![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/04/Vishnu_0.jpg/640px-Vishnu_0.jpg&w=640&q=50)
විෂ්ණු
From Wikipedia, the free encyclopedia
විෂ්ණු (සංස්කෘත උච්චාරණය : [ vɪʂɳu ] ; සංස්කෘත : विष्णु , Viṣṇu ) හින්දු ආගමේ ප්‍රධානතම දෙවිවරුන්ගෙන් කෙනෙකි. වෛශ්ණවවාදයට අනුව පරම ආත්මය හෝ පරම සත්‍ය ලෙස හැඳින්වේ. බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන හින්දු ත්‍රී මූර්තියෙන් ‘‘විශ්වය ආරක්ෂාකරන්නා“ විෂ්ණු දෙවියන්ය. වෛෂ්ණවවාදයට අනුව විෂ්ණු දෙවියන් විශ්වයේ උත්තරීතරම බ්‍රහ්මයා සේ හඳුන්වයි. එතුමා විවිධ යුග වලදී විවිධ අවතාර දරා ලෝකය නපුරෙන් ආරක්ෂා කරන බව විශ්වාසයයි. එතුමාගේ අවතාර අතර වැඩිපුර අවදානයට ලක්ව ඇත්තේ රාමායනයෙහි කියැවෙන රාම සහ මහාභාරතයෙහි සඳහන් ක්රිෂ්ණ අවතාරයි. එතුමන්ව නාරායන, ජගන්නාථ, වාසුදේව, විතෝභ සහ හරී යනුවෙන්ද හඳුන්වනු ලබයි. හින්දු ආගමේ පංචායටන පූජාවේදී වන්දනා කරනු ලබන දෙවි වරුන් පස් දෙනාගෙන් එක් අයෙක් වන්නේ විෂ්ණු දෙවියන්ය.
විෂ්ණු | |
---|---|
ලෝක ආරක්ෂක දෙවි, යහපත රැකීම, ධර්මය ප්‍රතිෂ්ඨාපනය, මෝක්ෂය[1][2] | |
![]() විෂ්ණු | |
අනුබැඳිය | පරම බ්‍රහ්ම (වෛෂ්ණව ආගම), ත්‍රීමූර්ති, දේව, ත්‍රිදේව් |
වාසභවනය | වෛකුන්ත |
මන්ත්‍රය | ॐ नमो नारायणाया (ඕම් නමෝ නාරායනාය) ॐ नमो भगवते वासुदेवाय (ඕම් නමෝ භගවතේ වාසුදේවාය) |
ආයුධය | චක්‍රය (සුදර්ශන චක්‍රය) සහ යගදාව (කෞමෝදකී ගදාව)[3] |
සංකේත | රෝස නෙළුම, පංචජන්‍ය සංඛය |
වල්ලභයන් | ලක්ෂ්මී |
සොයුරු/සොයුරියන් | ශක්ති හෙවත් පාර්වතී |
වාහනය | ගරුඬ[3] |
උත්සව | හෝලි, රාම් නවාමි, ක්රිෂ්ණ ජන්මාෂ්ටමි, නරසිංහ ජයන්ති, දීපවාලි, ඕනම්, විවාහ පංචමි, විජයදශාමි, අනන්ත් චතුර්දාශි, දෙව්ශයනි ඒකදාශි, කාර්තික් පූර්නිමි, තුල්සි විවාහ්[4] |
හින්දු ආගමික ප්‍රතිමා නිර්මාණයේදී විෂ්ණු දෙවියන් දීප්තියෙන් අඩු නිල් හෝ තද නිල් වර්ණයෙන් යුක්ත වන අතර අත් හතරකින් සමන්විත වේ.
එතුමාගේ වම් අතේ රෝස නෙළුම් මලකුත්, දකුණු අතේ කෞමෝදකී ගදාවත්, පංචජන්‍ය සංඛය ඉහලින් පිහිටි වම් අතේ සහ සුදර්ශන චක්‍රය ඉහලින් පිහිටි දකුණු අතෙත් ඇති ලෙස දක්වා ඇත.
විෂ්ණු දෙවියන් පිළිබඳව සඳහන් පැරණි විස්තර වලට අනුව එතුමා ශේෂ නාගයාගේ දරණය මත සැතපී සිටින අතර ලක්ෂ්මී දේවියද එතුමා ළඟින් සිටී. එහි ගැබ් වූ අරුත වන්නේ විශ්වය යතාර්ථයක් කිරීමට සිහින දකිනවා යන්නයි.