ක්‍රිකට් තරඟාවලිය From Wikipedia, the free encyclopedia
1979 ක්‍රිකට් ලෝක කුසලානය, (නිල වශයෙන් පෘඩෙන්ෂල් කුසලානය '79 ලෙස හැඳින්වේ) ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවන සංස්කරණය විය. ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් සංවිධානය කරන ලද එය 1979 ජුනි 9 සිට 23 දක්වා එංගලන්තයේදී පැවැත්විණි.
1979 ක්‍රිකට් ලෝක කුසලානය | |
---|---|
කාලය | ජුනි 9 – ජුනි 23 |
පරිපාලක(යෝ) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීම |
සත්කාරකත්වය | එංගලන්තය |
ශූරයන් | (2 වන වරට) |
අනුශූරයන් | එංගලන්තය |
සහභාගීත්වය | 8 |
තරඟ | 15 |
වැඩිම ලකුණු | ගෝර්ඩන් ග්‍රීනීජ් (253) |
වැඩිම කඩුලු | මයික් හෙන්ඩ්‍රික් (10) |
මෙම තරඟාවලියට නැවත වරක් පෘඩෙන්ෂල් ඇෂුවරන්ස් සමාගම අනුග්‍රහය දක්වන ලද අතර තරඟාවලියට කණ්ඩායම් 8ක් සහභාගී වී සිටි අතර එකම වෙනස වූයේ තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පවත්වා ශ්‍රී ලංකාව සමඟ සුදුසුකම් ලැබූ කැනඩාව සහභාගී වීම පමණි. අවසන් මහා තරගය නැවත වරක් ලෝඩ්ස්හිදී පැවැත්වීමත් සමඟ එක් එක් කාණ්ඩයෙන් කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලැබීමත් සමඟ ආකෘතිය එලෙසම පැවතුනි.
පළමු වරට අවසන් පූර්ව වටයට පිවිසි පාකිස්ථානය සමග එංගලන්තය 'ඒ' කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගත් අතර බටහිර ඉන්දීය කොදෙව්වන් නවසීලන්තය සමග 'බී' කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය පිළිවෙළින් පකිස්තානයට සහ නවසීලන්තයට එරෙහිව අවසන් පූර්ව වටය ජයග්‍රහණය කළ පසු, ඔවුන් ලෝඩ්ස් හිදී අවසන් මහා තරගයේදී මුණගැසුණු අතර ලකුණු 92ක ජයග්‍රහණයක් ලබා ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් පිල වසර හතරකට පෙර සිට තම ශූරතාව ආරක්ෂා කර ගැනීමට සමත්ත් විය. බටහිර ඉන්දීය පිතිකරු ගෝර්ඩන් ග්‍රීනිජ් තරඟ 4 කදී ලකුණු 253 ක් රැස්කරමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස තරඟාවලිය අවසන් කළ අතර එංගලන්ත ක්‍රීඩක මයික් හෙන්ඩ්‍රික් කඩුලු දහයක් දවාගත් වැඩිම කඩුලු ලාභියා බවට පත් විය.
තරඟාවලියේ කණ්ඩායම් අට කණ්ඩායම් හතරකින් යුත් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සමග තනි රවුන්ඩ් රොබින් ක්‍රමයට ක්‍රීඩා කළහ. එක් එක් කාණ්ඩයෙන් පළමු කණ්ඩායම් දෙක පසුව අවසන් පූර්ව වටයට ගොස් පිළිමළුන් ඉවත් කිරීමේ තරඟාවලියකට ක්‍රීඩා කරයි.
