මහාද්වීපය From Wikipedia, the free encyclopedia
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.[2]
භූමිප්‍රමාණය | 44,579,000 කිමී2 (17,212,000 වර්ග සැත) |
---|---|
ජනගහණය | 3,879,000,000 (1වන)[1] |
ජනගහණ ඝණත්වය | 89/කිමී2 (226/වර්ග සැත) |
ජාතිකත්ව නාමය | ආසියානු |
රටවල් | එ:ජා ගේ සාමාජික රාජ්‍යයන් 48 සහ වෙනත් 6 කි. |
පරායත්ත රාජ්‍යයන් | |
හඳුනානොගත් ප්‍රදේශ | |
භාෂා | භාෂා ලැයිස්තුව |
වේලා කලාප | UTC+2 සිට UTC+12 |
අන්තර්ජාලය TLD | .ආසියාව |
විශාලතම නගර | නගර ලැයිස්තුව
|
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි[3]. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.
මධ්‍ය කාලීන යුරෝපා ජාතිකයන් ආසියාව වෙනම භූමි භාගයක් හෙවත් මහාද්වීපයක් ලෙස සැලකූහ.
උතුරු අර්ධගොලයේ නැගෙනහිර කොටසේ ආසියව පිහිට ඇති නමුත් ආසියාවට අයත් සමහර දූපත් දකුණු අර්ධගොලයේ පිහිටා ඇත. භූගෝලිය වශයෙන් බැලූ විට ආසියාව සහ යුරෝපය එකම භූමියක පිහිටා ඇත. ආසියාව සහ යුරෝපය පිහිට භූමිය (Eruasia) යනුවෙන් හදුන්වයි.
ආසියාවට උතුරුනින් ආක්ටික් සාගරය ද, නැගෙනහිරින් පැසිෆික් සාගරය ද, දකුණුනින් ඉන්දියන් සාගරය ද, බටහිරින් යුරෝපා මහද්වීපයද පිහිටා ඇත.
ලිපි සඳහා යොමු:
විශේෂ මාතෘකා:
ලැයිස්තු:
ව්‍යාපෘති
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.