![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0a/Aum_Om_black.svg/langsi-640px-Aum_Om_black.svg.png&w=640&q=50)
බ්‍රහ්මන්
From Wikipedia, the free encyclopedia
පර බ්‍රහ්මන් (IAST: Para Brahman; / සංස්කෘත දී: परब्रह्मन्) යනු සියලු වර්ණනයන්, සංකල්පීකරණයන් පරයන විශ්වයේ පරම තත්වයයි.[1][2][3] එය විශ්වයේ නිර්මාණයට පැවැත්මට සහ විනාශය මුඛ්‍ය වන අන්ත කාරණාවයි. එය විශ්වයේ සියලු නියමයන් පරයන් විශ්වය දරා සිටින සර්ව උත්තරීතර සර්ව ව්‍යාප්ති මූලයයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0a/Aum_Om_black.svg/320px-Aum_Om_black.svg.png)
බ්‍රහ්මන් අකාර ත්‍රිත්වයක් ඔස්සේ දැක්විය හැකිය. එනම් සත් (සත්‍ය) - චිත් (විඥානය) - ආනන්ද (ප්‍රමෝදය) ලෙසිණි. එය කිසිදා නොවෙනස් වන නමුත් සියලු වෙනස් වීම් වල මූලය එයයි.[2][4][5] බ්‍රහ්මන් යන්නෙන් අදහස් කරන්නේ පාරභෞතික සංකල්පයක් ලෙස විශ්වයේ පවතින සියලු විවිධත්වයන් පිටුපස ඇති තනි බැඳීමයි.
බ්‍රහ්මන් යනු වෛදික වාක්‍යකි. බ්‍රහ්මන් වේදයේ යතුර ලෙසද දැක්වෙන අතර මුල් කාලීන උපනිෂද් තුළ එය පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.[6] වේදයන් තුළ බ්‍රහ්මන් විශ්වීය මූලධර්මය ලෙස සංකල්පනය කරත් [7] උපනිෂද් තුළ එය පරම සත්‍ය, පරම විඥානය සහ පරම ප්රමෝදයට ලෙසත් එසේම ආකාරයක් සහිත සහ වෙනස් නොවන, ස්ථිර, ඉහළම යථාර්ථය ලෙස දක්වා ඇත.
බ්‍රහ්මන් හින්දු ග්‍රන්ථවල ආත්මන් යන සංකල්පය සමඟ සාකච්ඡා කරත් විවිධ ගුරු සම්ප්‍රදායන් සමඟ වෙනස් වේ.[8] ද්වෛත වේදාන්ත දර්ශනයට අනුව බ්‍රහ්මන් සෑම ජීවියෙකු තුළම ආත්මයට වඩා වෙනස් ය.[5][9][10] අද්වෛත වේදාන්ත දර්ශනයට අනුව බ්‍රහ්මන් ආත්මයට සමාන ය, බ්‍රහ්මන් සෑම ජීවියෙකු තුළම සහ සෑම තැනකම පැතිර පවතින අතර, පැවැත්මේ සියලු කොටස් එකතු කරන ඒකීයත්වයයි.[11][12]