1979 තරගාවලියේදී ලෝක කුසලානයක පළමු සුදුසුකම් ලැබීමේ තරග දක්නට ලැබිණි. 1979 ICC කුසලානය මැයි අග සහ ජූනි මස මුල මධ්‍යම එංගලන්තයේ විවිධ ක්‍රීඩාංගණවල පැවැත්විණි. අවසන් තරඟකරුවන් දෙදෙනා ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබූ අතර එහිදී ඔවුන් ස්වයංක්‍රීයව සුදුසුකම් ලැබූ ටෙස්ට් රටවල් හයට එක් විය.[1] ශ්‍රී ලංකාව සහ කැනඩාව අවසන් පූර්ව වටයේදී පිළිවෙලින් ඩෙන්මාර්කය සහ බර්මියුඩාව පරාජය කර සුදුසුකම් ලබා ගත්හ.[2]
කණ්ඩායම | සුදුසුකම් ලැබූ ආකාරය | සහභාගී වන වතාව | අවසන් සහභාගීත්වය | උපරිම දස්කම | කාණ්ඩය |
---|---|---|---|---|---|
එංගලන්තය | සත්කාරකත්වය | දෙවන | 1975 | අවසන් පූර්ව (1975) | ඒ |
ඉන්දියාව | පූර්ණ සාමාජික | දෙවන | 1975 | කාණ්ඩ අදියර (1975) | බී |
ඕස්ට්‍රේලියාව | දෙවන | 1975 | අනුශූරතාවය (1975) | ඒ | |
පකිස්තානය | දෙවන | 1975 | කාණ්ඩ අදියර (1975) | ඒ | |
බටහිර ඉන්දීය කොදෙව් | දෙවන | 1975 | ශූරතාවය (1975) | බී | |
නවසීලන්තය | දෙවන | 1975 | අවසන් පූර්ව (1975) | බී | |
ශ්‍රී ලංකාව | 1979 අයි.සී.සී කුසලාන ශූරතාවය | දෙවන | 1975 | කාණ්ඩ අදියර (1975) | බී |
කැනඩාව | 1979 අයි.සී.සී කුසලාන අනුශූරතාවය | පළමු | — | පළමුවර සහභාගීත්වය | ඒ |
කණ්ඩායම | ත | ජ | ප | විනැ | ශුලවේ | ප්රල |
---|---|---|---|---|---|---|
එංගලන්තය | 3 | 3 | 0 | 0 | 3.07 | 12 |
පකිස්තානය | 3 | 2 | 1 | 0 | 3.60 | 8 |
ඕස්ට්‍රේලියාව | 3 | 1 | 2 | 0 | 3.16 | 4 |
කැනඩාව | 3 | 0 | 3 | 0 | 1.60 | 0 |
1979 ජුනි 9 ලකුණු පුවරුව |
එ |
||
ඇන්ඩෲ හිල්ඩිච් 47 (108) ජෙෆ් බෝයිකොට් 2/15 (ඕවර 6) |
ග්රැහැම් ගූච් 53 (96) ට්‍රෙවර් ලාෆ්ලින් 2/38 (ඕවර 9.1) |
1979 ජුනි 9 ලකුණු පුවරුව |
කැනඩාව 139/9 (ඕවර 60) |
එ |
|
ග්ලෙන්රෝයි සීලි 45 (110) සර්ෆ්රාස් නවාස් 3/26 (ඕවර 10) |
සාදික් මොහොමඩ් 57* (122) ජෝන් වැලන්ටයින් 1/18 (ඕවර 9) |
1979 ජුනි 14 ලකුණු පුවරුව |
එ |
||
ආසිෆ් ඉක්බාල් 61 (57) ගැරී කොසියර් 3/54 (ඕවර 12) |
ඇන්ඩෲ හිල්ඩිච් 72 (129) සිකන්දර් බක්ත් 3/34 (ඕවර 11) |
1979 ජුනි 14 ලකුණු පුවරුව |
කැනඩාව 45 (ඕවර 40.3) |
එ |
|
ෆ්රෑන්ක්ලින් ඩෙනිස් 21 (99) ක්‍රිස් ඕල්ඩ් 4/8 (ඕවර 10) |
ග්රැහැම් ගූච් 21* (31) රොබට් කැලන්ඩර් 1/14 (ඕවර 6) |
1979 ජුනි 16 ලකුණු පුවරුව |
කැනඩාව 105 (ඕවර 33.2) |
එ |
|
ජෝන් වෝන් 29 (43) ඇලන් හර්ස්ට් 5/21 (ඕවර 10) |
කිම් හියුස් 27* (40) කොර්නේලියස් හෙන්රි 2/27 (ඕවර 10) |
1979 ජුනි 16 ලකුණු පුවරුව |
එ |
||
ග්රැහැම් ගූච් 33 (90) මජිඩ් ඛාන් 3/27 (ඕවර 12) |
ආසිෆ් ඉක්බාල් 51 (104) මයික් හෙන්ඩ්‍රික් 4/15 (ඕවර 12) |
කණ්ඩායම | ත | ජ | ප | විනැ | ශුලවේ | ප්රල |
---|---|---|---|---|---|---|
බටහිර ඉන්දීය කොදෙව් | 3 | 2 | 0 | 1 | 3.93 | 10 |
නවසීලන්තය | 3 | 2 | 1 | 0 | 3.55 | 8 |
ශ්‍රී ලංකාව | 3 | 1 | 1 | 1 | 3.56 | 6 |
ඉන්දියාව | 3 | 0 | 3 | 0 | 3.13 | 0 |
1979 ජුනි 9 ලකුණු පුවරුව |
එ |
||
ගුන්ඩප්පා විශ්වනාත් 75 (134) මයිකල් හෝල්ඩින් 4/33 (ඕවර 12) |
1979 ජුනි 9 ලකුණු පුවරුව |
එ |
||
1979 ජුනි 13, 14, 15 ලකුණු පුවරුව |
