![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/ba/Flag_of_Fiji.svg/langsi-640px-Flag_of_Fiji.svg.png&w=640&q=50)
ෆීජි
From Wikipedia, the free encyclopedia
නිල වශයෙන් ෆීජි සමුහාණ්ඩුව ලෙස හැඳින්වෙන ෆීජි දුපත් රාජ්‍යය දකුණු පැසිෆික් සාගරයේ මෙලනිශියාහි නවසීලන්ත උතුරු දිවයිනට නාවික සැතපුම් 1100 ( කි.මි. 2000; සැතපුම් 1300) ක් ඊශාන දිගින් පිහිටා ඇත. බටහිරින් වනුවාටු දිවයිනත් නිරිතදිගින් ප්‍රංශයේ නව කැලිඩෝනියාවත් ගිනිකොනින් නවසීලන්තයේ ක'මඩෙක් දිවයිනත් නැගෙනහිරින් ටොංගා දිවයිනත් ඊශාන දිගින් සැමෝවා, ප්‍රංශයේ වෝලස් සහ ෆුටුනා සහ උතුරින් ටුවාලු දිවයින් එහි ලඟම අසල්වැසියන් වේ. ෆීජි සමුහාණ්ඩුව දුපත් 332 කින් සමන්විත වන අතර ඉන් දුපත් 110 ක්ම ස්ථිර වාසය සඳහා යොදා ගැනේ. සමස්ථ භුමි ප්‍රදේශය වර්ග කිලෝමීටර 18,300ක (වර්ග සැතපුම් 7100) පමණ වන දුපත් 500කට අධික ප්‍රමාණයකින් සමන්විත වන මෙහි දුරස්ථම දූව "ඔනුයි ලාවෝ" වෙයි. ප්‍රධාන දිවයින් දෙක වන විටි ලවු සහ වනුව' ලවු හි ජනගහනය 850,000ක් පමණ වන අතර එය ජනගහනයෙන් 87% කි. අගනුවර සහ විශාලතම නගරය වන සුවා නගරය විටි ලවු හි පිහිටා ඇත. බහුතරයක් ෆීජි වාසින් විටි ලවු දුවෙහි වෙරළාශ්‍රිත සුවා නගරය සහ කුඩා නගරබද නාදි සහ ලවු'ටෝකා වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජිවත් වේ. විටි ලවු දූවෙහි කුඩා භූමි ප්‍රදේශය අධික ලෙස ජනාකීර්ණ වී ඇත. ඝන වනාන්තර ඛනිජ වර්ග සහ මත්ස්‍ය සම්පතින් පිරි ෆීජි සමුහාණ්ඩුව පැසිෆික් දුපත් සමුහයේ දියුණුතම ආර්ථිකයකට හිමිකම් කියයි. වර්තමානයේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ග වනුයේ සංචාරක කර්මාන්තය සහ සීනි අපනයන කර්මාන්තයයි.
ෆීජි කොදෙවු ජනරජය Matanitu Tu-Vaka-i-koya ko Viti | |
---|---|
උද්යෝග පාඨය: [Rerevaka na Kalou ka Doka na Tui] Error: {{Lang}}: text has italic markup (help) Fear God and honour the Queen | |
ජාතික ගීය: God Bless Fiji | |
![]() | |
අගනුවර | Suva |
විශාලතම නගරය | අගනගරය |
නිල භාෂා(ව) | English, Bau Fijian, and Hindi[1] |
ජාති නාම(ය) | Fiji Islander, Fijian |
රජය | හමුදා ජුන්ටාව මගින් පාලනය වන පාර්ලිමේන්තු ජනරජය |
• ජනාධිපති | Epeli Nailatikau |
• අගමැති | Frank Bainimarama |
• GCC Chairman | Ratu Epeli Nailatikau |
• Paramount Chief of Fiji | Queen Elizabeth II1 |
Independence from the United Kingdom | |
• Date | 10 October 1970 |
• Republic | 28 September 1987 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 18,274 km2 (7,056 sq mi) (155th) |
• ජලය (%) | negligible |
ජනගහණය | |
• 2009 ඇස්තමේන්තුව | 849,000[2] (156th) |
• ඝණත්වය | 46.4/km2 (120.2/sq mi) (148th) |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $3.850 billion[3] |
• ඒක පුද්ගල | $4,358[3] |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $3.060 billion[3] |
• ඒක පුද්ගල | $3,464[3] |
මාසද (2007) | ▼0.741 දෝෂය: අනීතික HDI අගය · 108th |
ව්‍යවහාර මුදල | Fijian dollar (FJD) |
වේලා කලාපය | UTC+12 |
• ගිම්හාන (DST) | UTC+13[4] |
රිය ධාවන මං තීරුව | left |
ඇමතුම් කේතය | 679 |
අන්තර්ජාල TLD | .fj |
|