ද්වාරය:විද්‍යා ප්‍රබන්ධ
From Wikipedia, the free encyclopedia
![]() | Portal maintenance status: (2023 දෙසැම්බර්)
|
හැඳින්වීම
විද්‍යා ප්‍රබන්ධ වශයෙන් හැඳින්වෙන්නේ නවීන විද්‍යාත්මක පරිකල්පනයන් රසවත් කථාන්දර ලෙසින් ඉදිරිපත් කිරීම තුළින් බිහි ව ඇති සාහිත්‍යය යි. මෙහි දී බොහෝ විට විද්‍යාවේ සහ තාක්ෂණයේ විස්මයජනක අනාගත වර්ධනයන්, අභ්‍යවකාශ තරණය (space exploration), වෙනත් ග්‍රහලෝක පද්ධති ජනාවාස කිරීම (space colonization), දුරස්ථ ග්‍රහලෝකවල පැවතිය හැකි බුද්ධිමය ජීවීන් (extraterrestrial/alien life), කාලතරණය (time travel), සමාන්තර විශ්ව (parallel universes) වැනි පවතින අනාගතවාදී (futurism) සහ විද්‍යාත්මක තේමා ඇසුරු කරගනිමින් කථා ලියැවෙනු දැකිය හැකි ය.
මෙම සාහිත්‍ය විසින් විද්‍යාත්මක සහ තාක්ෂණික නව සොයාගැනීම් පිළිබඳ පරිකල්පනයන් නැතිනම් අනාවැකි ඉදිරිපත් කිරීම මෙන් ම ඒ ආශ්රිත ව සමාජය මුහුණ දිය හැකි අභියෝග පිළිබඳ ව සාකච්ඡා කිරීම ද සිදු වේ. ඓතිහාසික ව ගත්විට විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය අද දවසේ යතාර්ථයක් ව ඇති ඇතැම් විද්‍යාත්මක නිපැයුම් පිළිබඳ සාර්ථක අනාවැකි ඉදිරිපත් කිරීමට ද සමත් වී ඇති අතර වත්මන් සමාජයේ පවතින විෂමතා ආදිය පිළිබඳ විවේචන සහ ඒවාට විකල්ප ඉදිරිපත් කිරීමට ඇතැම් ලේඛකයන් විසින් යොදාගෙන තිබේ.
තෝරාගත් ලිපි
- Image 1විසිවැනි ශතවර්ෂයේ මැද භාගයේ, අතළොස්සක් විද්‍යාඥයෝ බුද්ධිමත් උපකරණ නිපදවීමට නව පිවිසුම් මාර්ගයක් ආරම්භ කළහ. එය, ස්නායු විද්‍යාෙව් නූතන සොයාගැනීම්, තොරතුරුවල නව ගණිතමය සිද්ධාන්ත, යන්ත්‍රවල හා ජීවීන්ගේ සන්නිෙව්දනය හා ස්වයංක්‍රීය පාලන ක්‍රම පිළිබඳ විද්‍යාවේ පාලනය හා ස්ථායීතාවය පිළිබඳ අවබෝධය, සහ ඒ සියල්ලටම වඩා ගණිතානුකූල තර්කනයෙන් උපුටා ගත් හරය මත රඳා පවතින උපකරණය, සංඛ්‍යාංක පරිගණකය සොයා ගැනීම මත රඳා පැවතුණි.
1956 ගිම්හාන සෘතුෙව් , ඩාට්මවුත් විද්‍යාලයේ සරසවියේ පැවති සම්මන්ත්‍රණයකදී නව කෘත්‍රීම බුද්ධි පර්යේෂණ ක්ෂේත්රය සොයා ගැණුනි. එයට සහභාගී වූඅය දශක කිහිපයක් ගත වන තුරු කෘත්‍රීම බුද්ධි පර්යේෂණවල මූලිකයන් බවට පත් විය. මැසචු -සෙට්ස් තාක්ෂණික ආයතනය, දේවස්ථාන මිෂනාරි සමිතිය හා ස්ටැන්ෆර්ඩ් හි කෘත්‍රීම බුද්ධි විද්‍යාගාර පිහිට වූ ජෝන් මැකාති, මර්වින් මින්ස්කි , ඇලන් නිවෙල් සහ හර්බට් සයිමන් ඒ අතරින් විශේෂ ෙව්. ඔවුන් හා ඔවුන්ගේ සිසුන් ලියූ වැඩසටහන්, බොහෝ මිනිසුන් සැකයක් නැතිව හුදෙක් මවිතයට පත් කරන සුළු විය. පරිගණක , වීජ ගණිතයේ වචන හරඹ විසඳමින් , තර්කානුකූල න්‍යායයන් සාධනය කරමින්, හා ඉංග්‍රීසියෙන් කතා කරමින් සිටියහ. 60 දශකයේ මැද භාගය වන විට ආරක්ෂාව පිළිබඳ ඇමෙරිකානු දෙපාර්තම්නේතුව විසින් ඔවුන්ගේ පර්යේෂණවලට විශාල ලෙස මුදල් සපයන ලදී. ඔවුහු නව ක්ෂේත්රයේ අනාගතය පිළිබඳ සර්ව ශුභවාදී වූහ. (තව දුරටත්...) - Image 2
ඇපලෝ 12 චන්ද්‍ර ගවේෂණ මොඩියුලය සද මතුපිට දෙසට ගොඩ බෑමට සුදානම් වෙයි. නාසා ඡායාරූප
සෝවියට් සංගමය විසින් අභ්‍යාවකාශගත කෙරුණු, අභ්‍යාවකාශ ගවේෂකයක් වූ ලූනා 2 1959 සැප්තැම්බර් 14 වන දනදී සඳෙහි පාෂ්ඨය මත ගැටුම් පතනය වීමත් සමගම චන්ද්‍ර ගවේෂණය භෞතික ලෙසින් ඇරඹිනි. එයට පෙර ගවේෂණය සඳහා පැවති එකම විධික්රමය වුයේ නිරීක්ෂණය පමණි. ප්‍රකාශ දුරේක්ෂයේ සොයාගැනීමත් සමගම චන්ද්‍ර නිරික්ෂණයන්හී තත්ත්වය පිලිබඳ යෝධ පිමිමක් පැනීමට හැකි විය. තාරකා විද්‍යාත්මක කටයුතු සදහා දුරේක්ෂ්යක් භාවිතා කල පළමු වැන්නා ලෙස ගැලීලියෝ ගැලීලි සම්මාන ලබයි. ඔහු විසින් 1609 දී සාදා ගන්නා ලද දුරේක්ෂය මගින් පළමුව නිරීක්ෂණය කරන ලද දේවල් අතරට චන්ද්‍ර පෘෂ්ඨය මත වු කඳු සහ ආවාට අයත් විය.