එ |
||
1979 ජුනි 13 ලකුණු පුවරුව |
එ |
||
සුනිල් ගවස්කාර් 55 (144) බ්‍රයන් මැක්කේනි 3/24 (ඕවර 12) |
බෲස් එඩ්ගර් 84* (167) මොහින්දර් අමරනාත් 1/39 (ඕවර 12) |
1979 ජුනි 18 ලකුණු පුවරුව |
එ |
||
සුනිල් වෙත්තමුනි 67 (120) මොහින්දර් අමරනාත් 3/40 (ඕවර 12) |
1979 ජුනි 16 ලකුණු පුවරුව |
එ |
||
ක්ලයිව් ලොයිඩ් 73* (80) ජෙරමි කෝනි 2/40 (ඕවර 12) |
රිචඩ් හැඩ්ලි 42 (48) ඇන්ඩි රොබට්ස් 3/43 (ඕවර 12) |
1979 ජුනි 20 ලකුණු පුවරුව |
එ |
||
ගෝර්ඩන් ග්‍රිනිජ් 73 (107). ආසිෆ් ඉක්බාල් 4/56 (ඕවර 11) |
සහීර් අබ්බාස් 93 (122) කොලින් ක්‍රොෆ්ට් 3/29 (ඕවර 11) |
1979 ජුනි 20 ලකුණු පුවරුව |
එ |
||
ග්රැහැම් ගූච් 71 (84) බ්‍රයන් මැක්කේනි 2/46 (ඕවර 12) |
ජෝන් රයිට් 69 (137) මයික් හෙන්ඩ්‍රික් 3/55 (ඕවර 12) |
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීමට එංගලන්ත කණ්ඩායමේ තීරණය විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුළු ලකුණු 99 කට කඩුලු 4 ක් බිඳ වැටුනු අතර, ග්රීන්ඩ්ජ්, හේන්ස්, කලිචරන් සහ නායක ක්ලයිව් ලොයිඩ් යන අය දැවීගිය ක්‍රීඩකයින් විය. කෙසේ වෙතත්, විවියන් රිචර්ඩ්ස් (ලකුණු 138 ක් පන්දු 157 කින්, හතරේ පහර 11, හයේ පහර 3) සහ කොලිස් කිං (පන්දු 66 කින් ලකුණු 86 යි, හතරේ පහර 10 යි, හයේ පහර 3 යි) ඉනිම ශක්තිමත් කළා. බටහිර ඉන්දීය කොදෙව් පිල 238/5 දී කොලිස් කිං ගේ දැවීයාමත් සමග ලකුණු 139 ක සබඳතාව අවසන් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 286 ක් රැස් කළේය.
ඉංග්‍රිසි පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබා ගත්හ. එහෙත් ආරම්භක පිතිකරුවන් වන මයික් බ්‍රේලි (පන්දු 130 කින් ලකුණු 64 ක්, හතරේ පහර 7 යි) සහ ජෙෆ් බෝයොකොට් (පන්දු 105 කදී ලකුණු 57 යි හතරේ පහර 3 යි) පසුව මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කලහ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවී ගිය පසු, ලකුණු වේගය ඉහළ ගොස් තිබිණි. ග්රැහැම් ගූච් ලකුණු 32 ක් ලබා ගත්තේය. කෙසේ වෙතත්, ගූච්ගේ දැවීයාම ලෝක කුසලාන ඉතිහාසයේ අතිශයින්ම විනාශකාරී බිඳවැටීම විය. එංගලන්තය අවසානයේ ඕවර 51 කදී සියළු දෙනා දැවී ලකුණු 194 ක් ලබා සිටියහ. විවියන් රිචර්ඩ්ස් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.
1979 ජුනි 23 ලකුණු පුවරුව |
එ |
||
විව් රිචඩ්ස් 138* (157) ෆිල් එඩ්මන්ඩ්ස් 2/40 (ඕවර 12) |
මයික් බ්‍රියර්ලි 64 (130) ජොයෙල් ගාර්නර් 5/38 (ඕවර 11) |
තරග | ක්‍රීඩකයා | කණ්ඩායම | ලකුණු |
---|---|---|---|
4 | ගෝඩන් ග්‍රිනිච් | බටහිර ඉන්දීය කොදෙව් | 253 |
4 | වීව් රිචඩ්ස් | බටහිර ඉන්දීය කොදෙව් | 217 |
5 | ග්රැහැම් ගුච් | එංගලන්තය | 210 |
4 | ග්ලේන් ටර්නර් | නවසීලන්තය | 176 |
4 | ජෝන් රයිට් | නවසීලන්තය | 166 |
තරග | ක්‍රීඩකයා | කණ්ඩායම | කඩුළු |
---|---|---|---|
5 | මයික් හෙන්ඩ්‍රික් | එංගලන්තය | 10 |
4 | බ්‍රයන් මැක්කේනි | නවසීලන්තය | 9 |
4 | අසීෆ් ඉක්බාල් | පකිස්තානය | 9 |
5 | ක්‍රිස් ඕල්ඩ් | නවසීලන්තය | 9 |
4 | මයිකල් හෝල්ඩිං | බටහිර ඉන්දීය කොදෙව් | 8 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.