යි ගෘහය
From Wikipedia, the free encyclopedia
යි ගෘහය, හෙවත් කොරියානු අධිරාජ්‍ය ගෘහය හෙවත් ජොන්ජු යි වංශය යනුවෙන් හඳන්වන්නේ ජොසොන් සහ කොරියානු අධිරාජ්‍යයේ රාජකීය ගෘහයයි. මෙය ජොසොන්හි ආදිකර්තෘ වන යි සොං-ග්යේ හෙවත් මරණාපරව තේජෝ ("උසස්ම ආදිතමයා") රජුගෙන් පැවතෙන්නකි. කොරියානු අධිරාජ්‍යයේ (1897-1910) අධිරාජ්‍ය පවුල ඇතුළුව ඔහුගෙන් පැවතෙන සියල්ලන් ජොන්ජු යි වංශයට අයත් යැයි සැලකේ.
යි ගෘහය | |
---|---|
| |
රට | කොරියාව ජොසොන් |
අභිධාන |
|
මුල්ම රජ | ජොසොන්හි තේජෝ |
අවසන් රජ | කොරියාවේ සුන්ජොං |
වත්මන් රජ | යි හේ-වොන් සහ යි වොන් නීති ප්‍රකාරව |
ඇරඹුම | 17 ජූලි 1392 - ජොසොන්හි පිහිටුවීම. |
නෙරපීම | 1910 - 1910 ජපන්-කොරියා ගිවිසුම |
ශාඛා | ආධුනික ශාඛා 125 (ආසන්නව 105ක් පෙනෙන්නට ඇත) අයත් වන්නේ:
|
ජනවර්ගය | කොරියානු |
1910 ජපන්-කොරියා ගිවිසුම මගින් කොරියානු අර්ධද්වීපය ජපන් අධිරාජ්‍යයට ඈඳාගැනීමත් සමග, යි වංශයේ ඇතැම් සාමාජිකයන් ජපන් අධිරාජ්‍ය ගෘහය වෙත ඇතුළත් කරගැනුණු අතර[1] 1947 වන තෙක්ම ඔවුන් ජපන් රජයේ රදළ පිරිසක් ලෙස සැලකිණි.[2] ජපන් ව්‍යවස්ථාව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු, රාජකීයයන් ලෙස ඔවුන්ගේ තත්ත්වය කිසිදු රටක් විසින් පිළිනොගැණිනි. කෙසේනමුත්, දකුණු කොරියානු මාධ්‍ය වරින්වර ඔවුන් කෙරෙහි උනන්දු වන්නට විය. මෙය සිදු වූයේ 2005 ජූලි මස රාජකීය නිවසේ හිටපු ප්‍රධානී යි ගුගේ අවමංගල්‍යයත් සමගයි.
වර්තමානය වන විට, අපේක්ෂකයන් තිදෙනකු සිහසුනට උරුමකම් කියති. යි ගෘහයේ සාමාජිකයන්ගේ තීරණය අනුව උයි කුමරුගේ නවවන පුත්‍රයාගේ පුත් යි වොන්, මරණාපරව ගුගේ හදාගත් පුත්‍රයා ලෙස නම්කොට ගෘහයේ නාමික ප්‍රධානියා ලෙස පත් කිරීමට තීරණය කරන ලදී. 2006දී ඇතැම් සාමාජිකයන් විසින් ඔහුගේ නැන්දණිය සහ උයි කුමරුගේ දෙවන වැඩිමහල් දියණිය වූ යි හේ-වොන් අධිරාජිනිය ලෙස නම්කරන ලදී. උයි කුමරුගේ තවත් පුත්‍රයකු වූ අධිරාජ්‍ය ප්‍රතිෂ්ඨාපන නිදහස් සංවිධානයක නායකයකු වන යි සොක් ද උරුමකරුවකු ලෙස සැලකෙයි. මෙම වංශයේ තවත් උරුමකරුවකු එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වී කැලිෆෝනියාවේ අර්වින් කොලීජියට ඇතුළත් වී සිටින බව පැවසෙයි.