ජොසොන්
From Wikipedia, the free encyclopedia
ජොසොන් රාජධානිය (හංගුල්:대조선국; හන්ජා:大朝鮮國), සාහිත්‍යමය "මහා ජොසොන් රාජ්‍යය"; එලෙසම චොසොන්, චොසුන්, චෝසුන්) යනු කොරියානු රාජධානියක් වන අතර එය යි සොංග්යේ විසින් පිහිටුවන ලදී. එය 1392 ජූලි සිට 1897 ඔක්තෝම්බර් දක්වා සියවස් පහක කාලයක් පමණ පැවතියේ ය.. 1897ඔක්තෝම්බර් මස දී එය නිල වශයෙන් කොරියානු අධිරාජ්‍යය ලෙස නම්කරන ලදී.[3] එය බිහි වූයේ අතීතයේ ගෝර්යෝ යනුවෙන් හැඳින් වූ නූතන කේසොං නගරය බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙසයි. අතීතයෙන් පසු කොරියාව නැවත නම් කළ අතර අගනගරය නැවත නූතන සෝල් වෙතට ගෙනයන ලදී. මෙම රාජධානියේ උතුරු සීමාව යාලු සිට ටුමෙන් ගඟ යන ස්වභාවික සීමාවන් දක්වා ව්‍යාප්ත වූයේ ජුර්චෙන්වරුන්ගේ පරාජයත් සමගයි. කොරියාවේ අවසාන රාජවංශය වූයේ ජොසොන් රාජවංශයයි.
ජොසොන් රාජධානිය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
1392–1897 | |||||||||
සේජොං රජුගේ ජුර්චෙන් ජයග්රහණයෙන් පසු ජෝසුන් රාජ්‍යයේ ව්‍යාප්තිය | |||||||||
අගනුවර | හන්සොං[N 1] සැකිල්ල:Latd = 37 | ||||||||
පොදු භාෂාවන් | කොරියානු | ||||||||
ආගම | නව කොන්ෆියුසියානුවාදය (රාජ්‍ය ආගම) කොරියානු බුදුදහම කොරියානු යකැදුරුවාදය ක්‍රිස්තියානි (1886 සිට) | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
රජු | |||||||||
• 1392–1398 | තේජෝ (1වන) | ||||||||
• 1418–1450 | මහා සේජොං (4වන) | ||||||||
• 1863–1897 | ගෝජොං (26වන) | ||||||||
යොංගුයිජොං පසුව අග්‍රාමාත්‍ය | |||||||||
• 1392-1398 | ජොං දෝ-ජොන් | ||||||||
• 1793–1801 | චේ ජේගොං | ||||||||
ඓතිහාසික යුගය | මුල් නූතන යුගය | ||||||||
• 1388 කැරැල්ල | 1388 මැයි 20 | ||||||||
• තේජෝ රජුගේ සිංහාසනාරූඪය | ජූලි 17, 1392 | ||||||||
1446 ඔක්තෝම්බර් 9 | |||||||||
• ජපන් ආක්‍රමණ | 1592–1598 | ||||||||
• මැංචු ආක්‍රමණ | 1627, 1636–1637 | ||||||||
• 1876 ජපන්-කොරියානු ගිවිසුම | 1876 පෙබරවාරි 27 | ||||||||
ඔක්තෝබර් 12 1897 | |||||||||
ජනගහණය | |||||||||
• 1753[2] | ඇස්තමේන්තුගත. 18,960,000 | ||||||||
ව්‍යවහාර මුදල | මුන්
(1633–1892) | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | උතුරු කොරියාව දකුණු කොරියාව | ||||||||
11897දී කොරියාවේ අධිරාජයා බවට පත් විය |
එහි සමයේ, ජෝසුන් රාජ්‍යය කොරියානු සංස්කෘතිය තුළ චීන කොන්ෆියුසියානු පරමාදර්ශයන් සහ දර්ශනයන්හට වැඩීමට ඉඩ සැලසී ය. නව කොන්ෆියුසියානුවාදය නව රාජවංශයේ දර්ශනය ලෙස ස්ථාපනය කෙරිණි. බුදුදහම අධෛර්යයට ලක් කෙරුණු අතර ඇතැම් අවස්ථාවල බුදුදහමට රාජවංශයේ පීඩාවන්ට ලක්වීමටද සිදු විය. මෙම ජෝසුන් ඒකාබද්ධ පාලනය නූතන කොරියාව කෙරෙහි මඟපෑදූ අතර එහිදී සම්භාව්‍ය කොරියානු සංස්කෘතිය, වෙළඳාම, විද්‍යාව, සාහිත්‍යය, සහ තාක්ෂණය උච්චත්වයට පත් විය. කෙසේවුවත් 16වන සියවසේ අගභාගයේ සහ 17වන සියවසේ මුල්භාගය වන විට රාජංවශය තදබල ලෙස දුර්වල වන්නට විය. ඒ සදහා ජපානයේ කොරියානු ආක්‍රමණය (1592-98), 1636දී කොරියානු අර්ධද්වීපය පුරා සිදු වූ පළමු සහ දෙවන මැංචු ආක්‍රමණ මේ සදහා බලපෑවේ ය. මේ හේතුවෙන් රාජ්‍යයට දැඩි හුදකලා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදු වූ අතර රාජ්‍යය "තවුසන්ගේ රාජධානිය" ලෙස ප්‍රකට වූයේ ඒ හේතුවෙනි. මැංචූරියාවේ ආක්‍රමණ අවසන් වූ පසුව ජොසොන් රාජ්‍යය වසර 200ක පමණ නිදහස් කාලපරිච්ඡේදයක් ගතකළේ ය.
කෙසේවුවත් හුදකලා කාලපරිච්ඡේදය තුළ රාජ්‍යය බලය අතින් ආඩ්‍යත්වයට පත් වන්නට වුවත් 18වන සියවස වන විට එය පරිහානි ලක්ෂණ පෙන්වන්නට විය. මෙකල අභ්‍යන්තර ආරවුල්, බල අරගල, අන්තර්ජාතික පීඩනය සහ කැරලි හමුවේ 19වන සියවස වන විට ජොසොන් රාජවංශය ශීඝු ලෙස පරිහානියට පත්වන්නට විය.
ජොසොන් රාජවංශය නූතන කොරියාව; නූතන කොරියානු සංස්කෘතිය, චාරිත්‍ර, සම්මතයන්, සහ සමාජයීය අනන්‍යතාවන් කෙරෙහි සුවිශේෂී බලපෑමක් ඇති කළ අතර එය නූතන කොරියානු භාෂාව හැඩගැස්වීමෙහි ලා ඉමහත් කාර්යභාරයක් ඉටු කළේ ය.