රාදෙන් විජය
මජපහිත් අධිරාජ්‍යයේ ආදිකර්තෘ සහ ප්‍රථම පාලක, ජාවානු රජ / From Wikipedia, the free encyclopedia
රාදෙන් විජය (හෙවත් නරාර්ය සංග්රාමවිජය, රාජ්‍ය නාමය කෙර්තරජස ජයවර්ධන) (රාජ්‍ය සමය 1293–1309) යනුවෙන් හැඳින්වෙන්නේ ජාවානු රජකු වන අතර, ඔහු මජපහිත් අධිරාජ්‍යයේ ආදිකර්තෘ සහ ප්‍රථම රජ ද වේ.[1] මජපහිත් රාජධානිය බිහිවූ අයුරු පිළිබඳ විස්තර පරරතොන් සහ නෙගරකෙර්තාගම වැනි මූලාශ්‍ර කිහිපයකම සඳහන් වේ. මොහුගේ පාලන සමය තුළ කුබ්ලයි ඛාන්ගේ යුවාන් රාජවංශය පරාජය කරවීම වැදගත් සිදුවීමකි.
Quick Facts කෙර්තරජස ජයවර්ධන, මජපහිත් හි රජ ...
කෙර්තරජස ජයවර්ධන | |||||
---|---|---|---|---|---|
ශිව සහ විෂ්ණු දේව සංයෝජනයෙන් සැදි හරිහර දේව ප්‍රතිමාවක්. මෙය කෙර්තරාජසගේ මරණින් පසු ඔහුව දෙවියකු ලෙස නිරූපිත අවස්ථාවකි. මෙය හමුවූයේ බ්ලිතර් හි චන්දි සිම්පින්ග්වලිනි. (ඉන්දුනීසියාවේ ජාතික කෞතුකාගාරය, ජකර්තා) | |||||
මජපහිත් හි රජ | |||||
රාජ්‍ය සමය | 1294–1309 | ||||
අනුප්‍රාප්තිකයා | ජයනෙගර | ||||
මරණය | 1309 මජපහිත් අධිරාජ්‍යය | ||||
වල්ලභයා | ත‍්‍රිභුවනා ගායත්‍රී රාජපත්නි ඉන්ද්රේශ්වරී(දාරා පෙතක්) ප්රඥාපාරමිතා නරේන්ද්‍ර දුහිතා | ||||
| |||||
රාජවංශය | රජස රාජවංශය | ||||
ආගම | හින්දු ආගම |
Close