1975 ක්‍රිකට් ලෝක කුසලානය
ක්‍රිකට් තරඟාවලිය / From Wikipedia, the free encyclopedia
1975 ක්‍රිකට් ලෝක කුසලානය (නිල වශයෙන් පෘඩෙන්ෂනල් කුසලානය '75 ලෙස හැඳින්වූ) යනු ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (ICC) විසින් සංවිධානය කරන ලද ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ පළමු සංස්කරණයයි. එය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු ප්‍රධාන තරඟාවලිය විය. 1975 ජුනි 7 සිට 21 දක්වා එංගලන්තයේ පැවැත්වුණි.
1975 ක්‍රිකට් ලෝක කුසලානය | |
---|---|
කාලය | ජුනි 07 – ජුනි 21 |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජ්‍යාතයන්තර තරඟ |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීම |
සත්කාරකත්වය | එංගලන්තය |
ශූරයන් | බටහිර ඉන්දීය කොදෙව් (1 වන වරට) |
සහභාගීත්වය | 8 |
තරඟ | 15 |
වැඩිම ලකුණු | ජී.එම්. ටර්නර් (333) |
වැඩිම කඩුලු | ජී.ජේ. ගිල්මෝර් (11) |
1979 → |
මෙම තරඟාවලියට පෘඩන්ෂනල් ඇෂුවරන්ස් සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද අතර එයට සහභාගී වූ රටවල් අටක් තිබුණි. එවකට ටෙස්ට් ක්‍රීඩා කළ කණ්ඩායම් හය (ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව්) සහ එවකට ප්රමුඛ පෙළේ ආශ්රිත රටවල් දෙක වන ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකාව යි. කණ්ඩායම් හතරකින් යුත් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයේ එකිනෙකා සමඟ එක් වරක් ක්‍රීඩා කරන ලදී. මෙම තරඟ වල ජයග්‍රාහකයින් අවසන් මහා තරඟයේදී මුණගැසෙන අතර, සෑම කාණ්ඩයකින්ම පළමු කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. සෑම තරගයක්ම කණ්ඩායමකට ඕවර 60කින් සමන්විත වූ අතර සම්ප්‍රදායික සුදු ඇඳුමින් සැරසී රතු පන්දුවලින් ක්‍රීඩා කරන ලදී. සියල්ල දිවා ආලෝකයෙන් ක්‍රීඩා කර අවසන් විය.
එංගලන්තය සහ නවසීලන්තය "ඒ" කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක ලෙස තේරී පත්වූ අතර බටහිර ඉන්දීය කොදෙව්වන් හා ඕස්ට්‍රේලියාව "බී" කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක ලෙස පත්වූ අතර කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයේදී එංගලන්තය පරාජය කරමින් සහ බටහිර ඉන්දීය කොදෙව්වන් නවසීලන්තය පරාජය කිරීමෙන් පසු අවසාන තරගයට තේරී පත්විය. ලෝඩ්ස්හිදී පැවැති අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව ලකුණු 17කින් පරදවා පළමු ලෝක කුසලාන ජයග්‍රාහකයන් බවට බටහිර ඉන්දීය කොදෙව්වන් පත්විය. නවසීලන්ත පිතිකරු ග්ලෙන් ටර්නර් ලකුණු 333ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ඔස්ට්‍රේලියානු පන්දු යවන ක්‍රීඩක ගැරී ගිල්මෝර් කඩුලු 11ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභියා විය.