නාසා ලෙස කෙටියෙන් හැඳින්වෙන ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය යනු එක්සත් ජනපද ආණ්ඩුවෙහි ජාතික පොදු අභ්‍යාවකාශ වැඩසටහන් සඳහා වගකිව යුතු ඒජන්සියයි. ජාතික ගගන යාත්‍රා හා අභ්‍යාවකාශ පනත මඟින් 1958 ජූලි 29 වනදා නාසා ආරම්භ කරන ලදී.

Quick Facts ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය, Agency overview ...
ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය
Thumb
නාසා නාසා ආයතනයේ මුද්‍රාව
Thumb
නාසා ආයතනයේ ලාංඡනය
ආදර්ශ පාඨය: සියල්ලෙහිම යහපත උදෙසා
Thumb
නාසා නාසා ආයතනයේ කොඩිය
Agency overview
ආරම්භ කරේ ජූලි 29, 1958 (1958-07-29) (66 year ago)
පුරෝගාමී ඒජන්සිය NACA
පාලනය එක්සත් ජනපද ආණ්ඩුව
මූලස්ථාන වොෂින්ටන්, ඩී.සී
38°52′59″N 77°0′59″W
සේවකයන් 18,800+
වාර්ෂික අයවැය US$ බිලියන 17.6 (FY 2009)
ඒජන්සි විධායකයන් චාර්ලස් බෝල්ඩන්, පරිපාලක
ලෝරි ගාර්වර්, උප ප්‍රධාන පරිපාලක
වෙබ් අඩවිය
NASA.gov
Close

අභ්‍යාවකාශ වැඩසටහන්වලට අමතරව එය දීර්ඝ කාලීන සාමාජීය හා යුධමය අභ්‍යාවකාශ පර්යේෂණ සඳහා ද වගකීම් දරයි. 2006 පෙබරවාරි මස සිට නාසාහි තමන් හඳුන්වා ගන්නා මෙහෙයුම් වාක්‍ය වන්නේ අභ්‍යාවකාශ ගවේෂණය, විද්‍යාත්මක සොයා ගැනීම්වලින් හා ගගන යාත්‍රා පිළිබඳ පර්යේෂණවලින් අනාගත පුරෝගාමීන් වීම යන්නයි.

නාසාහි ආදර්ශ පාඨය වන්නේ “සියල්ලෙහිම යහපත උදෙසා” යන්නයි. නාසාහි අධ්‍යාපනය පිළිබඳ කාර්යාලයේ ආදර්ශ පාඨය වන්නේ Shaping the Future: Launching new endeavors to inspire the next generation of explorers.

National Aeronautics and Space Administration යනු නාසා යන්නෙහි දීර්ඝ නාමයයි. මෙයින් NASA යන නාමය සැකසී ඇත්තේ National යන කොටසින් “N” අකුරද, Aeronautics යන කොටසින් “A” අකුරද, Space යන කොටසින් “S” අකුරද, Administration යන කොටසින් “A” යන අකුරද එකතු වීමෙනි.

කාර්යභාරය

මිනිසා විසින් කිසියම් සංවිධානයක් හෝ ආයතනයක් පිහිටුවා ගනු ලබන්නේ කිසියම් අරමුණක් හා කාර්යභාරයක් සිදු කිරීමට ඇප කැප වීමෙනි. නාසා ආයතනයද එවැනි විශාල කාර්ය භාරයක් සිදු කිරීමට ඇප කැප වී සිටී. එම ආයතනයේ ප්‍රධානම කාර්යභාරය ලෙස නම් කොට ඇත්තේ ඇමරිකානු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අභ්‍යවකාශය පිළිබඳ ගවේෂණවලට සහයදීම සහ ඔවුන්ගේ සන්නිවේදන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවලට සහය දීමත්ය.

පාලනය

කිසියම් ආයතනයක් හෝ සංවිධානයක් පාලනය කරනු ලබන්නේ කිසියම් පුද්ගලයෙකු හෝ තවත් එවැනිම මව් ආයතනයක් මගිනි. නාසා ආයතනයෙහි ප්‍රධානතම පාලකයා ලෙසට කටයුතු කරනු ලබන්නේ ඇමෙරිකානු ජනාධිපති- වරයාය. මෙම ආයතනය මගින් ක්‍රියාත්මක කරන සියලුම අභ්‍යවකාශ ව්‍යාපෘතිවලට අවශ්‍ය මිල මුදල් හා උපකරණ සපයා දෙමින් ජනාධිපතිවරයා නාසාහි පාලන කටයුතුවලට සෘජුවම මැදිහත් වේ. නාසා ආයතනයට අයත් විවිධ අංශ ගුවන් හා අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ කාර්යාලය, ජීව විද්‍යාව හා ඒ පිළිබඳ අධ්‍යයන කටයුතු පිළිබඳ කාර්යාලය, පෘථිවි කටයුතු සොයා බැලීමේ කාර්යාලය, අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ කාර්යාලය, අභ්‍යවකාශ යානා පිළිබඳ කාර්යාලය, ජෝන්. එෆ්. කෙනඩි මධ්‍යස්ථානය, ගොඩාර්ඩ් මධ්‍යස්ථානය, හුස්ටන්හි ලින්ඩන් බි. ජොන්සන් මධ්‍යස්ථානය සහ ජෝර්ජ් ඩී. මාෂල් මධ්‍යස්ථානය යනු නාසා ආයතනයට අයත් විවිධ අංශ වේ.

ඉතිහාසය

නාසා ආයතනය උපත ලැබුවේ 1958 දී ඇමෙරිකාවේදීය. එම ආයතනය උපත ලැබිමට තුඩු දුන් ප්‍රධානතම හේතුව වූයේ එකල සෝවියට් දේශයත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර පැවති අභ්‍යවකාශ තරගයයි. නාසා ආයතනය ඇරඹී මුල් අවධියේදී එයට රාජ්‍ය අනුග්‍රහය නොලැබිණි. පසුව එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයාව සිටි ජෝන්. එෆ්. කෙනඩි නාසා ආයතනය වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වැය කළේය. ඔහුගෙන් පසුව ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූ සියලුම පුද්ගලයින් නාසා ආයතනය සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදුන්නේය. මේ මගින් නාසා ආයතනයේ කටයුතු දියුණු කිරීමට ඔවුන් කටයුතු කරන ලදී.

වෙනත් විස්තර

කිසියම් අභ්‍යවකාශ යානයක් ගුවන් ගතවීමත් සමගම ජනමාධ්‍ය තුළින් වැඩි වශයෙන්ම ප්‍රචාරය වන්නේ නාසා නමැති නාමයයි. දැනට අභ්‍යවකාශය පිළිබඳ මිනිසා දැනසිටින තොරතුරු සංඛ්‍යාවන් වැඩිම ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ නාසා ආයතනය විසිනි. වර්තමාන ලෝකය තුළ නාසා ආයතනය වැනි තවත් ආයතන විශාල සංඛ්‍යාවක් පිහිටා තිබුණද ඒවා අතරින් වැඩිම ධනස්කන්දයක් හිමි ආයතනය ලෙස වරම් ලබා ඇත්තේද නාසා ආයතනයයි.

බාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.