ද එක්ස්-ෆයිල්ස්
From Wikipedia, the free encyclopedia
එක්ස් ෆයිල්ස් X-Files යනු සම්මානලාභි ඇමරිකානු විද්යාප්රබන්ධමය ටෙලිවෘතාන්තයකි. මෙය ක්‍රිස් කාටර්ගේ නිර්මාණයක් වන අතර 1993 සිට 2003 දක්වා ඇමරිකානු Fox රූපවාහිනී ජාලය ඔස්සේ විකාශනය විය.මෙහි චරිත හා ඇතැම් වැකි ජනප්‍රිය සංස්කෘතියක් බිහිකිරීමට මුල් වූ අතර රසිකයන් තුල නොමැකෙන මතකයන් තැබීමට සමත් විය. 'එක්ස් ෆ්යිල්ස්' රූපවාහිනි කතාමාලාව චිත්‍රපටි දෙකකටත් (The X-Files හා I Want To Believe) වෙනත් ටෙලිවෘතාන්තයකටත් (ලෝන් ගන් මෙන් The Lone Gunmen) පාදක විය.
Quick Facts ප්‍රභේදය, තැනුවේ ...
Close
එෆ්.බී.අයි. පරීක්ශකයන් වන ෆොක්ස් මෝල්ඩර්(ඩේවිඩ් ඩචොව්නි ) හා ඩේනා ස්කලී(ගීලියන් ඇන්ඩර්සන්) මෙහි ප්‍රධාන චරිත වන අතර ඔවුන් එෆ්.බී.අයි. ආයතනයේ 'එක්ස් ෆ්යිල්ස්' ලෙස නම්කර ඇති අංශයේ කටයුතු කරයි.මෙම අංශයට ලැබෙනුයේ විසඳීමට නොහැකිවූ අසාමාන්‍ය සිද්ධි හා අපරාධ වේ.