ද්‍රව්‍ය පිළිබඳ ලද දැනුම හා අවබෝධයත්, ඒ ඇසුරින් නිර්මාණය කරගත් පරිකල්පිත දැනුමත් විද්‍යාව නම් වේ.මෙම වචනය බෞද්ධ දර්ශනය තුලින් සිංහලයට පරිනාමය වූ වචනයකි.බෞද්ධ දර්ශනයට අනුව මෙහි විද්‍යාව ලෙස අදහස් කරනුයේ නවීන බටහිර විද්‍යාව නොව ලෝකෝත්තර චතුරාර්ය සත්‍යය පිලිබඳ දැනීම නම්වූ විද්‍යාවයි.

විද්‍යාව යනු

සිතීමේ හැකියාව ඇති ජීවීන් කොටසක් මත විද්‍යාව තුලනය වෙමින් පවතී. විද්‍යාව සමබර නැත. එය 100% සත්‍ය නොවේ. එය මිනිසා විසින් අවසානයක් දක්වා තුලනය කිරීමට උත්සහ දරයි. නමුත් එය තුලනය කිරීමට කිසිදා නොහැකි වනු ඇත. උපතේදී අයකු ක්‍රියා කරන්නේ හැඟීම් හා උත්තේජයන් මතය. නමුත් උපතේ සිට ඹහු ඇස, කණ, දිව, නාසය, සම යන ඉන්ද්‍රීන් මගින් භාහිර ලෝකය ග්‍රහණය කරගනී. එම ඉන්ද්‍රීන් මගින් ග්‍රහනය කරගන්නා ලෝකය මොළය මගින් ප්‍රත්‍යක්ෂ කර ගනී. ඒ ප්‍රත්‍යක්ෂයන් දැනුම නම් වේ. එම ප්‍රත්‍යක්ෂයන්ගේ නිරවද්‍යම යැයි සැලකිය හැකි ප්‍රත්‍යක්ෂයන් විද්‍යාව ලෙස හැදින්වේ. විද්‍යාවේ උපතත් විද්‍යාවේ මරණයත් මිනිස් ශිෂ්ඨාචාරයේ උපතත් මිනිස් ශිශ්ඨාචාරයේ මරණයත් වන්නේය. සමහරක් දෑ මිනිසාගේ ඉන්ද්‍රීය පද්ධතියට ගෝචර නොවේ. ඒවා ඉන්ද්‍රීන් මගින්ම වක්‍රා කාරයෙන් මිනිසා ගෝචර කරගැනීමට උත්සහ දරයි. 20 අඩු හා 20000 වැඩි තරංග අපේ ඉන්ද්‍රීන්ට ගෝචර නොවූවත් විවිද උපක්‍රම භාවිත කර පරිගණකය නම් උපකරණයකින් ඒවා මිනිස් සත්ත්වයා ගෝචර කර ගනී. (සැ.යු.- මනස ඉන්ද්‍රියක් නොව කල්පිතයක් බැවින් එයින් පරිසරය ගෝචර කරගත නොහැක. මෙසේ කළහැකි ලෙස අයකු දකින්නේ අධික භාවනාව නිසා මනස විකෘති වී හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙනි. මෙය මානසික විකෘතියක් මිස යතාර්තය නොවේ.) මෙලෙස විවිධ ක්‍රම මගින් අප ලෝකය ප්‍රත්‍යක්ෂ කරගනී. එම ප්‍රත්‍යක්ෂයන් විද්‍යාව තව තවත් සංවිධානාත්මක කරවයි. නමුත් සිහියේ තබාගතයුතු දෙයක් ඇත. විද්‍යවේදී ද දෙයක් සම්බන්දව මත කිහිපයක් තිබිය හැක. සමහර විට ඒ සියලු මත නිර්වද්‍ය නොවනු ඇත.

සරලව පැවසුවොත් - "විද්‍යාව යනු ස්වාබදර්මයේ බලපැවැත්වෙන මූලධර්මයන් හදුනා ගැනිමත් ඒවා අර්ථ දක්වා ගැනීමත් ය. ඒනම් විද්‍යව මිනිසා ගල්යුගයේ ආයුධ තැනු දා පටන් පැවත එන දැනුම අද්දැකිම් මුල් කොට ගත් ක්‍රියාවලියකි."

භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව, විශ්ව විද්‍යාව, ගණිතය සහ දර්ශනය යන ක්ෂේත්‍ර සඳහා විශාල දායකත්වයක් ලබා දුන් ගැලීලියෝ ගැලීලි නවීන විද්‍යාවේ පියා ලෙස සැලකේ.

වදන

මෙම විද්‍යා හෝ විජ්ජා ලෙස යෙදෙන වදන බොහෝ දකුණු ආසියානු භාෂා වල යෙදෙන අතර මෙහි ඍජු පරිවර්ථනය ලෙස ගතහැකි තනි වදනක් ඉංග්‍රීසි ඇතුථ බොහෝ යුරෝපීය භාෂාවල නොමැත.

හින්දු ආගම අනුව විද්‍යාව

බුද්ධ ධර්මයට අනුව විද්‍යාව

ආශ්‍රිත ලිපි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.