ප්‍රකාශ දුරේක්ෂයක් යනු, සෘජු නැරඹීම හෝ, ඡායාරූපයක් නිමැවීම හෝ, ඉලෙක්ට්‍රොනික රූප සංවේදකයන් මගින් දත්ත රැස්කිරීම හෝ සඳහා විශාලිත ප්‍රතිබිම්බයක් නිර්මාණය කරනු වස්, විද්‍යුත්චුම්බක වර්ණාවලියේ , ප්‍රධාන වශයෙන් දෘශ්‍ය කොටස වෙතින් ආලෝකය එක්රැස්කිරීම සහ නාභි ගත කිරීම සඳහා භාවිත වන දුරේක්ෂයකි.

Thumb
චැබෝ අභ්‍යාවකාශ සහ විද්‍යා කේන්ද්‍රයෙහි පිහිටි අඟල්-අටක ප්‍රමාණයේ පරාවර්තක දුරේක්ෂය

ප්‍රාථමික වශයෙන් ප්‍රකාශ දුරේක්ෂ වර්ග තුනක් ඇත:

  • කාච භාවිත කරන පරාවර්තක (ආලෝකවර්තන විද්‍යාව)
  • දර්පණ භාවිතා කරන පරාවර්තක (දර්පණ විද්‍යාව)
  • කාච සහ දර්පණ වල සංකලනයක් භාවිතා කරන දර්පණ-කාච දුරේක්ෂ

දුරේක්ෂයක ආලෝක රැස්කිරීමේ බලය සහ කුඩා විස්තර විසර්ජන කිරීමේ හැකියාව, එහි අවනෙතෙහි (ආලෝකය එක්රැස් කරන සහ නාභිගත කරන ප්‍රාථමික කාචය හෝ දර්පණය) විෂ්කම්බය (හෝ විවරය) හා සෘජු සම්බන්ධතාවයක් දක්වයි. අවනෙත විශාලවන තරමට, දුරේක්ෂය විසින් වඩාත් ආලෝකය රැස් කර ගත හැකි වනු අතර සියුම්තර විස්තර එය විසින් විසර්ජනය කළ හැකි වනු ඇත.

නිරීක්ෂණ තාරකා විද්‍යාව, පක්ෂි විද්‍යාව, නියමුව සහ පූර්වේක්ෂණය, සහ ක්‍රීඩා හෝ රංගන කලා නැරඹීම සඳහා, ජනයා විසින් දුරේක්ෂ හෝ දෙනෙති හෝ භාවිතා කෙරෙයි.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.