හන්ජා
From Wikipedia, the free encyclopedia
හන්ජා (කොරියානු උච්චාරණය: [ha(ː)nt͈ɕa]) යනු චීන අක්ෂර (චීන:漢字;පින්යින්:hànzì) සඳහා වන කොරියානු නාමයකි.[1] වඩාත් විශේෂිතව, එමගින් චීන බසින් උපුටාගෙන කොරියානු බසට ඇතුළත් කළ අක්ෂර එහි කොරියානු උච්චාරණය ඇතුළත් කොට ඇත. හන්ජා-මල් හෙවත් හන්ජා-ඉයෝ යන්න හන්ජා සමග ලිවිය හැකි වචන සඳහා ද, හන්මුන් (한문, 漢文) යන්න සම්භාව්‍ය චීන ලිවීම සඳහාත් භාවිත වුවද, "හන්ජා" සමහර අවස්ථාවන්හි මෙවන් වෙනත් අරමුණු සඳහා ද භාවිතා වේ. එයට හේතුව හන්ජා කිසිදින ප්‍රබල ප්‍රතිසංස්කරණයන්ට ලක්නොවීම නිසා එය බොහෝදුරට සම්ප්‍රදායික චීන සහ ක්යූජිටායි අක්ෂරවලට සමානත්වයක් දැක්වීමයි. නමුත් ඉතා සුළු හන්ජා අක්ෂර සංඛ්‍යාවක් නවීකරණයට ලක් වී හෝ කොරියානු දේශයට සීමා වී පවතී. නමුත් ජපානයේ සහ චීන මහාභූමියේ භාවිත වන සරල කරන ලද චීන අක්ෂර හන්ජා අක්ෂරවලට වඩා අඩු පහර සංඛ්‍යාවකින් යුක්ත ය.
හන්ජා | |
---|---|
වර්ගය | line-height:1.25em
|
භාෂා | කොරියානු |
පීතෘක ක්‍රම | දිවැස් අස්ථි අක්ෂර
|
Sister systems | කාංජි, ෂුයින්, සම්ප්‍රදායික චීන, ඛිටන් අක්ෂර, ජුර්චෙන් අක්ෂර |
හන්ජා | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 한자 |
හන්ජා | 漢字 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | හන්ජා |
මැකූන්–රයිෂවර් | හන්චා |
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
මෙම ලිපියේ චීන පෙළ ඇතුළත් වෙයි. නිසි ප්‍රදර්ශන සහාය නොමැති වූ විට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු හෝ වෙනත් සලකුණු චීන අක්ෂර වෙනුවට ඔබට පෙනෙනු ඇත. |
කෙසේනමුත් දැන් හංගුල් ලෙස හැඳින්වෙන කොරියානු වාග්මාලාව, 1440 දශකයේ මහා සේජොං රජුගේ මූලිකත්වයෙන් විද්වතුන් පිරිසක් සම්පාදනය කළ නමුත්, එය පසුකාලීන 19වන සහ 20වන සියවසේ මුල්භාගය වන තෙක් පුළුල්ව භාවිතයට නොගැණිනි.[2] මෙලෙසින්, එම කාලය වනතෙක්ම කොරියානු සාහිතය තුළ කියවීම සහ ලිවීම සඳහා බහුලව භාවිත වූයේ හන්ජා බස වන අතර, බොහෝ කොරියානු ලියවිලි හන්ජා බසින් ලියැවී ඇත. අද පවා, පැරණි ලියවිලි (1990 දශකයට පෙර) හෝ මානව ශාස්ත්‍ර විද්වත් ලිපි කියවීමට නම් යමෙකුට චීන අක්ෂර පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍ය ය. හන්ජා බස තරමක් හෝ ඉගෙනීම යමෙකුට චීන-කොරියානු වදන්වල නිරුක්තිය වටහාගැනීමට පහසුවක් වන අතර යමෙකුට සිය කොරියානු වාග්මාලාව පුළුල්කොට ගත හැක. ස්වදේශික කොරියානු වදන් ලිවීම සඳහා හන්ජා භාවිතා නොකෙරෙන අතර, ඒ සඳහා හංගුල් භාවිත වේ. එමෙන්ම චීන සම්භවයක් ඇති—හන්ජා-ඉයො (한자어, 漢字語)—පවා බොහෝවිට හංගුල් වර්ණමාලාව භාවිතයෙන් ලියනු ලබයි.