![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5f/Emblem_of_Sri_Lanka.svg/langsi-640px-Emblem_of_Sri_Lanka.svg.png&w=640&q=50)
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව යනු, මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් හෙබි, ශ්‍රී ලංකාවේ ඒක-මණ්ඩල ව්‍යවස්ථාදායකය වෙයි. වසර-05 (19th amendment) කාලසීමාවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ සමානුපාතික නියෝජනය යටතේ සර්වජන ඡන්දය භාවිතයෙනි. සියළු නීති සම්පාදනය කිරීම සඳහා බලය පාර්ලිමේන්තුව සතුය. එය ආදර්ශයට ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் நாடாளுமன்றம் Parliament of the Democratic Socialist Republic Sri Lanka | |
---|---|
![]() | |
වර්ගය | |
වර්ගය | ඒක-මණ්ඩල |
නායකත්වය | |
කුෂානි අනූෂා රෝහණදීර | |
ව්‍යුහය | |
ආසන | 225 |
![]() | |
දේශපාලන කණ්ඩායම් | රජය (110)
විරුද්ධ පාර්ශවය (114)
|
මැතිවරණ | |
අවසන් මැතිවරණය | 2020 අගෝස්තු 5 |
Next election | 2025 |
රැස්වන ස්ථානය | |
පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ | |
Website | |
http://www.parliament.lk |
කථානායක හෝ ඔහු නොමැතිවිටෙක, නියෝජ්‍ය කථානායක (කාරක සභා සභාපති) හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති හෝ පාර්ලිමේන්තුවෙහි මුලසුන දරයි.
ව්‍යවස්ථාදායක සැසියක් කැඳවීම, අත්හිටුවීම, වාර හමාර කිරීම, හෝ අත්හිටුවීමටද පාර්ලිමේන්තුව විසුරුවාහැරීමටද සඳහා බලය, රටෙහි ජනාධිපති සතු වෙයි. මන්ත්‍රීවරුන් 225 අතුරින් 196 දෙනෙකු, බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 වෙතින් තෝරා පත් කර ගනු ලැබේ. ජාතික මුළු ඡන්ද ප්‍රමාණයෙන් පක්ෂ (සහ ස්වාධීන කණ්ඩායම්) සඳහා ලැබුණු ඡන්ද ප්‍රමාණය ට අනුපාතික වශයෙන් ඉතිරි මන්ත්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්තු වලින් තෝරා පත් කර ගනු ලැබේ.