පිටසක්වල ජීවීන්
From Wikipedia, the free encyclopedia
පිටසක්වල ජීවින් යනු පෘථිවිය හැර විශ්වයේ වෙනත් ස්ථානවල ජීවත් වෙතැයි සැළකෙන උපකල්පිත ජීව විශේෂයන් ය. සරල ප්රාග් න්‍යෂ්ටික ජීවින්ගේ සිට මිනිසා තරම් හෝ ඊට වඩා බුද්ධිමත් ජීවින් විශ්වය තුල සිටීමට ඉඩ ඇත. ක්ෂීරපථය තුල ජීවත්වන බුද්ධිමත් ජීව විශේෂයන් ගණන තක්සේරු කිරීම සඳහා ඩ්‍රේක් සමීකරණය යොදාගැනේ. පිටසක්වල ජීවය ගැන සොයන විද්‍යාව තාරකා ජීව විද්‍යාව ලෙස හැඳින්වේ.
20 වන ශත වර්ෂයේ මැද භාගයේ සිටම පිටසක්වල ජීවය ඇත්දැයි සෙවීම සඳහා සක්‍රීයව පර්යේෂන සිදු කෙරුනි. පිටසක්වල ජීවින් (විශේෂයෙන්ම පිටසක්වල බුද්ධිය) ගැන සංකල්පය මිනිසාගේ සංස්කෘතියට විශාල බලපෑමක් එල්ල කර ඇත. වසර ගණනාවක් පුරා විද්‍යා ප්‍රබන්ධ මගින් පිටසක්වල ජීවීන් විවිධාකාරයෙන් දක්වා ඇත. පිටසක්වල ජීවය සමග සන්නිවේදනය කිරීමට උත්සාහ කිරීම ප්‍රඥාවන්ත ක්‍රියාවක්ද යන්න දැඩි ලෙස විවාදයට ලක්වන කරුණකි. එක් පාර්ශවයක් පිටසක්වල ජීවින් සමග කෙසේ හෝ සම්බන්ධයක් ඇති කර ගත යුතු යැයි පවසන අතර අනෙක් පාර්ශවය තර්ක කරනුයේ පිටසක්වල ජිවින්ගේ අවධානය පෘථිවියට ලබාගැනීම අනතුරුදායක විය හැකි බවයි. තාක්ෂණිකව දියුණු මිනිස් සමාජයන් වීසින් නොදියුණු සමාජයන් විනාශයට පත් කළ ආකාරයටම, දියුණු පිටසක්වල ශිෂ්ඨාචාරයක් ද මිනිසුන්ට සළකනු ඇතැයි ඔවුන් හේතු දක්වති.