සත්‍යය (ද එක්ස් ෆයිල්ස්)
From Wikipedia, the free encyclopedia
"සත්‍යය" "The Truth" වනාහි ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කථා මාලාවක් වූ ද එක්ස්-ෆයිල්ස් හි 201 වැනි හා 202නි කථාංගයන් සඳහා යොදාගත් නාමයයි. නමවැනි කථා මාලාවේ අවසාන කථාංග වූ මේවා මුලු කථාංග මාලාවලම අවසානයට සටහන් යෙදීය. කථාංග දෙකම එකවර ෆොක්ස් මාධ්‍ය ජාලය ඔස්සේ 2002 වසරේ මැයි මස දහනම වන දින විකාශනය කල අතර රචනා අයිතිය ක්‍රිස් කාටර් ද අධ්‍යක්ෂනය කිම් මැනර්ස් ටද හිමිවිය. "සත්‍යය" ඇමරිකානු ජනයාගෙන් වැඩිම පිරිසක් නැරඹූ නමවැනි කතාංග මාලාවේ කතාංග වන අතර නේල්සන් ආයතනයේ 7.5ක තක්සේරු කිරීමක් ලැබීය.මුල් දිගහැරුමේදීම ඇමරිකානු ජනගහනයෙන් 7.5% ක ආකර්ෂනය දිනා ගත් අතර එය ආසන්ව මිලියන දහතුනක් පමන වේ. විචාරකයන් රාශියක් මෙහි අවසානය විවේචනාත්මක මුඛයෙන් බැහැර කල අතර තව පිරිසක් ඩේවිඩ් ඩකෝව්නිගේ ආගමනය සහ කතාංගයේ ලද නිගමනය පැසසීය.
ද එක්ස්-ෆයිල්ස් කථාංගය | |||
කථාංග අංකය. | කථාවාරය 9 කථාංගය 19 & 20 | ||
---|---|---|---|
අධ්‍යක්ෂණය කළේ | කිම් මැනර්ස් | ||
ලියනු ලැබුයේ | ක්‍රිස් කාටර් | ||
නිෂ්පාදන කේතය | 9ABX19[1] 9ABX20[1] | ||
මුල් තිරගත දිනය | මැයි 19, 2002 (2002-05-19) | ||
ධාවන කාලය | මිනිත්තු 87[2] | ||
| |||
| |||
ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව |
මෙය දිගහැරෙන්නේ සම්මත විද්‍යා ගවේෂන වලට පරිභාහිර වූ සිද්ධි අඩංගු එක්(ස්) ෆයිල්ස් හි ගැටළු අධ්‍යයනය කරන නියෝජිතයන් වටාය. මෙම කථාංග මාලාවේ කේන්ද්‍රගත කරනුයේ ජෝන් ඩොගට් (රොබට් පැට්රික්), මොනිකා රියෙස් (ඇනබෙත් ගිෂ්) සහ ඩේනා ස්කලී (ගිලියන් ඇන්ඩර්සන්) ගේ අන්වේක්ෂණයන්ය.මෙම කථාංගයේදී(එපිසෝඩයේදී), අවසාන වසරේදී ෆොක්ස් මෝල්ඩර්ගේ හෝඩුවාවක් නොලැබෙන නිසා වෝල්ට(ර්) ස්කිනර්(මිච් ප්ලෙගි) සහ ස්කලි සොයාගන්නවා මෝල්ඩර් විසින් සිදුනොකල හමුදා නිළධාරියෙකුගේ මිනීමැරුමක් සම්බන්ධව රජයේ රහසිගත "විශේෂ සොල්දාදුවන්" ගෙන් කෙනෙක් වන නොවෙල් රොහර් (ඇඩම් බෝල්ඩ්වින්) ඔහුව රදවාගෙන සිටින බව. මෝල්ඩර් විසින් ස්කිනර්,රියෙස්,ඩොගෙට්,ස්කලි හා එල්වින් කර්ෂ් ගේ උදව් සහිතව සිරගෙයින් පලායන අතර ස්කලි සමඟ එක්වී නව මෙක්සිකෝ හි හෙලිකොප්ටර් විනාශ වන ඇනසාසි කඳු ප්‍රපාත දිගේ පදිංචි වීමට ස්මෝකින් මෑන් (දුම් බොන මිනිසා) සමඟ එක්වී ගමන් කරනවා.
මෙම කථාංගයෙහි ප්‍රධාන ලක්ෂනය වන්නේ අටවැනි කථාංග මාලාවේ අවසානයේ නික්ම යන ඩකොව්නි(මෝල්ඩර්) ගේ යළි පැමිනීමයි. "සත්‍යය" දීර්ඝ කාලීන වෘතාන්ත වලට නැවතීමේ තිත තැබූ අතර එය නව චිත්‍රපට සඳහා මුල පිරීමක් විය.කැමරාකරණ කටයුතු සඳහා කැලිෆෝනියාවේ විවිධ ස්ථාන පාදක කරගත් අතර ඒ අතර ජල විදුලි බලාගාරයක්ද විය.කාටර් දෙවැනි වතාවට එක්ස් ෆයිල්ස් භාවිතයෙන් චිත්‍රපටයක් නිපදවූ අතර එය එක්ස් ෆයිල්ස්/වෝන්ට් ටු බිලීව් නම් විය. මෙහි ලද ප්‍රසිද්ධිය නිසාම තෙවැනි චිත්‍රපටයක් සඳහා නෙත යොමුවී ඇති අතර එයට "සත්‍යය"හි ගෙනහැර දැක්වූ පාරබෞම ආක්‍රමණය ඉලක්ක වී ඇත