ටූටන්ඛාමූන්
From Wikipedia, the free encyclopedia
ටූටන්ඛාමූන් (/ˌtuːtənkɑːˈmuːn/;[3] සමගාමීව ටූටෙන්ඛ්-, -අමෙන්,[4] -අමොන්,අමුන් යනුවෙන් ද හඳුන්වයි) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ 18වන රාජවංශයේ සිටි පාරාවෝවරයෙකි. (රාජ්‍ය. ක්‍රි.පූ. 1332–1323 පමණ; සම්මත කාලානුක්‍රමය අනුව) ඔහු රාජ්‍ය පාලනය කළේ ඊජිප්තු ඉතිහාසයේ නව රාජධානිය හෙවත් නව අධිරාජ්‍ය යුගය යනුවෙන් හැඳින්වුණු යුගයේ ය. ඔහුගේ තොරතුරු අනාවරණයෙන් පසුව ඔහුව කටවහරේ ටුට් රජ යනුවෙන් ප්‍රචලිත විය. ඔහුගේ මුල් නාමය "ආටන්ගේ ජීවමාන ප්‍රතිබිම්බය" යන අරුතැති ටූටන්ඛාටන් යන්නයි. නමුත් ටූටන්ඛාමුන් යන්නෙහි අරුත "අමුන්ගේ ජීවමාන ප්රතිබ්ම්බය" යන්නයි. රූපාක්ෂරවලින් ටූටන්ඛාමූන් යන නාමය සාමාන්‍යයෙන් ලියන ලද්දේ අමෙන්-ටුට්-අන්ඛ් ලෙසයි. එයට හේතුව එකල ලේඛන සම්ප්‍රදායයේදී ගෞරවය හැඟවීම පිණිස දිව්‍යමය නාමයක් පාඨයක මුලට යෙදීමයි.[5] අමර්ණ ලිපිවල සඳහන් නිභුරෙරෙයා රජු ටූටන්ඛාමූන් යැයි යෝජනා වී ඇත. එසේම පුරාතන ඉතිහාසඥයකු වූ මැනතෝ විසින් සඳහන් කොට ඇති වසර නවයක් රාජ්‍ය පාලනය කළේ යැයි පැවසෙන රතෝටිස් රජු ද මොහු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ පිළිබඳ ෆ්ලේවියස් ජොසෆස්ගේ මැනතෝගේ විස්තරය නැමැති සංස්කරණයේ සඳහන් වේ.[6]
ටූටන්ඛාමූන් | |
---|---|
ටුටන්ඛාමන්, ටුටන්ඛාටන්, ටුටන්ඛාමොන්[1] බොහෝවිට නිභුරෙරෙයා විය හැක (අමර්ණ ලිපිවල සඳහන්) | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 1332 –1323 පමණ (18වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | ස්මෙන්ඛ්කරේ හෝ නෙෆර්නෙෆරුආටන් |
අනුප්‍රාප්තිකයා | ආයි (ඥාති මුත්තණුවන්) |
වල්ලභ | අන්ඛෙසෙනමුන් (අර්ධ-සොයුරිය සහ නෑනා) |
දරුවන් | මළදරු දියණියන් දෙදෙනෙක් |
පියා | අක්නාටන්[2] |
මව | "ලාබාල යුවතිය" |
උපත | ක්‍රි.පූ. 1341 පමණ |
මරණය | ක්‍රි.පූ. 1323 පමණ (18වන වියේ ප.) |
භූමදානය | KV62 |
1922දී හොවාඩ් කාටර් සහ ජෝජ් හර්බට්[7][8] විසින් ටූටන්ඛාමූන්ගේ නොඉඳුල් සොහොන්ගැබ අනාවරණය කරගන්නා ලදී. මෙම සොහොන්ගැබ ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් විය. මෙය පුරාතන ඊජිප්තුව පිළිබඳ මහජන උනන්දුව වැඩිකරලීමට හේතු විය. දැනට ඊජිප්තු කෞතුකාගාරයේ තබා ඇති ටූටන්ඛාමුන්ගේ වෙස්මුහුණ ජනප්‍රිය සංකේතයක් බවට පත්ව තිබේ. ඔහුගේ සොහොන්ගැබෙන් හමුවූ පුරාවස්තු ලොව පුරා ප්‍රදර්ශනය කෙරිණි. 2010 පෙබරවාරි මස DNA පරීක්ෂාවලින් සනාථ වූයේ ඔහු අක්නාටන් (KV55 මමිය) ගේ පුත්‍රයා බවයි. ඔහුගේ මව අක්නාටන්ගේ සොහොයුරියක සහ භාර්යාවක (KV35YL මමිය) වූ අතර, ඇගේ නාමය නොදනී. නමුත් ඇගේ දේහය යැයි හඳුනාගත් මමියක් KV35 සොහොන්ගැබෙන් සොයාගත් අතර, එය "ලාබාල යුවතිය" යනුවෙන් හඳුන්වනු ලබයි.[9] ටූටන්ඛාමුන්ගේ සොහොන්ගැබ කැනීමට දායක වූ කිහිප දෙනකු "අද්භූත" අයුරින් මියයාම හේතුවෙන් පාරාවෝවරුන්ගේ ශාපය නැමැති මතයක් පැතිර ගියේ ය.[10]