1987 ක්‍රිකට් ලෝක කුසලානය
ක්‍රිකට් තරඟාවලිය / From Wikipedia, the free encyclopedia
1987 ක්‍රිකට් ලෝක කුසලානය (අනුග්‍රාහක හේතූන් මත 1987 රිලයන්ස් කුසලානය ලෙස හැඳින්වේ) සිව්වන ක්‍රිකට් ලෝක කුසලානය විය. එය 1987 ඔක්තෝබර් 8 සිට නොවැම්බර් 8 දක්වා ඉන්දියාවේ සහ පාකිස්තානයේ පැවැත්විණි. එංගලන්තයෙන් පිටතදී පැවැත්වූ පළමු තරඟාවලිය මෙයයි. සියලුම එක්දින තරග සඳහා වර්තමාන ප්‍රමිතිය වන කණ්ඩායමක් ක්‍රීඩා කළ ඕවර ගණන 60 සිට 50 දක්වා අඩු කිරීම හැර 1983 කණ්ඩායම් අටේ ආකෘතිය වෙනස් නොවීය.
Quick Facts 1987 ක්‍රිකට් ලෝක කුසලානය (රිලයන්ස් ලෝක කුසලානය), කාලය ...
1987 ක්‍රිකට් ලෝක කුසලානය (රිලයන්ස් ලෝක කුසලානය) | |
---|---|
කාලය | 1987 ඔක්තෝබර් 8 – 1987 නොවැම්බර් 8 |
පරිපාලක(යෝ) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ නොක්අවුට් |
සත්කාරකත්වය | ඉන්දියාව පකිස්තානය |
ශූරයන් | ඕස්ට්‍රේලියාව (1 වන වරට) |
සහභාගීත්වය | 8 |
තරඟ | 27 |
වැඩිම ලකුණු | ග්රැහැම් ගූච් (471) |
වැඩිම කඩුලු | ක්‍රේග් මැක්ඩර්මොට් (18) |
← 1983 1992 → |
Close
කොල්කටාහි ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඕස්ට්‍රේලියාව විසින් එංගලන්තය ලකුණු 7 කින් පරාජය කරමින් පළමු වරට ලෝක කුසලානය ජයග්‍රහණය කරන ලදී. අවසන් පූර්ව වටයේදී සත්කාරක රටවල් දෙක වන ඉන්දියාව සහ පාකිස්තානය පරාජයට පත්වීමෙන් පසුව අවසන් තරගයට පිවිසීමට අසමත් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අධියරෙන් ඉදිරියට ගියේ නැත.[1]