![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1f/Nofretete_Neues_Museum.jpg/640px-Nofretete_Neues_Museum.jpg&w=640&q=50)
නෙෆර්ටිටි
From Wikipedia, the free encyclopedia
නෙෆර්නෙෆරුආටෙන් නෙෆර්ටිටි (/ˌnɛfərˈtiːti/[3]) (ක්‍රි.පූ. 1370 – 1330 පමණ) ඊජිප්තු පාරාවෝ වරයකු වූ අක්නාටෙන්ගේ මහා රාජකීය භාර්යාව(අග බිසව) වූවා ය. නෙෆර්ටිටි සහ ඇගේ ස්වාමියා තනි දෙවියෙකු, එනම් ආටෙන් හෙවත් හිරුමඩල වෙනුවෙන් වන්දනාමාන කිරීම ඇරඹූ අතර මෙය ආගමික විප්ලවයක් ලෙස සැලකේ. ඊජිප්තුව තුළ ආගමික සම්ප්රදායයන් වෙනස් මගකට හැර වූ මෙම නව ආගම හදුන්වා දීමට මූලික වූයේ අක්නාටෙන් සහ නෙෆර්ටිටි ය. ඇය සිය සැමියා සමග රාජ්‍ය කළ යුගය ඊජිප්තු ඉතිහාසයේ ධනවත්ම යුගය ලෙස සැලකෙයි.[4] සමහර විද්වතුන් විශ්වාසකරන්නේ නෙෆර්ටිටි සිය සැමියාගේ මරණින් පසුව, ස්මෙන්ඛාරේ රාජප්රාප්තියට ප්‍රථම නෙෆර්නෙෆරුආටෙන් යන නාමයෙන් රාජ්‍යය පාලනය කළ බවයි.එසේවුවත් මෙම මතය විවාදයට තුඩු දී ඇත.[5][6]
නෙෆර්නෙෆරුආටෙන්-නෙෆර්ටිටි රූපාක්ෂර වලින් | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
නෙෆර්නෙෆරුආටෙන් නෙෆර්ටිටි Nfr nfrw itn Nfr.t jy.tj ආටෙන්ගේ සුන්දරියන් අතර සුන්දරිය,සුන්දරිය පැමිණ ඇත. | ||||||||||||||
නෙෆර්ටිටි | |||||
---|---|---|---|---|---|
![]() නෙෆර්ටිටිගේ උඩුකය මූර්තිය, මෙය වර්තමානයේ නියුස් කෞතුකාගාරයේ ඒජිප්ටිස්කස් මියුසියම් බර්ලින් එකතුවේ තබා ඇත. | |||||
ඊජිප්තුවේ අගබිසව | |||||
නිල කාලය | ක්‍රි.පූ. 1353–1336[1] හෝ ක්‍රි. පූ.1351–1334[2] | ||||
උපත | ක්‍රි.පූ. 1370 පමණ | ||||
මරණය | ක්‍රි.පූ. 1330 පමණ | ||||
වල්ලභයා | අක්නාටෙන් | ||||
දරුවන් | මෙරිටාටෙන් මෙකෙටාටෙන් අන්ඛෙසෙනමුන් නෙෆර්නෙෂරුආටෙන් ටැෂෙරිට් නෙෆර්නෙෆරුරේ සෙටෙපෙන්රේ | ||||
| |||||
රාජවංශය | ඊජිප්තුවේ 18වන | ||||
පියා | ආයි (විය හැකියි) | ||||
ආගම | පැරණි ඊජිප්තු ආගම |
නෙෆර්ටිටි සදහා විවිධ අන්වර්ථ නාමයන් පැවතිණි. ඒ අතර පාරම්පරික කුමරිය (iryt-p`t); මහා අභිනන්දණිය (wrt-hzwt); කරුණාවේ ආර්යාව (nbt-im3t), ආදරයේ ප්‍රියාවිය (bnrt-mrwt); භූමි ද්විත්වයේ ආර්යාව (nbt-t3wy); ප්‍රධාන රජුගේ බිසව, ඔහුගේ ප්‍රියාවිය (hmt-niswt-‘3t meryt.f); මහා රජුගේ භාර්යාව, ඔහුගේ ප්‍රියාවිය (hmt-niswt-wrt meryt.f), සියලු කාන්තාවන්ගේ ආර්යාව (hnwt-hmwt-nbwt); ඉහළ සහ පහළ ඊජිප්තුවේ උත්තමාවිය (hnwt-Shm’w-mhw) යන නාමයන් ප්‍රධාන වේ.[7]
ඇය ප්‍රසිද්ධියට පත් වූයේඇගේ උඩුකය මූර්තිය නිසාවෙනි. වර්තමානයේ එය බර්ලින්හි නියුස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙම ප්‍රතිමාව පැරණි ඊජිප්තුවේ නිර්මාණ අතරින් වඩාත්ම අනුකරණයට ලක් වූ නිර්මාණය වේ. මෙය මූර්ති ශිල්පී තුත්මොස් ගේ නිර්මාණයක් ලෙස සැලකෙන අතර මෙය ඔහුගේ වැඩබිමෙන් හමුවූවකි. මෙම ප්‍රතිමාව පැරණි ඊජිප්තුවන් මුහුණේ ස්වභාවයන් ස්වාභාවික අයුරින් නිරූපණයට දැක් වූ දක්ෂතාව සදහා කදිම නිදසුනකි.[තහවුරු කර නොමැත]