කාටාර්
From Wikipedia, the free encyclopedia
කටාර් රාජ්‍යය යනුවෙන් ද නැතහොත් දේශිය වශයෙන් 'දව්ලත් කටාර්' (Dawlat Qatar) යනුවෙන් ද මෙරට හඳුන්වයි.කටාර් රාජ්‍යය මැදපෙරදිග පිහිටි ආරාබියානූ එමීර් රාජ්‍යයට අයත් (Emirate) අරාබි අර්ධද්විපයේ ඊසාන දිග වෙරළ තීරයෙහි පිහිටා ඇති කුඩා රටකි. දකුණු දෙසින් සවුදි අරාබිය නොවුයේ නම්, පර්සියන් මුහුදු බොක්කෙන් මෙරට සිව් දෙසම වටවන්නට ඉඩ තිබිණි. ආසන්නයෙහි පිහිටි බහරේන් දූපත, කටාර් රාජ්‍යයෙන් වෙන් වෙන්නේ පර්සියන් ගල්ෆ් සමුද්‍ර සන්ධියෙනි.
tiny globe ජාතික කොඩිය
කටාර් රාජ්‍යය ඛණිජ තෙලින් හා ගෑස් සම්පතින් පොහොසත් රටකි. ලොව විශාලත්වයෙන් තෙවනි තැන ගන්නා ගෑස් සංචිතයන් ද ඉහළම එක් පුද්ගල ආදායම වාර්තා වන්නේද මෙරටිනි. පරිපූර්ණ රාජාණ්ඩුවක් වන කටාර් රාජ්‍යය වර්ෂ 1800 යේ මැද භාගයේ සිටම පාලනය කරන ලද්දේ 'අල්තානි' පවුල විසිනි. එවකට දිළිදු රාජ්‍යයක්ව පැවති කටාර් රාජ්‍යය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීය. පසුව ඛණිජ තෙල් සහ ස්වාභාවික ගෑස් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි ලා කැපී පෙනුණු වර්ධනයත් සමග ඉහළ ආදායම් තත්ත්වයක් සපිරි, ස්වාධීන රාජ්‍යක් බවට ක්‍රමයෙන් පරිවර්තනය විය.වර්ෂ 1972 පටන් මෙරට පාලනය කළ රාජ්‍ය නායකයා (එමීර් ) විසින් ඛණිජ තෙලින් ඉපැයූ ආදායම් නිරන්තරයෙන් අපගමනය කිරීම (Siphoni off) හේතු කොට ගෙන අසූව දශකයේ පසුභාගයෙහිද අනූව දශකයේ මුල් කාලසීමාවන් හිදි ද, කටාර් ආර්ථිකය ප්‍රපාතයට ඇද වැටිණි. ඔහුගේ පුත් එනම් වර්තමාන පාලකයා (එමීර්) වන හමාඩ් බින් කලීෆා අල්තානි 1995 වසරේ දියත් කළ ලේ වැගිරීමකින් තොරව සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පියාව පාලනයෙන් නෙරපා හැරිණි. බහරේන් සහ සවුදි අරාබිය සමග දිගු කාලයක් පුරා පැවති දේශසීමා ආරවුල 2001 වසරේ දී විසදා ගැනීමට කටාර් රාජ්‍යය සමත් වන ලදී.
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.