පංච රථ
From Wikipedia, the free encyclopedia
පංච රථ (පාණ්ඩව රථ යනුවෙන් ද හැඳින්වේ) යනු බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ මහාබලිපුරම්හි පිහිටි ස්මාරක සංකීර්ණයකි. මෙය ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ කාංචීපුරම් දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇත. පංච රථ ඒකශෛලීය ඉන්දියානු ගලින්-නෙළූ ගෘහනිර්මාණ ශිල්පයට මනා නිදසුනකි. පසුකාලීන 7වන සියවසට අයත් යැයි කාලනිර්ණිත මෙය පල්ලව රාජවංශයේ Iවන මහේන්ද්‍රවර්මන් රජු හෝ ඔහුගේ පුත් Iවන නරසිංහවර්මන් (ක්‍රි.ව. 630–680; හෙවත් මාමල්ල) සමයේ ඉදිවී යැයි සැලකේ. නිරසිංහවර්මන් සමයේ බිහි වූ නව නිමැවුමක් වන මෙය ඉන්දියානු ගෘහිනර්මාණ ශිල්පය තුළ මින් පෙර නොපැවති සම්ප්රදායයක් විය. ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ (ASI) අනුග්‍රහය යටතේ පවතින මෙය ඇතුළත් මහාබලිපුරම් ස්මාරක සමූහය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස අභිලේඛනය කොට ඇත.
පංච රථ | |||||
---|---|---|---|---|---|
"පංච රථ, මහාබලිපුරම්" යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |||||
|
පංච රථ සංකීර්ණයේ ඇති ස්මාරක පහම රථයකට හැඩය අතින් සමානත්වයක් දක්වයි. මෙම රථ තනි, දිගු ග්‍රැනයිට් පාෂාණයකින් කැටයම් කොට ඇති අතර, එහි බෑවුම උතුරු-දකුණු දිශානතිය ඔස්සේ පවතින මඳ බෑවුමකි.[1][2][3] ඇතැම් අවස්ථාවල දී දේවාල ලෙස වරදවා හඳන්වනු ලැබූව ද, Iවන නරසිංහවර්මන්ගේ මරණින් පසුව මෙම ගොඩනැගිලි දෙවියන්ට කැප කිරීමට නොහැකි වූ හෙයින් ඒවා අසම්පූර්ණ ලෙසින් පැවතීම එයට හේතුවයි.[1][3][4] මෙම ව්‍යූහයන් සුප්‍රකට මහාභාරත වීරකාව්‍යයේ එන පංච පාණ්ඩවයන් සහ ඔවුන්ගේ පොදු භාර්යාව වූ ද්‍රෞපදී ඇසුරෙන් නම්කොට ඇත.[2][3][5] ප්‍රමාණය අතින් අවරෝහණ පිළිවෙලට සැලකූ විට රථවල අනුපිළිවෙල ධර්මරාජ රථ, භීම රථ, අර්ජුන රථ, නකුල සහදේව රථ සහ ද්‍රෞපදි රථ ලෙස ලැබේ.