මැනිතෝ (/ˈmænɪθ/; Koinē Greek: Μανέθων Manéthōn, gen.: Μανέθωνος) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන ක්‍රි.පූ. තුන්වන සියවසේ හෙලනිස්තික යුගයේ ටොලමයික රාජධානියේ සෙබෙනිටොස් (කොප්ටික්: Ϫⲉⲙⲛⲟⲩϯ, romanized: Čemnouti[2]) ප්‍රදේශයේ විසූ ඊජිප්තු පූජකයෙකි. ඔහු විසින් ග්‍රීක බසින් රචනා කරන ලද ඊජිප්ටියකා (ඊජිප්තුවේ ඉතිහාසය) ග්‍රන්ථය පුරාතන ඊජිප්තු රජවරුන්ගේ රාජ්‍ය සමයයන් හඳුනාගැනීම සඳහා වන ප්‍රධාන කාලානුක්‍රම මූලාශ්‍රයක් ලෙස සැලකේ. කෙසේනමුත් ඔහු මෙම රාජාවලිය රචනා කරන ලද්දේ ටොලමි I සෝටර් සහ ටොලමි II ෆිලඩෙල්ෆෝස් යන පාරාවෝවරුන් දෙදෙනාගෙන් කවර රාජ්‍ය සමයේද යන්න අපැහැදිලි ය. එසේවුවද එය ටොලමි III යුවර්ගිටිස් රාජ්‍ය සමයට පෙර ලියැවුණකි.

Thumb
ප්ලූටාර්ක් විසින් මැනිතෝව ටොලමයික සෙරපිස් වන්දනාව හා සම්බන්ධකොට දක්වා ඇත;[1] මෙහි දැක්වෙන්නේ හඳුනා නොගත් සෙරපිස් පූජකයකුගේ හිසකි - ඇල්ටිස් කෞතුකාගාරය, බර්ලින්

සටහන්

බාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.