මරීටා කොවරූබියස්
From Wikipedia, the free encyclopedia
මරීටා කොවරූබියස් යනු ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි එන ප්‍රබන්ධ චරිතයකි. මුලින්ම ඇයව හඳුන්වා දුන්නේ එෆ්බීඅයි විශේෂ නියෝජිත ෆොක්ස් මෝල්ඩර් හට ඔහුගේ අස්වාභාවික විමර්ශන හෙවත් එක්ස්-ෆයිල් සඳහා රාජ්‍යතාන්ත්‍රික තොරතුරු සපයන්නියක ලෙසයි. කෙසේනමුත් ඇය රහසිගත සින්ඩිකේට් සාමාජිකාවක බැව් හෙළිවේ. නමුත් ඇය විවිධ අවස්ථාවන්හි එම සංවිධානයට ද්‍රෝහී වන්නී ය. ඇයව හඳුන්වා දෙන්නේ සිව්වන කථාවාරයේ ආරම්භක කථාංගය වන "හෙරෙන්වෝක්" හි ය. මෙම චරිතය කතාමාලාවේ අවසන් කථාංගය වන "ද ටෘත්" දක්වාම වරින්වර හමුවේ.
Quick Facts මරීටා කොවරූබියස්, පළමු පෙනීසිටීම ...
මරීටා කොවරූබියස් | |
---|---|
ද එක්ස්-ෆයිල්ස් චරිතය | |
![]() කොවරූබියස් සින්ඩිකේට් රැස්වීමක් අමතමින් | |
පළමු පෙනීසිටීම | "හෙරෙන්වෝක්" |
අවසාන පෙනීසිටීම | "ද ටෘත්" |
තනන ලද්දේ | ක්‍රිස් කාටර් |
නිරූපණය කරන ලද්දේ | ලෝරි හෝල්ඩන් |
තොරතුරු | |
ස්ත්‍රී/පුරුෂ භාවය | ස්ත්‍රී |
වෘත්තිය | එක්සත් ජාතීන්ගේ ලේකම්-ජනරාල්ගේ විශේෂ නියෝජිත |
අනුබැඳියාව |
එක්සත් ජාතීන් සින්ඩිකේට් ඇලෙක්ස් ක්‍රයිචෙක් එක්ස්-ගොනු |
කාල පරාසය | 1996-2000, 2002 |
නිරූපණ |
Close