චංදොක්ගුං
මාලිගය / From Wikipedia, the free encyclopedia
චංදොක්ගුං (හංගුල්, 창덕궁, 昌德宮; සාහිත්‍යමය, "සමෘද්ධිමත් ගුණාංග මාලිගය"), හෙවත් චංදොක්ගුං මාලිගය නැතහොත් චංදොක් මාලිගය පිහිටියේ දකුණු කොරියාවේ සෝල් හි ජොංනෝ-ගු හි විශාල උද්‍යානයක් මධ්‍යයේ ය. මෙය ජොසොන් රාජවංශයේ (1392-1897) රජවරුන් විසින් ඉදිකරන ලද "පංච මහා මාලිගා" අතුරින් එකකි.[1] මෙය ග්යොංබොක් මාලිගයට නැගෙනහිරින් පිහිටි නිසා, චංදොක්ගුං සමඟ චංග්යොංගුං මාලිගා එක්ව "නැගෙනහිර මාලිගය" (동궐, 東闕, දොංවොල්) ලෙස හඳුන්වනු ලබයි.
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
නිල නාමය | චංදොක්ගුං මාලිගා සංකීර්ණය |
පිහිටුම | දකුණු කොරියාව |
නිර්ණායකය | සංස්කෘතික: (ii), (iii), (iv) |
මූලාශ්‍ර | 816 |
අභිලේඛනය | 1997 (21 වන සැසිය) |
භූමිය | 57.9 ha (0.224 sq mi) |
වෙබ් අඩවිය | eng.cdg.go.kr/main/main.htm |
ඛණ්ඩාංක | 37°33′N 126°59′E |
චංදොක්ගුං | |
හංගුල් | 창덕궁 |
---|---|
හන්ජා | 昌德宮 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Changdeokgung |
මැකූන්–රයිෂවර් | Ch'angdŏkkung |
චංදොක්ගුං මාලිගය බොහෝ ජොසොන් කුමාරවරුන්ගේ ප්‍රියතම ස්ථානයක් වූ අතර, එහි වඩාත් නූතන ග්යොංබොක්ගුං මාලිගයෙහි දක්නට නොලැබෙන, කොරියාවේ තුන් රාජධානි යුගයට අයත් අංගයන් පවා දක්නට ලැබේ. එවැනි එක් අංග ලක්ෂණයක් වන්නේ චංදොක්ගුං හි ගොඩනැගිලි භූමියෙහි ස්වාභාවික පිහිටීමට ගැළපෙන අයුරින් නිර්මාණය කොට තිබීමයි. සෙසු පංච මහා මාලිගා සේම මෙම මාලිගය ද කොරියාවේ ජපන් පාලන සමය (1910–1945) තුළ ඉමහත් හානියට ලක් විය. වර්තමානය වන විට, නැගෙනහිර මාලිගා සංකීර්ණයෙහි (චංදොක්ගුං සමඟ චංග්යොංගුං) පූර්ව-ජපන් පාලන යුගයට අයත් ගොඩනැගිලිවලින් 30% ක් පමණ ශේෂව පවතියි.[2]