ශක්ති
From Wikipedia, the free encyclopedia
වෙනත් භාවිතා සඳහා, ශක්ති (බහුරුත්හරණය) බලන්න.
ශක්ති (දේවනාගරී: शक्ति, IAST: Śakti; .සාහිත්‍ය. “බලය, ශක්තිය, හැකියාව, ප්‍රබලතාව, උත්සාහය, ශක්‍යතාව”[1]) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ ප්‍රධාන නිකායක් වන ශක්ත ආගමේ මූලාරම්භක විශ්වීය ශක්තිය වන අතර සමස්ත විශ්වය පුරා චලනය වන ගතික බලවේග ඉන් නිරූපණය වේ යැයි පැවසේ.[2] හින්දු ධර්මට අනුව බ්‍රහ්මන් හෙවත් දෙවියන් වහන්සේ නිර්මාණ ක්‍රියාවලියේදි පුරුශ සහ ශක්ති ලෙස කොටස් දෙකකට විද්‍යාමාන වන්නේය. පුරුෂ යනු ස්ථිරතාවය වන අතර ශක්තිය යනු ගතිමාන, ක්‍රියාකාරි වීමයි. එබැවින් හින්දු විශ්වාසයට අනුව විශ්වය නිර්මාණය පැවැත්ම සහ විනාශය යන් කාර්යන් ත්‍රිත්වය ඇතුළු සියල්ල ගතිමාන වන්නේ ශක්තිය හේතු කොට ගෙනයි.
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2017 පෙබරවාරි) |