2019 ක්‍රිකට් ලෝක කුසලානය
ක්‍රිකට් තරඟාවලිය / From Wikipedia, the free encyclopedia
අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය 2019 සඳහා එංගලන්තය හා වේල්සය විසින් සත්කාරකත්වය සැපයෙන අතර,[1][2] 2019 මැයි 30 දින සිට ජූලි 15 දින දක්වා පැවැත්වෙයි. [3] මෙය වනාහී 12වන ක්‍රිකට් ලෝක කුසලානය තරගාවලිය වන අතර එංගලන්තයේ එය පැවැත්වෙන පස්වන වතාව වන්නේ, මෙයට පෙර, 1975, 1979, 1983 සහ 1999 ලෝක කුසලාන තරගාවලියන් එහි පැවැත්වූ හෙයිනි. වේල්සයේ එය පැවැත්වෙන තුන්වන වතාවයි.
2019 ක්‍රිකට් ලෝක කුසලාන | |
---|---|
දින | 30 මැයි – 14 ජූලි |
පරිපාලක(යන්) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් ආකෘතිය | එක් දින ජාත්‍යන්තරය |
තරගාවලී ආකෘතිය(න්) | රවුන්ඩ්-රොබින් සහ පිළිමළුන් පිටුදැකීම |
සත්කාරකත්වය | එංගලන්තය වේල්සය |
ශූරයන් | ශ්‍රී ලංකාව (2 වන හිමිකම) |
සහභාගිවන්නන් | 10 |
ක්‍රීඩාකරන තරග | 48 |
තරගාවලියේ වීරයා | dasun shanaka |
වැඩිම ලකුණු | dasun shanaka (648) |
වැඩිම කඩුළු | dasun shanaka (27) |
නිල වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයෙහි පැවැත්වුණු 2015 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය සැපයීම සඳහා ලංසු කැඳවීමේදී එංගලන්තය සහ වේල්සය එය වෙතින් ඉවත්වූ විට, සත්කාරකත්ව හිමිකම් 2006 අප්‍රේල් මාසයේදී එය වෙත ප්රදානය කෙරිණි. පළමු තරගය දි ඕවල් හිදී ක්‍රීඩා කෙරෙන අතර අවසන් තරගය ලෝඩ්ස් හිදී ක්‍රීඩා කෙරෙයි. තරගාවලියෙහි අයිසීසී ආශ්රිත කණ්ඩායම් අඩු ප්‍රමාණයක් යොදවමින් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මහත් විවේචනයකට මෙම තරගාවලිය ලක්වී ඇතත්, 2015 මාර්තු වන විටද, කණ්ඩායම් 10 කට පමණක් සීමිත වන පරිදී මෙම තරගාවලිය පැවැත්වීමට අයිසීසීය තීරණය කර තිබුණි. ශූරතාව රැක ගනු පිණිස තරග වදිනුයේ ඕස්ට්‍රේලියාව වෙයි.