![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Shiva_cropped.jpg/640px-Shiva_cropped.jpg&w=640&q=50)
ශිව දෙවියන්
හින්දු ආගමට අනුව ලෝකය විනාශ කල හැකි දෙවියන් / From Wikipedia, the free encyclopedia
පරාශිව සඳහා මෙතනින් බලන්න.
ශිව දෙවියන් | |
---|---|
සර්වබලධාරී දෙවිඳුන්; පරමාත්මය; විශ්වය මැවුම්කරු; භාවනාවට, කලාවට, යෝගවලට, නර්ථනයට අධිපති ; නපුර නසන ශ්‍රේෂ්ඨ විනාශකරු; | |
![]() මුරුදේෂ්වර් හී ඇති පද්ම ආසනයෙන් සිටින ශිව දෙවියන්ගේ ප්‍රතිමාව | |
වෙනත් නම් | මහාදේව, බෝලෙනාථ, නීලඝණ්ට, චන්ද්‍රශේඛර |
දේවනාගරී | शिव |
සංස්කෘත පරිවර්තනය | Śiva |
අනුබැඳිය | බ්‍රහ්මන් (ශෛව ආගම), ත්‍රී මූර්තිය,පරමාත්මය, ඊශ්වර, දේව |
වාසභවනය | කෛලාශ භවන |
මන්ත්‍රය | ඕම් නමහ් ශිවාය |
ආයුධය | පශුපඨාස්ත්‍ර, ත්‍රිශූලය, පරශු-පොරව, පිනක දුන්න |
සංකේත | ශිව ලිංගය |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | සතී, පාර්වතී |
දරුවන් | ගනේශ කාර්තිකේයා අශෝක සුන්දරී අයියප්පන් මානසා |
වාහනය | නන්දි (වෘෂභයා) |
උත්සව | ශ්‍රාවන, මහා ශිව රාත්‍රී |
ශිව ( /ˈʃivə/ ; සංස්කෘත : शिव, Śiva) දෙවියන් හින්දු ආගමේ ත්‍රී මූර්තියේ එක් ප්‍රධාන දෙවිවරුන් ගෙන් කෙනෙකි. සමකාලීන හින්දු ආගමේ ප්‍රධාන සම්ප්රදායන්ගෙන් එකක් වන ශෛව ආගම තුළ ශිව දෙවියන් සර්වබලධාරී දෙවියන් ලෙස හැඳින්වේ.
බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන හින්දු ත්‍රී මූර්තිය තුළ ශිව දෙවියන්ව "විනාශකරන්නා" යනුවෙන් හැඳින්වෙයි. ශෛව සම්ප්‍රදායට අනුව ශිව දෙවියන් විශ්වය නිර්මාණය කරයි, සුරැකීම හා පරිවර්තනය ද කරයි. ශක්ති වාදය නම් වූ හින්දු ආගමික සම්ප්රදායේ දී, ආදිපරාශක්ති නම් වූ දේවතාවිය විශ්වය නිර්මාණය කලා යැයි විශ්වාස කෙරෙන අතර, එහිදී ආදිශක්ති ස්වරූපය දැරිය හැකි යැයි කියැවෙන පාර්වතී දේවියගේ ස්වාමියා ලෙස ශිව දෙවියන් ගෞරවයට පාත්‍ර වී ඇත.
ශෛව ආගමට අනුව, ශිව දෙවියන් විශ්වයේ උසස්ම, සීමාරහිත වන, නොවෙනස් වන බ්‍රහ්ම සහ විශ්වයේ පරම ආත්මය වේ. යෝගී වරයෙක් වන එතුමා කෛලාශ කන්දේ වැඩ සිටී. ශිව දෙවියන් නිතර භාවනාව තුල සමාධිමත්ව සිටින දෙවි කෙනෙක් වන අතර කරුණාවන්ත, ඉවසිලිවන්ත දෙවි කෙනෙක් ලෙස පෙන්වා දී ඇත. ශිව දෙවියන්ගේ බිරිඳ පාර්වතී සහ ඔහුගේ දරුවන් දෙදෙනා, ගනේෂ සහ කාර්තිකේය වේ. ශිව දෙවියන්ගේ විනාශකාරී බලයෙන් නිරන්තරයෙන්ම අධර්මිෂ්ටයන් විනාශ කරයි. ශිව යනු යෝගා, භාවනාව සහ කලාව යන දේවල් වලට අධිපති දෙවියා ලෙස සලකනු ලබන නිසා “යෝගී මහාදේව“ ලෙස ද හඳුන්වයි.
ශිව දෙවියන්ගේ ගෙළ වටා නාගයෙකු සිටින අතර අඩ සඳ හිසේ පළඳී, ශුද්ධ වූ ගංගා නම් ගඟ ඔහුගේ හිස කෙස් අතරින් ආරම්භ වේ. තුන්වන ඇසක් ඔහුගේ නළල මත පිහිටා ඇත. ත්‍රිශුලය ඔහුගේ ආයුධය වේ.