![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/17/MET_DP344347.jpg/640px-MET_DP344347.jpg&w=640&q=50)
ශිවගේ හිස
ක්‍රි.ව. 10වන සියවසේ වියට්නාමයේ නිර්මාණය වූ වැලිගල් ශිව ශීර්ෂය / From Wikipedia, the free encyclopedia
ශිවගේ හිස යනුවෙන් හැඳින්වෙන්නේ වැලිගල් පාෂාණයෙන් නිමවන ලද ශිව දෙවියන්ගේ ප්‍රතිමාවක හිස කොටසකි. මෙම ශිව දේව ප්‍රතිමා හිස ක්‍රි.ව. 10වන සියවසේ වියට්නාමයේ නිර්මාණය වූවකි. මෙම ප්‍රතිමාවේ උස සෙන්ටිමීටර 40ක් පමණ වේ. එහි පළල සෙන්ටිමීටර 21.9 වන අතර, සෙන්ටිමීටර 44.5 පමණ දිගින් යුක්ත වේ. හින්දු ආගමේ ප්‍රධාන දෙවිවරුන් තිදෙනාගෙන් අයෙකු ලෙස ශිව සැලකේ. ශිව, විෂ්ණු සහ බ්‍රහ්ම යන ත්‍රිත්ව දෙවිවරුන් එක්ව ගත් විට ත්‍රිමූර්තිය ලෙස හැඳින්වේ. මෙම දෙවිවරුන් තිදෙනා විශ්වයේ ශ්‍රේෂ්ඨතම දෙවිවරුන් තිදෙනා බවත්, විශ්වයේ නිර්මාතෘවරුන් ලෙසත් හින්දු පුරාණෝක්තිවේදයේ පිළිගැනේ. මෙවන් ආකාරයේ වැලිගලින් නිර්මාණය කරන ලද ශිව ප්‍රතිමා මධ්‍යම සහ දකුණු වියට්නාමයේ චම්ස් රාජධානි යුගයේ හින්දු දේවාලවල සුලබව දක්නට ලැබිණි. [1]