්සොං කුමරු (උ. 1426), — ප්යොං-වොන් කුමරු (උ. 1427), — යොං-ඉයුං කුමරු (උ. 1434) | ||||||||
| |||||||||
වංශය | ජොන්ජු යි | ||||||||
පියා | තේජොං (යි බං-වොන්) | ||||||||
මව | ජොසොන්හි වොන්ග්යොං අගබිසව | ||||||||
ආගම | කොන්ෆියුසියානුවාදය; පසුව බුදු දහම |
කොරියානු නම | |
හංගුල් | 세종대왕 |
---|---|
හන්ජා | 世宗大王 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සේජොං දේවං |
මැකූන්–රයිෂවර් | සේජොං තේවං |
උපන් නාමය | |
හංගුල් | 이도 |
හන්ජා | 李祹 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ දෝ |
මැකූන්–රයිෂවර් | ලී තෝ |
ළමා වියේ නාමය | |
හංගුල් | 원정 |
හන්ජා | 元正 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | වොන් ජොං |
මැකූන්–රයිෂවර් | වෝන් චෝං |
රාජ්‍ය සමයේ 1418 සිට 1450 දක්වා කාලය සැලකූ විට, 1422 සිට 1442 දක්වා ඔහු තනිව රාජ්‍ය පාලනය මෙහෙයවූ අතර 1442 සිට 1450 ඔහුගේ මරණය දක්වා කාලයේ ඔහු සිය පුත් කිරුළහිමි මුන්ජොං කුමරු සමග හවුල් පාලනයක් ගෙනගියේය.
"මහා" / "大王" යන නාමය ගෝර්යෝ සහ ජොසොන් රාජවංශවල සියලු රජවරුනට මරණාපරව ලබා දී තිබුණත්, සාමාන්‍යයෙන් මෙම නාමය ව්‍යවහාර වන්නේ ග්වංගෙටෝ සහ සේජොං යන රජවරුන් සඳහා පමණකි.