නව සීලන්තය
From Wikipedia, the free encyclopedia
Remove ads
නවසීලන්තය දූපත් රටක් වන අතර, පැසිෆික් මුහුදේ මෙහි මුලික බිම් දෙකක් වන උතුරු දූපත හා දකුණු දූපත පිහිටා ඇත. මෙහි බොහෝ කුඩා දූපත් අතර ස්ටුවර්ට් දූපත, රනියුරා සහ චැතැම් දුපත් විශේෂ ස්ථානයක් ගනී. ස්වදේශී මයෝරි වරුන්ගේ භාෂාව වන්නේ අයෝට්යාරෝෂාය. නවසීලන්ත රාජධානියට තැන් දූපත්, නියු, ටොකෙලාඕ, රොස් අයත් වේ. නවසීලන්නය පිහිටියේ කි.මි. 2000 (සැතපුම් 1250) ගිණිකොණින් ඔස්ට්‍රේලියාවට, ටැස්මන් මුහුද හරහාය. එහි උතුරට වන්නට ඇති ලඟම අසල්වැසියන් වන්නේ කැලඩෝනියා, ෆීජි සහ ටොංගාය. නවසීලන්තය හුදෙකලා කාලසීමාව තුළ විශාල සත්ව ගහනයක් වන පක්ෂීන් වර්ධනයක් ඇති විය. සමහර සතුන්, පක්ෂීන් මිනිසුන්ගේ පැමිණීමත් සමඟ වඳ වී ගියේය. එහි ජනගහනයෙන් බහුතරයක් යුරෝපාසම්භවයක් සහිත පිරිසක් සහ ස්වදේශී මයොරි ජාතිකයන් සුළු පිරිසකගෙන්ද සමන් විතය. ආසියානු හා මයෝරි නොවන හොලිකේෂින්වරුන් ද විශේෂීත සුළු කොටසකි. පොදුවේ භාවිතා වන භාෂාව වන්නේ ඉංග්‍රීසිය. නවසීලන්තය දියුණු වු රටක් වන අතර, එය අන්තර්ජාතික වශයෙන් මානව සංවර්ධනය, ජීවන ම්ටටම, ජීවිතාපේක්ෂාව, සාක්ෂරතාව, අධ්‍යාපනය, සාමය, සෞභාග්‍යය, ආර්ථික නිදහස, ව්‍යාපාර යහපාලනය, දුෂණය අඩු බව, මාධ්‍ය නිදහස සහ සිවිල් වගකීම් හා දේශපාලන අයිතිය ඉතා ඉහළ මට්ටමක ඇත. එහි නගර ද ලෝකයේ රටවල් අතර ජීවත් විමට සුදුසුම නගර අතර වේ. එලිසබෙත් රැජිණ එහි පාලනය ගෙන යන අතර ඇය නවසීලන්තයෙන් පිට ජීවත් වන නිසා ඇය නියෝජනය කිරීමට ආණ්ඩුකාරවරයකු පත් කරගෙන සිටී. රැජින දේශ්පාලනිකව ස්වාධීන වන අතර, එදිනෙදා දේශපාලන කටයුතු ප්‍රජාත්‍රාන්තිකව තෝරාගත් නවසීලන්ත පාර්ලිමේන්තුව සහ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබේ.
![]() | මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. |
Remove ads
Remove ads
මූලාශ්‍ර
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads