ඛජුරාහෝ ස්මාරක සමූහය
From Wikipedia, the free encyclopedia
ඛජුරාහෝ ස්මාරක සමූහය යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි හින්දු සහ ජෛන දේවාල සමූහයකි. මෙය ජාන්සි ප්‍රදේශයේ සිට 175 km (සැත. 109) ගිනිකොනදිගින් පිහිටයි. මේවා ඉන්දියාවේ යුනෙස්කෝ ලෝක උරුම අඩවි අතුරින් එකකි.[1][2] මෙම දේවාල ඒවායේ නගර-ආරේ ගෘහනිර්මාණ ලක්ෂණ සහ ශෘංගාරාත්මක ප්‍රතිමා හේතුවෙන් ප්‍රචලිත ය.[3]
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
පිහිටුම | ඡතර්පූර්, මධ්‍ය ප්‍රදේශ්, ඉන්දියාව |
නිර්ණායකය | සංස්කෘතික: i, iii |
මූලාශ්‍ර | 240 |
අභිලේඛනය | 1986 (10වන සැසිය) |
ඛජුරාහෝ දේවාල බොහෝමයක් ක්‍රි. ව. 950 සහ 1050 අතර කාලයේ චන්දේල රාජවංශය විසින් ඉදිකළ දේවාල වේ.[4] ඓතිහාසික වාර්තා අනුව, 12වන සියවස වන විට ඛජුරාහෝ දේවාල භූමියේ වර්ග කිලෝමීටර 20ක භූමියක් පුරා පැතිරුණු දේවාල 85ක් පැවති බව සඳහන් වුව ද, ඉන් වර්තමානයේ දැකගත හැකි වන්නේ වර්ග කිලෝමීටර 6ක භූමියක පැතිරි දේවාල 20ක් පමණි.[2] මෙම ඉතිරිව ඇති දේවාල අතුරින් කන්දාරියා මහාදේව දේවාලය අතිශයින් විස්තරාත්මක ප්‍රතිමා රාශියකින් විසිතුරු කර ඇත්තේ ඉන්දීය කලාවේ මහිමය කියාපාමිනි.[5]
ඛජුරාහෝ දේවාල සමූහය එකට තනා තිබුණත්, ඒවා ප්‍රධාන ආගම් දෙකකට අයත් ඒවා වේ. එනම් හින්දු ආගම සහ ජෛන ආගමයි. මෙමගින් හින්දූන් සහ ජෛනයින් අතර තිබූ ආගමික විවිධත්වය හා පිළිගැනීම නිරූපණය වේ.[6]