1983 ක්‍රිකට් ලෝක කුසලානය
ක්‍රිකට් තරඟාවලිය / From Wikipedia, the free encyclopedia
1983 ක්‍රිකට් ලෝක කුසලානය (පෲඩෙන්ෂල් කුසලානය '83) යනු ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 3 වන සංස්කරණයයි. එය 1983 ජුනි 9 සිට 25 දක්වා එංගලන්තයේ සහ වේල්සයේ පැවති අතර එය ඉන්දියාව විසින් දිනා ගන්නා ලදී. මෙම අවස්ථාවට රටවල් අටක් සහභාගී විය. 1983 ලෝක කුසලානය තරඟාවලිය පුරාම විස්මයජනක සිද්ධි වලින් පිරී තිබුණි. එම කාලය තුළ හොඳින් ක්‍රීඩා නොකළ ඉන්දියාව සහ සිම්බාබ්වේ වැනි කණ්ඩායම් පිළිවෙලින් බටහිර ඉන්දීය කොදෙව් හා ඕස්ට්‍රේලියාව පරාජය කළහ. එංගලන්තය, පාකිස්තානය, ඉන්දියාව සහ තරගාවලියේ ප්‍රියතමයන් වන බටහිර ඉන්දීය කොදෙව් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. මූලික තරඟ සදහා කණ්ඩායම් හතර බැගින් කාණ්ඩ දෙකකට බෙදා සෑම රටක්ම තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සමග දෙවරක් ක්‍රීඩා කළහ. සෑම කාණ්ඩයකම ඉහළම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
1983 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය (පෲඩෙන්ෂල් ලෝක කුසලානය) | |
---|---|
ගොනුව:1983 Cricket WC.jpg | |
කාලය | 9 ජුනි – 25 ජුනි |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | ද්විත්ව රවුම් රොබින් සහ පිළිමළුන් පිටු දැකීම |
සත්කාරකත්වය | එංගලන්තය |
ශූරයන් | ඉන්දියාව (1 වන වරට) |
සහභාගීත්වය | 8 |
තරඟ | 27 |
පැමිණීම | 232,081 (එක් තරගයකට 8,596 ) |
වැඩිම ලකුණු | එංගලන්තය ඩේවිඩ් ගව්නර් (384) |
වැඩිම කඩුලු | ඉන්දියාව රොජර් බිනි (18) |
← 1979 1987 → |
මෙම තරඟ ඉනිමකට ඕවර 60 කින් සමන්විත වූ අතර සාම්ප්‍රදායික සුදු ඇඳුම් හා රතු බෝල වලින් ක්‍රීඩා කරන ලදී. ඔවුන් සියල්ලම දිවා කාලයේදී සෙල්ලම් කරන ලදී.