![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1a/Raja_Ravi_Varma%252C_Goddess_Saraswati.jpg/640px-Raja_Ravi_Varma%252C_Goddess_Saraswati.jpg&w=640&q=50)
සරස්වතී
From Wikipedia, the free encyclopedia
හින්දු ආගමෙහි, සරස්වතී (සංස්කෘත: सरस्वती), යනු දැනුම, සංගීතය, කලාව, ප්‍රඥාව සහ විද්‍යාව පිළිබඳ දෙවඟන යි. ඇය ලක්ෂ්මී සහ පාර්වතී ප්රමුඛ ත්රිදේවීන්ගෙන් එක් අයෙකි.
සරස්වතී | |
---|---|
![]() | |
දේවනාගරී | सरस्वती |
සංස්කෘත පරිවර්තනය | Saraswatī |
අනුබැඳිය | දේවතාවිය, ත්‍රිදේවී, ආදි පරාශක්ති |
වාසභවනය | බ්‍රහ්මලෝක |
මන්ත්‍රය | ඕම් ශ්‍රී මහාසරස්වත්යේ නමඃ |
සංකේත | වීණාව |
වල්ලභයා | බ්‍රහ්ම[1][2] |
වාහනය | මොනරා හංසයා |
ප්‍රදේශය | දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ටිබෙටය සහ ජපානය |
උත්සව | වසන්ත පංචමි |
සරස්වතිය දෙවඟනක් ලෙස පළමුව සඳහන් වන්නේ ඍග් වේදය තුළයි. ඇය වෛදික යුගයේ සිට හින්දු සම්ප්රදායන්හි නූතන යුගය දක්වා දේවතාවියක් ලෙස සැලකිය යුතු ලෙස රැඳී සිටි. පොතක්, ජපමාලයක්, පැන් කෙන්ඩියක් සහ වීණාව නම් සංගීත භාණ්ඩයක් අතැතිව, අත් හතරක් සහිතව සාමාන්‍යයෙන් පෙන්නුම් කෙරේ. මෙම සෑම ආභරණයක් තුළම හින්දු ආගමේ සංකේතාත්මක අර්ථයක් ඇත.
ඇතැම් හින්දු බැතිමතුන් වසන්ත පංචමී දින (වසන්තයේ පස්වන දිනය, ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල සරස්වතී පූජා සහ සරස්වතී ජයන්ති ලෙසද හැඳින්වේ.) එතුමියට ගෞරව පිණිස පූජාවන් පවත්වයි. බටහිර සහ මධ්‍යම ඉන්දියාවේ ජෛන ආගමේ අනුගාමිකයන්, මෙන්ම සමහර බෞද්ධ නිකායන් අතරද දෙවඟන ගෞරවයට පාත්‍ර වේ.