ශෛව ආගම
From Wikipedia, the free encyclopedia
ශෛවම් යන වචනයෙන් අදහස් කරන්නේ "ශිව සමග සම්බන්ධ" යන්නයි. ශෛවවාදය ලෙසද හැඳින්වේ. ශිව යන්නෙන් අදහස් කරන්නේ ශුභදායක/ මංගල / යහපත වන අතර ශෛවම් යනු ප්‍රීතිදායක ශිව දෙවියන් වෙත ගෙන යන මාර්ගයයි.
ශෛවම් ශිව දෙවියන් අදහන ආගමයි. හින්දු ආගමේ ඉතා පැරණි ආගමක් වන ශෛවම් දර්ශනවලින් හා සංස්කෘතික අංග වලින් ඉතා පොහොසත් ය.වර්තමාන හින්දු දහමේ ශිව වන්දනය පැරණි අනාර්ය ඇදහිලි සහ රුද්‍ර දෙවියන් වන්දනාව ප්රමුඛ වෛදික ඇදහිලි වලින් විකාශනය වූවකි.ක්‍රිස්තු පූර්ව 4 වැනි සියවසේදී පමණ භගවත් ගීතාවට පෙර රචනා කරන ලද ශ්වේතාශ්වතර උපනිෂද්හි වත්මන් හින්දු දහමේ සහ ශෛවවාදයේ ඉගැන්වෙන ශිව දෙවියන් පිලිබද මුල්ම අදහස් දැකිය හැක.
එහි ශිව, රුද්‍ර , විශ්වයේ සංහාරකයා,මහේෂ්වර, ගුරු, භක්ති, යෝග, ආත්මන්,බ්‍රහ්මන් ( ශිව හා සම්බන්ධ )වැනි ශෛවවාදයේ ප්‍රධාන ඉගැන්වීම් සහ අදහස් අඩංගු වේ.
ශෛව ධර්මය ශෛව සිද්ධාන්තම්, කාශ්මිර ශෛව දහම, වීර ශෛව , කපාලික ආදි උප කොටස් තිබේ. මේ අතරින් ලංකාවේ හා දකුණු ඉන්දියාවේ මෙන්ම ලෝකයේම ජනප්‍රියම දර්ශනය ශෛව සිද්ධාන්තම් දර්ශනයයි. ශෛව දහමේ ප්‍රධාන ආගමික ග්රන්ථ ලෙස වේදයන්, ඊශාන ( ශිව) දෙවියන් වෙතින් ලැබුනේ යැයි විශ්වාස කරන ආගම ග්රන්ථ වැදගත් ග්රන්ථ වේ. ශෛවයන් උත්තරීතර දෙවියන්ට අරූප,අරූප රූප( පුද්ගල දේව ස්වරූපයක් නැති ලිංග සංකේතය), රූප(පුද්ගල ස්වරූප-උමා මහේශ්වර , සෝමස්කන්ධ,නටරාජ ,දක්ෂිණමූර්ති ආදි) ලෙස වන්දනාමාන කරයි.
ශෛව සිද්ධාන්තම් දර්ශනය
සත්‍යම් සිවම් සුභම් සුන්දරම්
ශෛව සිද්ධාන්තම් හි දර්ශනය වේදාන්ත දර්ශනයෙන් විකාශනය වූවකි. තිල්ලෙයි සහ මදුරෙයි සෛව සිද්ධාන්තයේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථාන වේ. ක්‍රිස්තු වර්ෂ එකොළොස්වන සියවසේදී පමණ
දකුණු ඉන්දියාවෙ සෛව සිද්ධාන්තය නමින් සුවිශේෂී දර්ශනයක් ඇරඹිණි.දකුණු ඉන්දියාවේ ඉතා ජනප්‍රිය ඇදහීමකි.
වේදයන්ට අමතරව
1. විසිඅටක් වූ ශෛව ආගම ග්රන්ථ ;
2. නම්බි අන්දර් නම්බි විසින් සම්පාදනය කරන ලද, "තිරුමුරායි" නමින් හැඳින්වෙන ශෛව ගීතිකා එකතුව; (එහි සම්බන්දර්, අප්පාර් සහ සුන්දරර්ගේ තේවාරම්; මානික්කවාසගර්ගේ තිරුවාචගම්; සහ තිරුමුලර්ගේ තිරුමන්තිරම් ඇතුලත් වේ)
3. පෙරියපුරානම් ලෙසින් හඳුන්වනු ලබන ශිව බැතිමතුන්ගේ ජීවිත කතා එකතුව;
4. මෙයිකන්ඩර්ගේ ශිව-ඥානබෝධම්;
5. අරුල්නන්දිගේ සිවඥානසිද්ධියර් සහ උමාපතිගේ කෘති. (තිරුමුලර්ගේ කෘතිය වන තිරුමන්තිරම් යනු පසුකාලීන ශෛව සිද්ධාන්ත දර්ශනයේ ව්‍යුහය ගොඩනැගුණු පදනමයි.) දක්ෂිණ ශෛවවාදයේ ප්‍රධාන මූලාශ්‍ර වේ.
ආශ්රිත- ස්වාමි ශිවානන්දගෙ ශිව දෙවියන් සහ ඔහු වන්දනය ග්‍රන්ථය , ශෛවම් වෙබ් අඩවිය