ස්මෙන්ඛ්කරේ
From Wikipedia, the free encyclopedia
අන්ඛ්ඛෙපෙරුරේ ස්මෙන්ඛ්කරේ ඩ්ජෙසර් ඛෙපරු (ඇතැම්විට ස්මෙන්ඛරේ, ස්මෙන්කරේ හෝ ස්මෙන්ඛ්කරා යනුවෙන් ද හඳුන්වයි) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ 18වන රාජවංශයේ පසුකාලීනව කෙටි කාලයක් රාජ්‍ය පාලනය කළ පාරාවෝවරයෙකි. ඔහුගේ නාමයේ පරිවර්තනය 'රේගේ සවරූපයන් ජීවමාන ය' සහ 'රේගේ තේජවන්ත ආත්මය – ස්වරූපයන් අතර පූජනීය' යන්නයි.[1] ඔහු රාජ්‍ය පාලනය කළේ අක්නාටන් විසින් නව ආගමික දර්ශනයන් හඳුන්වා දුන් අමර්ණ යුගයේ ය. ඔහු ඔහුගේ ක්ෂණික පූර්වප්රාප්තියා වූ අන්ඛ්ඛෙපෙරුරේ නෙෆර්නෙෆරුආටන්ගෙන් (සාමාන්‍යයෙන් නෙෆර්ටිටි වන්නට ඇතැයි විශ්වාස කෙරේ) වෙන්කර හඳුනාගැනේ. නෙෆර්නෙෆරුආටන් මෙන් නොව, ස්මෙන්ඛ්කරේ සිය රාජකීය නාමය හෝ කාර්ටුෂයෙහි විරුදයන් භාවිත කළේ නැත.[2]
අන්ඛ්ඛෙපෙරුරේ ස්මෙන්ඛ්කරේ ඩ්ජෙසර් ඛෙපරු | |
---|---|
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 1335–1334 (18වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | අක්නාටන් |
අනුප්‍රාප්තිකයා | නෙෆර්නෙෆරුආටන් හෝ ටුටන්ඛාමුන් |
වල්ලභ | මෙරිටාටන් |
මරණය | ක්‍රි.පූ. 1334 |
ස්මෙන්ඛ්කරේ පිළිබඳ නිශ්චිතවම පැවසිය හැක්කේ තොරතුරු ස්වල්පයක් පමණි. එයට හේතුව හොරෙම්හෙබ්ගෙන් ඇරඹි පසුකාලීන රජවරුන් විසින් සම්පූර්ණ අමර්ණ යුගයම ඉතිහාසයෙන් මකාදැමීමට උත්සාහ ගෙන තිබීමයි.