![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d7/Korea-Gyeongju-Bulguksa-33.jpg/640px-Korea-Gyeongju-Bulguksa-33.jpg&w=640&q=50)
ජෝසුන්හි මුන්ජොං රජ
From Wikipedia, the free encyclopedia
මුන්ජොං රජු (1414–1452) ජොසොන් රාජවංශයේ පස්වන පාලකයා වන අතර, ඔහු විසින් 1450 සිට 1452 දක්වා කොරියාව පාලනය කොට ඇත. ඔහු සේජොං රජුගේ වැඩිමහල් පුත්‍රයා වූ අතර, 1450දී ඔහු සිහසුනට පත් විය. නමුත් ඉන් වසර දෙකකට පදු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගියේ ය. ඔහුගෙන් පසු ඔහුගේ පුත් ජොසොන්හි දන්ජොං සිහසුනට පත් විය.
යි හ්යාං | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ජොසොන්හි රජ | |||||||||
රාජ්‍ය සමය | මැයි 18, 1450 – මැයි 14, 1452 | ||||||||
පූර්වප්‍රාප්තිකයා | ජොසොන්හි සේජොං | ||||||||
අනුප්‍රාප්තිකයා | ජොසොන්හි දන්ජොං | ||||||||
උපත | 1414 නොවැම්බර් 15 | ||||||||
මරණය | 1452 ජූනි 1 (37 වියැති) ග්යොංබොක්ගුං, හන්සොං | ||||||||
බිසව | හ්යොන්දොක් අගබිසව | ||||||||
දරුවන් | ජොසොන්හි දන්ජොං | ||||||||
| |||||||||
වංශය | ජොන්ජු යි | ||||||||
පියා | ජොසොන්හි සේජොං | ||||||||
මව | සෝහොන් අගබිසව |
ජෝසුන්හි මුන්ජොං රජ | |
හංගුල් | 문종 |
---|---|
හන්ජා | 文宗 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | මුන්ජොං |
මැකූන්–රයිෂවර් | මුන්ජොං |
උපන් නාමය | |
හංගුල් | 이향 |
හන්ජා | 李珦 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ හ්යැං |
මැකූන්–රයිෂවර් | ඉ හ්යැං |
![]() |
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
මුන්ජොං රජුගේ බෙහෝ කාර්යසාධනයන් ඔහු කුමරකුව සිටි අවධියේ සිදු වූ ඒවා විය. ජල ආමානය නිපදවීමේ ප්‍රධාන ගෞරවය ජං යොං-සිල්ට හිමි වුවද, ජොසොන් රාජවංශයේ වාර්ෂික වාර්තා පවසන්නේ කිරුළහිමි කුමරුන් විසින් පොළොවේ ජල මට්ටම් මිනුම් සොයාගත් බවයි. ඔහු අදවන විට වඩාත් ප්‍රකට හ්වාචාව වැඩිදියුණු කළ අතර, ඒ සඳහා ඔහුගේ බාල සොයුරු ඉම් යුං (යි ගු, 임영대군 이구) ද දායක වී ඇත. එසේම සේජොං රජුගේ අවසාන කාලයේ රජුගේ රෝගී තත්ත්වයන් නිසා රාජ්‍ය කටයුතු මෙහෙයවන්නට ඇතැයි සැලකේ.
මුන්ජොං ජොසොන් රාජවංශයේ වැඩිම නාලයක් කිරුළහිමි කුමරු තනතුර හෙබ වූ පුද්ගලයා ද වේ. ඔහු 1421 සිට 1450 දක්වා වසර 29ක් එම තනතුර හොබවා ඇත. 1442 සිට 1450දී සිහසුනට පත්වන තෙක් ඔහු සිය ලියා වූ සේජොං රජුට උපරාජයකු ලෙස සේවය කොට ඇත.