![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c9/TheYoungerLady-61072-RightProfileView-PlateXCIX-TheRoyalMummies-1912.gif/640px-TheYoungerLady-61072-RightProfileView-PlateXCIX-TheRoyalMummies-1912.gif&w=640&q=50)
ලාබාල යුවතිය
From Wikipedia, the free encyclopedia
ලාබාල යුවතිය යනුවෙන් හැඳන්වෙන්නේ ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයේ KV35 සොහොන්ගැබෙහි තිබී වික්ටර් ලොරෙට් නැමැති පුරාවිද්‍යාඥයා විසින් 1898දී සෙයාගනු ලැබූ මමියකට දෙන ලද නාමයකි.[1] මෙම මමියේ DNA පරීක්ෂාවකින් පෙනීගොස් ඇත්තේ ඇය ටූටන්ඛාමූන් පාරාවෝවරයාගේ මෑණියන් බවත්, IIIවන අමෙන්හොටෙප් පාරාවෝ සහ ටියේ රැජිනගේ දියණියක බවත් ය. මෙම මමියට KV35YL ("YL" යන්න "ලාබාල යුවතිය හෙවත් Younger Lady" සඳහා) සහ 61072 යන නාමය ලබා දී[2] වර්තමානයේ කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මුල්කාලීන අදහස වූයේ මෙම මමිය නෙෆර්ටිටි රැජිනගේ දේහය බවයි. නමුත් එය අසත්‍ය යැයි සැලකේ. DNA පරීක්ෂණයකින් ද ඒ බව තහවුරු වී ඇති අතර, ඇගේ අනන්‍යතාව පිළිබඳනොයකුත් ගැටලු පවතී.[3][4]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c9/TheYoungerLady-61072-RightProfileView-PlateXCIX-TheRoyalMummies-1912.gif/640px-TheYoungerLady-61072-RightProfileView-PlateXCIX-TheRoyalMummies-1912.gif)