1969 දී නාසාහී ඇපලෝ ව්‍යාපෘතිය විසින් ප්‍රථම වරට සඳ මතට සාර්ථකව මිනිසුන් ගොඩ බස්වන ලදී. ඔවුන් එහිදී විද්‍යාත්මක පර්යේෂණ සිදු කොට පාෂෘණ හා දත්ත නැවත රැගෙන එන ලද අතර ඒවා ආශ්රයෙන් ඇඟවූයේ චන්ද්‍රයා සංයුතියෙන් පෘථිවියට සමරූපී බවයි. (තව දුරටත්...) - Image 3
- Image 4
නැනෝ ප්‍රමාණ පිළිබද සංසන්දනයක්
නැනෝ තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, පරීක්ෂණ වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්රයකි. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මෙය නිසා ලොව පුරාම විශාල වෙනසක්, පුදුම සහගත පෙරළියක් සිදුවෙතැයි සියළු දෙනා බලාපොරොත්තු වෙති.
ගල් යුගයෙන් අරඹා, ගින්දර සොයාගෙන, රෝදය නිෂ්පාදනය කර, ක්‍රම ක්‍රමයෙන් දියුණු වී ලෝහ සොයා ගැනීමත් සමඟ කෘෂි කර්මාන්තයේ හා අනෙකුත් ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් සිදු විය. ඉන් පසු කාර්මික විප්ලවය සමඟ තවත් නව සොයා ගැනීම්, දියුණු කිරීම් සිදු විය.
මේ එම කාර්මික විප්ලවයේ ඊළඟ අදියරයි, නැනෝ තාක්ෂණය හරහා සිදු වීමට යන දියුණුව.නැනෝ යනු "අගුටුමිටි" යන අදහස දෙන වචනයකි.
නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙයින්මාන් නම් භෞතික විද්‍යාඥයා හරහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේය.
කුඩා බව, වේගවත් බව හා ලාභදායිකම නිසා නැණෝ තාක්ෂණය ලොව පුරා ජනප්‍රියව පවතී. නැණෝ මීටරය එහි වූ මිණුම් දණ්ඩයි. (තව දුරටත්...) - Image 5
මෙහි දැක්වෙන්නේ ලෝක චෙස් ශූරයෙකුට එරෙහිව ප්‍රථම වරට චෙස් තරඟයක් ජයග්‍රහණය කළ යන්ත්‍රය වන ඩීප් බ්ලූ නම් පරිගණකයයි.
කෘතිම බුද්ධිය යනු:-
යන්ත්‍ර හා සම්බන්ධ වු බුද්ධිමත් ක්‍රියාකාරීත්වය මෙන්ම එවන් ක්රියාකාරීත්වයක් ඇති කිරීම සදහා ක්‍රියාත්මක වන විද්‍යාක්ෂේත්‍රය හැදින්වීමට ද යෙදෙන පදයකි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට විද්‍යා ප්‍රබන්ධ සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
- Image 1H. G. Wells (from විද්‍යා ප්‍රබන්ධ)
උප ප්‍රවර්ග
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikibooks-logo.svg/25px-Wikibooks-logo.svg.png)
කොමන්ස්
මාධ්‍ය
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/18px-Commons-logo.svg.png)
විකිනිව්ස්
පුවත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Wikinews-logo.svg/46px-Wikinews-logo.svg.png)
විකික්වෝට්
කියමන්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikiquote-logo.svg/21px-Wikiquote-logo.svg.png)
විකිසෝර්ක්
මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4c/Wikisource-logo.svg/24px-Wikisource-logo.svg.png)
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/Wikiversity-logo.svg/31px-Wikiversity-logo.svg.png)
වික්ෂනරි
අර්ථ දැක්වීම්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ec/Wiktionary-logo.svg/25px-Wiktionary-logo.svg.png)
විකිඩේටා
දත්ත ගබඩාව
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/ff/Wikidata-logo.svg/45px-Wikidata-logo.svg.png)