මියොංසොං අධිරාජිනිය
From Wikipedia, the free encyclopedia
මියොංසොං අධිරාජිනිය (19 ඔක්තෝබර් 1851 – 8 ඔක්තෝබර් 1895) හෙවත් සරලව මින් අගබිසව වශයෙන් හඳුන්වන්නේ ජොසොන්හි විසි හයවන රජු සහ කොරියානු අධිරාජ්‍යයේ පළමු අධිරාජයා වූ කොරියාවේ ගෝජොංගේ පළමුවන නීත්‍යානුකූල බිරිඳයි.
මියොංසොං අධිරාජිනිය | |||||
---|---|---|---|---|---|
කොරියාවේ අධිරාජිනිය (මරණාපරව) | |||||
උපත | 1851 ඔක්තෝබර් 19 යෝජු, ග්යොංගි පළාත, ජොසොන් | ||||
මරණය | 1895 ඔක්තෝබර් 8 (43 වියැති) ඔඛොරු මණ්ඩපය, ගොන්චොංගුං, ග්යොංබොක්ගුං, සෝල්, කොරියාව | ||||
භූමදානය | හොංන්යොං | ||||
වල්ලභයා | කොරියාවේ ගෝජොං | ||||
දරුවන් | පුත්‍රයෙක් දියණියක් කොරියාවේ සුන්ජොං පුත්‍රයෙක් පුත්‍රයෙක් | ||||
| |||||
පියා | මින් චි-රොක් | ||||
මව | යි වංශයේ හන්චං ආර්යාව |
කොරියානු නම | |
හංගුල් | 명성황후 |
---|---|
හන්ජා | 明成皇后 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Myeongseong Hwanghu |
මැකූන්–රයිෂවර් | Myŏngsŏng Hwanghu |
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
මෙයිජි ජපන් රජය විසින් මින් අගබිසව සිය රාජ්‍යයේ ව්‍යාප්තියට තර්ජනයක් ලෙස සලකා ඇත.[1] ඇයව දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා ගෝජොං රජුගේ පියා වූ හ්‍යුංසොන් දේවොන්ගුන් (ජපනුන් සමග කටයුතු කළ බලවත් රාජ්යාධිකාරියෙකි) අසාර්ථක කැරැලි කිහිපයක්ම ඇතිකළේ ය. මේ හේතුවෙන් ඇය ජපන් බලපෑම් පිළිබඳ දැඩි විරෝධී ස්ථාවරයක පසුවූවා ය.[2]
පළමු චීන-ජපන් යුද්ධයේ දී ජපානය ජයගැනීමත් සමග, මින් අගබිසව කොරියාව සහ රුසියාව අතර ශක්තිමත් සම්බන්ධතාවක් ඇති කිරීමට උත්සාහ ගත්තේ, දේවොන්ගුන් විසින් නියෝජනය කළ කොරියාවේ ජපන් බලපෑම අවහිර කිරීමටයි. මෙකල කොරියාව වෙනුවෙන් පත්කළ ජපන් අමාත්‍යවරයා වූ මියුරා ගොරෝ සහ විශ්‍රාමගත් ලුතිනන් ජනරාල්වරයකු විසින් ජපානය කෙරෙහි වඩාත් මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ දේවොන්ගුන්ගේ පක්ෂයට ආධාර කළහ.
1895 ඔක්තෝබර් 8 දින හිමිදිරියේ, දේවොන්ගුන්ට පක්ෂපාතී හුල්ල්‍යොන්දේ භට කණ්ඩායම රාජකීය ආරක්ෂකයන් මැඬ ග්යොංබොක්ගුං මාලිගයට පහරදුන්නේ ය. දේවොන්ගුන්ගේ ප්‍රබල ආධාරකරුවකු වූ වූ බොම්සොන් සෙන්පතියාගේ නායකත්වය යටතේ හුල්ල්‍යොන්දේ නිලධාරීන් පිරිස විසින් ජපන් සෙබලුන් කණ්ඩායමකට ඇතුළුවීමට අවසර ලබා දිණි. මෙම ජපන් සෙබලුන් මාලිගය තුළට පහරදීම සඳහා මියුරාගේ මෙහෙයවීම මත බඳවා ගැනුණු පිරිසකි. අගබිසවගේ මාලිගය (ඔඛොරු මණ්ඩපය) වෙත ඇතුළුවීමෙන් පසු මෙම ඝාතකයින් විසින් "අගබිසව විය හැකි යැයි සැකකෙරුණු මාලිග ස්ත්‍රීන් තිදෙනකු මරාදමන ලදී. ඉන් එක් අයකු මින් අගබිසව බව තහවුරු කරගත් පසු, ඔවුහු එම සිරුරු ඔඛොරු මණ්ඩපය ඉදිරිපස පයින් වනාන්තරයේ දී දවා, අළු විසුරුවා හැරියහ."[3] මියයන විට ඇගේ වයස අවුරුදු 43කි.[4]
මින් අගබිසවගේ ඝාතනයෙන් පසු, විදේශ බලවේගවලවලට සිය සිතැඟි අනුව කටයුතු කිරීමට මගපෑදිණි.[5] මේ පිළිබඳ එල්ල වූ අන්තර්ජාතික විවේචන සංසිඳුවීම පිණිස ජපන් රජය "මියුරාව නැවත කැඳවා, හිරෝෂිමා දිස්ත්‍රික් අධිකරණය යටතේ ඔහුට නඩුපවරන ලදී. එයට දායක වූ යුධ නිලධාරීන්ව යුධ අධිකරණයට යොමුකෙරිණි. ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් ඔවුන් සියල්ල වරදකරුවන් නොවන බව ප්‍රකාශයට පත්කෙරිණි."[4]
කෙසේනමුත්, මෙම ඝාතනය "කෙටි හිසකෙස් පණත් නියෝගය" (단발령, 斷髮令) සමග ඇති වූ කොරියාවේ ජපන්-විරෝධී ආකල්පය පොළඹවාලී ය. ඇතැම් කොරියානුවන් විසින් ඉයුල්මි ධර්මිෂ්ට හමුදා නම් වූ හමුදා සංවිධානය කරමින් දීපව්‍යාප්තව විරෝධතා සංවිධානය කරන ලදී.[6] අගබිසවගේ ඝාතනයෙන් පසු, ගෝජොං රජු සහ කිරුළහිමි කුමරු (පසුව කොරියාවේ සුන්ජොං අධිරාජයා) 1896දී, රුසියානු තානාපති වෙත පලාගියහ. මෙය ජපන් පාලනය යටතේ සිදු වූ ගැබෝ ප්‍රතිසංස්කරණය අවලංගු කිරීමට හේතු විය.[6] 1897 ඔක්තෝබර් මස, ගෝජොං රජු ග්යොංගුංගුං (නූතන දොක්සුගුං) වෙත යළි පැමිණියේ ය. එහි දී ඔහු කොරියානු අධිරාජ්‍යය ප්‍රකාශයට පත්කළේ ය.[6]
දකුණු කොරියාව තුළ මියොංසොං අධිරාජිනියගේ ජීවිත කථාව අලලා නිර්මාණය වූ ජනප්‍රිය නවකථා, චිත්‍රපටය සහ රූපවාහිනී කතාමාලාව හේතුවෙන් ඇය පිළිබඳ ප්රබෝධයක් ඇති වී ඇත. මීට අමතරව ඇගේ දිවිය ආශ්රයෙන් නිමැවුණු මියැසියක් ද පැවැත්විණි.