කොරියානු අධිරාජ්‍යය
From Wikipedia, the free encyclopedia
මෙම පිටුව කොරියානු අධිරාජ්‍යය පිළිබඳ විශ්ලේෂණාත්මක විස්තරයකි. මෙම යුගයේ සිදුවීම්වල කාලරේඛාවක් සඳහා, ග්වංමු ප්‍රතිසංස්කරණයේ කාලරේඛාව බලන්න.
කොරියානු අධිරාජ්‍යය (කොරියානු: 대한제국; හන්ජා: 大韓帝國; දේහන් ජේගුක්; කොරියානු උච්චාරණය: [tɛ.ɦan.dʑe.ɡuk̚]; සාහිත්‍යමය "මහා කොරියානු අධිරාජ්‍යය") ප්‍රකාශයට පත්කරන ලද්දේ 1897 ඔක්තෝබර් මස, 1894 සිට 1895 තෙක් පැවති දොංහක් ගොවි විප්ලවය සහ රට ආගාධයකට ඇද දැමූ 1894-1896 කාලයේ පැවති ගැබෝ ප්‍රතිසංස්කරණ හේතුවෙනි. 1910 අගෝස්තු මස ජපානය විසින් කොරියාව ඈඳාගන්නා තෙක්ම කොරියානු අධිරාජ්‍යය පැවතිණි.
Quick Facts කොරියානු අධිරාජ්‍යය මහා කොරියානු අධිරාජ්‍යය 대한제국(大韓帝國)දේහන් ජේගුක්, අගනුවර ...
කොරියානු අධිරාජ්‍යය මහා කොරියානු අධිරාජ්‍යය 대한제국(大韓帝國) දේහන් ජේගුක් | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1897–1910 | |||||||||||
ජාතික ගීය: 《대한제국 애국가》 (සිංහල: "කොරියානු අධිරාජ්‍යයේ දේශප්‍රේමී ගීතය") (1902–10) | |||||||||||
කොරියානු අර්ධද්වීපයේ භූමිය | |||||||||||
අගනුවර | හන්සොං (සෝල්) | ||||||||||
පොදු භාෂාවන් | කොරියානු | ||||||||||
ආගම | නව-කොන්ෆියුසියානුවාදය කොරියානු බුදු දහම ක්‍රිස්තියානි ආගම | ||||||||||
රජය | පරම රාජාණ්ඩුව | ||||||||||
අධිරාජයා | |||||||||||
• 1897–1907 | ගෝජොං (පළමු) | ||||||||||
• 1907–1910 | සුන්ජොං (අවසන්) | ||||||||||
අග්‍රාමාත්‍යa | |||||||||||
• 1894–1896 | කිම් හොං ජිප් | ||||||||||
• 1897–1898 | යුන් යොං සුන් | ||||||||||
• 1905 | හන් ක්යු සුලු | ||||||||||
• 1905–1907 | පාක් චේ සූන් | ||||||||||
• 1907–1910 | යේ වන්යොං | ||||||||||
ව්‍යවස්ථාදායකය | ජුංචුවොන් (중추원,中樞院) | ||||||||||
ඓතිහාසික යුගය | නව අධිරාජ්‍යවාදය | ||||||||||
• අධිරාජ්‍යය ප්‍රකාශයට පත් කිරීම | 13 ඔක්තෝබර් 1897 | ||||||||||
• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව | 17 අගෝස්තු 1899 | ||||||||||
• යුල්සා ගිවිසුම | 17 නොවැම්බර් 1905 | ||||||||||
• හේග් රහස් දූත සම්බන්ධතාව | 1907 | ||||||||||
• ජපානය විසින් ඈඳා ගැනීම | 29 අගෝස්තු 1910 | ||||||||||
ජනගහණය | |||||||||||
• 1900[1] | 17,082,000 | ||||||||||
ව්‍යවහාර මුදල | යැං (1897–1902) වොන් (1902–10) | ||||||||||
| |||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | උතුරු කොරියාව දකුණු කොරියාව චීනය (1909ට පෙර) | ||||||||||
a 총리대신 (總理大臣) පසුව නාමය 1905දී 의정대신 (議政大臣) ලෙස වෙනස් කෙරුණු අතර, 1907දී 총리대신 ලෙස යළි නෙම්කෙරිණි. |
Close
ගෝජොං අධිරාජයාගේ සමයේ යුධ, ආර්ථික, ඉඩම් ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය සහ නොයෙකුත් කර්මාන්ත අර්ධ වශයෙන් බටහිරකරණයට ලක් විය. ග්වංමු ප්‍රතිසංස්කරණ ඔස්සේ කොරියාවේ සිදුවූ බටහිරකරණය සහ කාර්මීකරණය පිළිබඳ ජපානය දැඩිව විමසිලිමත් විය. ජපානයේ නේවාසික-ජනරාල්වරයා වූ ඉටෝ හිරොබුමිගේ ඝාතනයෙන් පසු, කොරියානු අධිරාජ්‍යය ඈඳා ගැනීමට ජපානය තීරණය කළේ ය.